සඳ මත පා තබපු ඇපලෝ 11 යානයේ ගගනගාමීන් අතරින් නීල් ආම්ස්ට්‍රෝන්ග්ට පස්සෙ සඳ මත පා තබපු දෙවැනි මිනිසා ලෙස ඉතිහාසයට එක්වුණු එඩ්වින් ඕල්ඩ්‍රීන් නැත්නම් බස් ඕල්ඩ්‍රීන් මහත්තයා ඔන්න හතරවෙනි වතාවටත් කසාද බැදලා. ඒ තමන්ගෙ 93 වෙනි උපන්දිනය තිබ්බ දවසෙ (ජනවාරි 20). එඩ්වින් සීයගෙ අලුත්ම සහකාරිය වෙලා තියෙන්නෙ වයස අවුරුදු 63 ක් වෙච්ච Anca Faur යි. Anca Faur වෘත්තියෙන් වෛද්‍යවරියක් විදිහටයි සේවය කරන්නෙ. මේ අලුත බැදපු ජෝඩුවගෙ වෙඩින් දවසෙ ෆොටෝ ටිකක්.


