නවසීලන්තයේ වනෝද්‍යානයක් තුළ ඇති ලැගුම් හලක පිරිසක් විවේක ගන්න අතරතුර ඔවුන්ට අයත් GoPro කැමරාව ගිරවෙකු විසින් සොරාගන්නවා. කැමරාව ඒ මොහොතේ ක්‍රියාත්මකව තිබුණු බැවින් ගිරවා එය රැගෙන පියාඹා යන ආකාරය එහි පටිගත වී තිබුණා. පසුව කැමරාවේ අයිතිකරුවන් විසින් එය සොයාගෙන තිබෙනවා.



