🔴 වාහන මිල අඩුවෙනවා - මහ බැංකු අධිපති

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය


    ලබන වසර වන විට මෙරට වාහන මිල තවත් පහත ගොස් ස්ථාවර මට්ටමකට පත්වනු ඇති බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළකරයි.

    මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ ජූලි මාසයේ සිට වාහන ආනයනය සඳහා විවෘත කරන ලද ණයවර ලිපි ලේඛන හේතුවෙන් ආනයනය යම් ආකාරයකින් වැඩි වුවද වර්තමාන දත්ත අනුව එම ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති බවයි.

    ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලට සාපේක්ෂව මෙම පහත වැටීම කැපී පෙනෙන බව අධිපතිවරයා පෙන්වා දෙයි.

    ඒ සමඟම වාහන ආනයන මිල ද නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී අඩු වීගෙන යන බව ඔහු සඳහන් කළේය.

    මේ හේතුවෙන් වෙළඳපොළ යම්කිසි ස්ථාවරත්වයක් කරා ගමන් කරන බව ද අධිපතිවරයා ප්‍රකාශ කළේය.

    මහ බැංකුව වසර මුලදී සමස්ත වාහන ආනයන සඳහා ඩොලර් බිලියන 1.2ක ඇස්තමේන්තුවක් සකස් කර තිබුණි.

    අධිපතිවරයාගේ පුරෝකතනය වන්නේ මේ වන විට පෙන්නුම් කළ ඉල්ලුම සම්පූර්ණ වී අවසන් බැවින් මෙම ඉල්ලුම අඩු වීගෙන යන බවයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මුදල් ගෙවා ප්‍රචාරය කරපු එකක්ද කොහෙද. හදිසිම ඕන කමක් නැත්තන් මේ tax rate වලට සේල් වලින් පාඩු පිට වික්කත් ගන්න එපා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අනිවාර්‍යෙන් වෙන්න ඕනිනෙ. 150 කට වගේ හොඳ වාහනයක් ගන්න පුලුවන්. මෙහෙ උන් හන්කඩ මගුල් ගිනි ගනන් කියන්නෙ. විකිනෙන්නෙත් නෑ. මම save කරලා තියන් හිටිය ads ටිකක් තිබ්බා. ඒවා නෑ. මම හිතුවා විකිනිලා කියලා. නෑ උන් ads delete කරගෙන 🥲
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ඇත්තටම බන් ඔය දීලා තියනවා කියන පර්මිට් ටිකට වාහන ගේන්න දෙන්න ඕන බන්. එතකොට අනිවාර්යෙන් සෙකන්ඩ් හෑන්ඩ් මිල තව අඩු වෙනවා
    මොකද පර්මිට් තියන එවුන් ලඟ තියන වාහන කීයට හරි දීලා ඉක්මනට අලුත් වාහනයක් ගන්න හදන නිසා.