පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සොයා අදත් (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුගේ නිවෙස් වෙත ගියද හිටපු අමාත්‍යවරයා සොයාගත හැකි වූයේ නැත.
සුදුවෑන් මගින් පුද්ගලයන් පැහැරගැනීම් සිදුකළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
එමෙන්ම එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ පුද්ගලයින් දෙදෙනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව පසුගිය අඟහරුවාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.
අධිකරණ වරෙන්තුවද රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (25) රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට සහ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රෙද්ශයේ පිහිටි නිවසට ගියද ඔහු නිවෙස්වල නොසිටි බැවින් ඔවුන් එම ස්ථානවලින් පිටව ගියේය.
මෙවැනි පසුබිමක තමන්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නීතීඥවරුන් මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වරෙන්තුව නීතිවිරෝධීව ලබාගෙන ඇති බව දක්වමින් , වරෙන්තුව ආපසු කැඳවීමට කරුණු දැක්වීම සඳහා එම නඩුව අද දිනයේ කැඳවන ලෙස සේනාරත්න මහතාගේ නීතීඥයින් එම මෝසමෙන් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත් එලෙස ගොනු කර තිබූ මෝසම අද පස්වරුවේ ඉවත් කරගැනීමට රාජිත සේනාරත්න මහතාගේ නීතීඥයින් යළි පියවර ගෙන තිබූණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ යළිත් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණි අතර පැයක පමණ කාලයක් එහි රැඳී සිටි නිලධාරීන් ඉන් පිටව ගියේය.
එමෙන්ම පසුව හිටපු අමාත්‍යවරයාගේ නිවසේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් රැඳී සිටින අයුරුද දක්නට ලැබුණි.

Last edited: