ඊයෙ තමයි මීට අවුරුදු 27 කට ඉස්සෙල්ලා, ඒ කියන්නෙ 1996 මාර්තු 17 වැනිදා පකිස්තානයෙ, ලාහෝර් නගරයෙ පිහිටලා තියෙන ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගනේදි පැවැත්වුණු 6 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙ අවසන් තරගයෙන් මාර්ක් ටේලර් නායකත්වය දරපු ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරලා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම වතාවට ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ. මටත් අමතක වෙලා තිබුණෙ. Twitter එකේ තිබුණ පෝස්ට් එකක් දැකලා තමයි මටත් මතක් වුණේ. මෙහෙම අතීතයක් තිබ්බ ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව තමයි වර්තමානෙ මෙච්චරටම පහත් තත්ත්වෙකට වැටිලා තියෙන්නෙ. 


