🔴BREAKING NEWS

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොලබින් බැහැර පලමු රෝගීයා මාතලේ නාවුලින් හදුනා ගැනේ - මාලු වෙලදාමේ නියුතු පුද්ගලයෙකි. - නිල නොවන මට්ටමින් නිකුත් වූ ප්‍රතිඵලයකි :baffled:

    Confirmed!
    නාඋලින් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

    මීට සුළු මොහොතකට පෙර නාඋල පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වු බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

    නාඋල පිහිටි මාළු වෙළදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියා සිටියේය.

    සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා කියා සිටියේ හෙට දිනයේදී (25) ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට නියමිත බවයි.

    නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලිසිය, මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල හා ප්‍රාදේශිය සභාව එකාබද්ධව නිරෝධායන කටයුතු සංවිධාන කරන බවත්, නාඋල නගරයේ සෞඛ්‍ය ආරක්ෂණ විධි ක්‍රියාත්මක කිරිම සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    Source: http://www.lankadeepa.lk/latest_news/නාඋලින්-පළමු-කොරෝනා-රෝගියා-වාර්තා-වෙයි/1-581076
     
    • Wow
    Reactions: charitha2011