😐 දුවගේ රන්මාලය කොල්ලකා තාත්තාගේ ත්‍රිරෝද රියෙන්ම පලාගිහින් 😐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,031
    153,118
    113
    arrest-istock-966525-1616693051.jpg


    රෝගියකුගේ වෙස්ගෙන කැස්බෑව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ වයෝවෘද්ධ සේවකයකුගේ අත් පා ගැට ගසා හෙද සහායිකාවකට ලිංගික අතවර කිරීමට තැත් කර ඇයගේ ගෙල බැඳි රන් මාලය හා පෙන්ඩනය කොල්ල කා පලා ගිය බව කියන "ගෝනපොළ සුදු" නැමැත්තා දින තුනක් ඇතුළත අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

    සැකකරු එලෙස කොල්ල කන ලද රන් මාලය හා පෙන්ඩනය පිළියන්දල පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උගස් කර තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

    සැකකරු ඉකුත් (30) දහවල් එම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයකු සේ පැමිණ සවසට වෛද්‍යවරයා හමුවීමට හෙද සහායිකාව ගෙන් අංකයක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

    එම අංක ලබාදෙන්නේ සවස තුනෙන් පසුව යයි හෙද සහායිකාව සැකකරුට පැවසීමෙන් අනතුරුව වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටතට ගොස් තිබූ සැකකරු විනාඩි කිහිපයක් තුළදී නැවත වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ ඉහළ මහලට ගොස් එහි සිටි වයෝවෘධ සේවකයාට උල් පිහියක් එල්ලකර මරණීය තර්ජනය කර ඒ ආසන්නයේ කාමරයට ඇදගෙන ගොස් අත පය ගැට ගසා ඔහු සතුව තිබූ යතුරු කැරැල්ලක් සිය භාරයට ගෙන කාමරේ දොර වසා පිටතට පැමිණ තිබූ බව පොලිසිය කියයි

    අනතුරුව සැකකරු සේවිකාව අසලට ගොස් යතුරු කැරැල්ල ඇය අතට ලබාදී එය රැගෙන උඩුමහලට පැමිණ ලෙස අංකල් කීවා යැයි පවසා තිබේ.

    හෙද සහයිකාව යතුරු කැරැල්ලක් රැගෙන පියගැටපෙල නගින අතර වාරයේදී ඇය අනුගමනය කරමින් ඇය පසුපස ගිය සැකකරු ඇය උඩුමහලට පිවිසෙනවාත් සමගම ඇයට ද පෙර ආකාරයෙන්ම උල් පිහි එල්ල කර රන් මාලය කොල්ල කෑමට උත්සහ දැරීමේදී එය වැළැක්වීම සඳහා ඇය කොල්ලකරු සමග පොරබදා ඇති අතර ඒ සමඟම සැකකරු ඇයට ලිංගික අතවර කිරීමට සූදානම් වීමේ දී අත පය ගැට ගසා මහත් අපහසුවෙන් සිටි වයෝවෘධ පුද්ගලයා" පුතේ ඔය මාලය ගලවා එයාට දෙන්න" යැයි පවසා ඇති අතර හෙද සහායිකාව මාලය ගලවලා සැකකරු අතට ලබා දීමත් සමඟම සැකකරු වහා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබූ බව පැමිණිල්ලේ සදහන්වේ.

    රන්මාලය කොල්ලකෑමෙන් අනතුරුව සැකකරු වෛද්‍ය මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ ගොස් ගෝනමඩිත්ත ප්‍රදේශයේදී ඉදිරියට පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් රන් භාණ්ඩ උගස් තබන මධ්‍යස්ථානයකට ගොස්

    රුපියල් 60,000 කට රන්මාලය උගස් කර එම මුදල් ද රැගෙන ගල්කිස්ස බඩෝවිට දක්වා යාමට අවශ්‍ය බව රියදුරුට පවසා අත්තිඩිය ප්‍රදේශයට යාමේදී තී රෝද රථයෙන් බැස ගොස් ත්‍රීරෝද රථ රියදුරු සහ ඔහුට පානය කිරීම සඳහා කිරි පැකට් මිලදී ගෙන තිබූ බව ද පොලිසිය කියයි.

    අනතුරුව බඩෝවිට දක්වා ගොස් හතළිස් දහසකට අධික මුදලකට මත්කුඩු ලබාගෙන තීරෝද රථ රියදුරුට කුලිය වශයෙන් රුපියල් හත්සියයක් ලබාදී ඔහු පිටත් කර තිබූ බව පොලිසිය කියයි

    ත්‍රීරෝද රථ රියදුරු කුලී ගමන් නිමා කර නිවසට පැමිණි අවස්ථාවේදී තම දියණියට වෛද්‍ය මධ්‍යස්ථානයේදී සිදුවු අකරතැබ්බ පැවසීමෙන් අනතුරුව තම තී රෝද රථයෙන් පිළියන්දල ට සහ බඩෝවිට දක්වා ගමන් කළේ දියණියගේ රන්මාලය කොල්ලකෑ පුද්ගලයා බවට පසක් වී තිබූ බව පොලිසිය කියයි.

    ඒ අනුව ත්‍රිරෝද රථ රියදුරු සියලු තොරතුරු පොලිස් නිලධාරීන්ට පැවසීමෙන් අනතුරුව වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශන ද ,රන් භාණ්ඩ උකස් තැබූ මධ්‍යස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශනද ලබාගෙන එම දර්ශන ත්‍රීරෝද රථ රියදුරුට සහ හෙද සහායිකාවට පෙන්වීමෙන් අනතුරුව රන්මාලය කොල්ල කෑ පුද්ගලයා ඔහු බවට හෙද සහායිකාව හඳුනාගෙන තිබූ අතර ,රන් මාලයක් උගස් තැබීම සඳහා යැයි පවසමින් ත්‍රිරෝද රථයෙන්ද ගමන් ගත්තේ එම පුද්ගලයාම බවත් හෙද සහායිකාව ගේ පියා වන ත්‍රීරෝද රථ රියදුරු විසින්ද හඳුනාගත් බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් පැවසීය.

    අදාල සි සි ටි වි දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරමින් සිටියදී එම සැකකරු සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් 75769 ජයතුංග නිලධාරියාට ලද සාර්ථක තොරතුරක් ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු කහතුඩුවේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියක් පැවැසීය .

    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස හතකට ඉහත දී කුඹුක ප්‍රදේශයේ වැඩ බිමකින් සොරා ගත් මුදල් පසුම්බිය තිබූ රියදුරු බලපත්‍රයක් උපයෝගී කරගෙන රන්මාලය හා පෙන්ඩනය උකස් තැබූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි

    ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු සොරකම්, කොල්ලකෑම් සහ මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා වෙසක් ලැබූවෙක් බවත් පොලිසිය කියයි

    ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරී සාරනාත් සමරකෝන් මහත්වරුන් ගේ මහත්වරුන්ගේ උපදෙස් මත කැස්බෑව පොලිසිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසේල ප්‍රදීප් සෙනෙවිරත්න පොලිස් කොස්තාපල්වරුන් වන 75769 97264 සුදර්ශන මහත්වරු පරීක්ෂණ පවත්වති.


    Source: lankadeepa.lk
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,031
    153,118
    113
    හොරු වැඩී දැන් බන්.
    ඇයි බන් ගෑනු වැඩට යන්නත් රත්තරන් දාන්නෙ.
    අනේ මන්දා ඉතින්. මෙහෙම ගිහිල්ලා ළගදිම කකා ඉන්න කෑම එකත් උස්සන් යාවි. :dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,162
    1
    58,520
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරී සාරනාත් සමරකෝන් මහත්වරුන් ගේ මහත්වරුන්ගේ උපදෙස් මත කැස්බෑව පොලිසිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසේල ප්‍රදීප් සෙනෙවිරත්න පොලිස් කොස්තාපල්වරුන් වන 75769 97264 සුදර්ශන මහත්වරු පරීක්ෂණ පවත්වති.
    පාලම් බෝක්කුවල දේශපාලුවො ගහන බෝඩ් එකක් වගෙ
     
    • Wow
    Reactions: Stimulus mind

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    3wheel pora giyapu then tika kiyapu hinda honda. Nethna itin polish mama la "owa ohoma tamai, oya daruwa passe aluth malayak ganda" kiyala gedara ewanawa. Den oya polimata nam tika dagattata.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Leb

    Well-known member
  • Jun 11, 2007
    604
    245
    63
    පාලම් බෝක්කුවල දේශපාලුවො ගහන බෝඩ් එකක් වගෙ
    පොලිසියේ ඇතුලේ තියන politics රටේ politics වලට වඩා භයානකයි ස්වාදීන මතයක් දරන්න කාටවත් බෑ බලය තියන එකා බලය නැති එකාව පාගාගෙන ඉන්නේ නීතියට වඩා ඉහල නිලදාරියට යටහත් පහත්ව වැඩ කරන එක තමයි වෙන්නේ ඒවගේ ඇරියස් තමයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් අල්ලන්නේ
     
    • Like
    Reactions: Stimulus mind