🕳️🌌✨ ක්ෂීරපථය මන්දාකිණියෙහි මධ්‍යයයට ආසන්නයෙන් ඇති, ආරුක්කුමය ස්වභාවයක් ගත් රේඩියෝ ව්‍යුහය: "The Galactic Center Radio Arc" ✨🌌🕳️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,144
    113
    XIEOueT.jpg



    දිනය: 2023 අප්‍රේල් 03
    අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි මධ්‍යයයට ආසන්නයෙන්, මන්දාකිණි තලයට සමාන්තරව විහිදුණු, විද්‍යුත් චුම්බක විකිරණයක් වන රේඩියෝ තරංගයන්ගෙන් සැදුම් ලත් සූත්‍රිකාමය ව්‍යුහයක් පහත දැක්වෙන රේඩියෝ ඡායාරූපයෙන් (radio image) නිරූපණය කෙරේ. "Galactic Center Radio Arc" ලෙස හදුන්වන මෙම ව්‍යුහය ක්ෂීරපථය මන්දාකිණියෙහි මධ්‍යයය සමග 'Arches', එනම් 'ආරුක්කු' යන නමින් හදුන්වන අසාමාන්‍ය ආකාරයේ වක්‍රතාවයන්ගෙන් යුක්ත වූ සූත්‍රිකාවන් මගින් සම්බන්ධ වී ඇත. මෙම ඡායාරූපයෙහි පහළ දකුණුපස කෙළවරෙහි දිස්වන දීප්තිමත් රේඩියෝ ව්‍යුහය (radio structure) මගින් ක්ෂීරපථය මන්දාකිණිය මධ්‍යයයේ ඇති "supermassive black hole" ගණයට අයත් දැවැන්ත කළු කුහරය නිරූපණය කෙරෙන අතර මෙම කළු කුහරය "Sagittarius A*" යන නමින් හදුන්වනු ලබයි.

    මෙම රේඩියෝ ආරුක්කුව (Radio Arc) හා අනෙකුත් රේඩියෝ ආරුක්කුවල (Radio Arches) පවතින ජ්‍යාමිතික ව්‍යුහයෙහි ස්වභාවයන්ගේ ප්‍රභවයන් සිදුවූ අයුරු පිළිබදව පැහැදිලි කෙරෙන උපකල්පනයන් කිහිපයක්ම විද්‍යාඥයන් විසින් මේ වනවිට ඉදිරිපත් කර තිබේ. එම උපකල්පනයන් අතරින් එක් උපකල්පනයක් මගින්, එම වයුහයන් තුළ නියත චුම්භක ක්ෂේත්‍රයකට අයත් රේඛාවන් ඔස්සේ ගලා යන උණුසුම් ප්ලාස්මා (plasma) අඩංගු වී තිබීම මීට හේතු වී ඇති බව ඉදිරිපත් කොට තිබේ. නාසා'හි "Chandra X-ray Observatory" නම් වූ අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපයන් මගින් මෙම ප්ලාස්මාවන්, ඒ අවට වූ ශීත වායු වළාවන් සමග ගැටීම සිදුවන අයුරු ද පෙන්නුම් කොට තිබේ.

    Image Credit: Ian Heywood (Oxford U.), SARAO;

    GalCenRadioArc_MeerKat_1080.jpg

    The nature and origin of the Galactic center radio arc: a VLA Faraday study

    Galactic Center

    New MeerKAT radio image reveals complex heart of the Milky Way

















    Sagittarius A* (Black Hole)

    Chandra X-ray Observatory


     
    Last edited: