🕵️ උගන්ඩාවේ සැගවූ ධනය ගේන්න පොටක් පෑදෙයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය


    දුෂණයෙන් උපයාගත් බවට සැළකෙන විදේශිය රටවල පවතින වත්කම් නැවත පවරා ගැනීම සඳහා වු ක්‍රියාදාමයකට අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ උසස් නිලධාරීන් (StAR inititive) එකඟත්වය පළ කර ඇති අතර, ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    ඒ අනුව අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පනත යටතේ දුෂණයෙන් උපයාගත් බවට සැළකෙන විදේශිය රටවල පවතින වත්කම් නැවත පවරා ගැනීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබා ගැනීමට නියමිතව තිබේ.

    අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ ක්‍රියාදාමයට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පොලිස් කොට්ඨාශය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ මුල්‍ය බුද්ධි අංශය යන ආයතනවලට අවශ්‍ය සහාය ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ ( StAR inititive) එකඟතාවය පළ කර තිබේ.

    මෙම ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වු අතර, දුෂණ විරෝධී පනත, අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පනත සහ වත්කම් හා බැරකම් පනත සකස් කිරීම වෙනුවෙන් ද ඔවුන්ගේ සහාය ලබා දී තිබේ.

    දුෂණයෙන් උපයාගත් වත්කම් ආපසු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික දුෂණ විරෝධී සම්මුතිය අනුව ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ ස්ටාර් ක්‍රියාදාමය සකස් කර තිබේ.

    ස්ටාර් ආයතනයේ (StAR Initiative) ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ, Laura Pop, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක, ලෝක බැංකුවේ මෙරට රාජ්‍ය පාලනය පිළිබඳ විශේෂඥ Till Hartmann, ස්ටාර් ආයතනයේ උපදේශක Dmytro Kotlyar, ,ස්ටාර් ආයතනයේ විශේෂඥ Karen Greenaway, යන මහත්ම මහත්මීන් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    • Like
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මේ සතියට පලැන් කරපු නාට්ටි ටික කල් දාගන්න බැරි වෙලාද කොහෙද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,200
    113
    අර කෙල්ල කිව්වා නේද ඒක බොරුවක් කිව්වෙ වැරදිලා කියලා? උගන්ඩා කුමාරි කියපු කෙල්ල?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ලපයට බැරියැ ප්ලේන් එකක් අරගෙන ගිහින් පටෝගෙන එන්න
     
    • Love
    Reactions: asbestos

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    සුද්දා ඉන්න කාලෙ සහා ගිහින් මුල් කාල වල ලන්කාවෙ රාජ්යතාන්ත්‍ර වැඩ ගොඩක් තිබ්බෙ, එන්ගලන්තෙ, ජපානෙ, ඇමරිකාව, රුසියාව වගෙ රටවල්, පස්සෙ පස්සෙ මහින්ද ගෙන් පස්සෙ අපිට ඇහෙන්නෙ ලිබියාව, උගන්ඩාව, බන්ගලාදෙශය වගෙ රටවල් වැඩි වශයෙන්
     
    • Like
    Reactions: asbestos