-
-
-
ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වූ මොහොමඩ් ඉල්යාස් අභාවප්රාප්ත වී තිබේ.
ඔහු මිය යන විට 79 වන වියේ පසු විය.
හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් තිබේ.
චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස ද මොහොමඩ් ඉල්යාස් කටයුතු කර තිබිණි.
