😞💔 බීමතින් සිදු කළ රිය ධාවනය ඛේදාන්තයකින් අවසන් වූ අයුරු 💔😞

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,018
    153,077
    113
    2021 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ 17 වෙනිදා, ඇමරිකාවෙ ලුසියානා ප්‍රාන්තෙදි තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නෙ. අම්මයි, ළමයි 3 දෙනයි බාස්කට් බෝල් මැච් එකක් බලලා ඉවර වෙලා ගෙදර එන අතරෙ, හොදටම බීලා පාරෙ wrong side එකේ එළවන් ආපු මනුස්සයෙක්ගෙ වාහනේ මේගොල්ලන්ගෙ වාහනේ එක්ක මුහුණට මුහුණ හැප්පිලා. අම්මට ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා, ඒත් ළමයි තුන්දෙනා සිද්ධිය වෙච්ච ස්ථානෙදිම මිය යනවා. ළමයි 9 දෙනෙක් ඉන්න පවුලෙ බාලම ළමයි තුන්දෙනාට තමයි මේ විදිහට අවාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙන්නෙ. මේ අනතුර සිද්ධ කරපු "John Chris Lundy" කියන පුද්ගලයගෙ "blood alcohol level" එක නියමිත මට්ටමට වඩා තුන් ගුණයක් වැඩියෙන් තිබිලා තියෙනවා පොලීසියෙන් චෙක් කරලා බලද්දි. මොනවා උනත් අන්තිමේ හික්මීමක් නැති එකෙක් කරපු වැඩක් නිසා අම්මෙකුටයි, තාත්තෙකුටයි ළමයි 3 දෙනෙක්ම නැති වුණා. මේ ඒ රටේ සිද්ධ වුණු තව ඔය වගේ එක සිද්ධියක් විතරයි. අපේ රටෙත් මේ වගේ බීලා වාහන එළවන උන් නිසා දවසකට විතරක් කොච්චර මාර්ග අනතුරු වෙනවා ඇත් ද? පරිස්සමෙන් පාරෙ ගියත්, බීලා ඉවක් බවක් නැතුව කගවේන්නු වගේ වාහන එළවන, බයික් පදින ඈයො නිසා අහිංසක මිනිස්සු, සමහර විට පවුල් පිටින් ජීවිතෙන් වන්දි ගෙවලා ඇත් ද? කිරියෙත් ඉතින් හුගක් ඉන්නවනෙ බොන මහත්තුරු. ඒ අය අතරෙ, බීලා "අපෝ මට එච්චර වෙරි නෑ කියලා" හිතාගෙන සුක්කානම අතට ගන්න මහත්තුරු ඉන්නවා නම් මේ සිද්ධිය දැකලවත් පොඩි හරි පාඩමක් ඉගෙන ගනී කියලා හිතනවා. තත්පර ගාණක short එකක් වුණත් සෑහෙන හිතට දැනුනු හින්දා තමයි මේක දාන්න හිතුණෙ.


    නැතිවුණ ළමයි තුන්දෙනා තමයි ඔය වීඩියෝ එකේ ඉන්නෙ.😞






    සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තර


    52073541-0-image-a-93_1640111223657.jpg


    Photo-Dec-22-2021-11-39-49-AM-1.jpg







    “You’re not just taking a risk when you drink and drive, you’re taking lives.”

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,018
    153,077
    113
    matath oya seen eka news wala giya mathakai :no:
    ඊයේ YT එකේ සර්ච් කරන්කොට අහම්බෙන් තමයි මේ short එක දැක්කෙ. ඒක සෑහෙන්න හිතට වැදුන නිසා සිද්ධිය ගැන වැඩිදුර විස්තර හොයලා බලන්න හිතුනා.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,018
    153,077
    113
    අම්ම drive කරල ත් බේරිලා නම් අඩුම පිටිපස්සෙ ගිය ලමයි වත් seat belt නොදා ඉන්න ඇති අනිවාරෙන්ම
    අම්මා ද, නැත්නම් ලොකු දුව ද දන්නෙ නෑ ඩ්‍රයිව් කරේ. අම්මා පිටිපස්සෙ සීට් එකක හිටපු නිසා බේරෙන්න ඇති කියලා මට නම් හිතෙන්නෙ.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    බීල එලවලා මාට්ටු උනොත් කෙලින්ම ලයිසන් කැන්සල් කරන්න ඕනෙ. ලොවෙත් සමාවක් දෙන්න හොද නෑ. දැනගෙනනෙ මුන් වැරැද්ද කරන්නෙ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,918
    113
    අම්මා ද, නැත්නම් ලොකු දුව ද දන්නෙ නෑ ඩ්‍රයිව් කරේ. අම්මා පිටිපස්සෙ සීට් එකක හිටපු නිසා බේරෙන්න ඇති කියලා මට නම් හිතෙන්නෙ.
    වෙන්න ත් පුලුවන් නේද.. පිටිපස්සෙ යන අය seat belt දනව පට්ට අඩුයිනෙ. මතකද ගිය අවුරුද්දෙ tata එකේ ද කොහෙද ලොක්කෙක් බෙන්‍ස් GLS එකක් ගිහින් මැරිල තිබුනෙ පිටිපස්සෙ seat belt නොදා ගිහින්
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    අම්මා ද, නැත්නම් ලොකු දුව ද දන්නෙ නෑ ඩ්‍රයිව් කරේ. අම්මා පිටිපස්සෙ සීට් එකක හිටපු නිසා බේරෙන්න ඇති කියලා මට නම් හිතෙන්නෙ.
    ලොකු දුව ඩ්‍රයිව් කරල තියෙන්නෙ. එහා පැත්තෙ පුතා. ඕකෙ විස්තර තිබුන හම්බ උනොත් දාන්නම්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,018
    153,077
    113
    ලොකු දුව ඩ්‍රයිව් කරල තියෙන්නෙ. එහා පැත්තෙ පුතා. ඕකෙ විස්තර තිබුන හම්බ උනොත් දාන්නම්.
    ඇක්සිඩන්ට් එකයි එකේ aftermath එකයි ගැන අම්මයි, පවුලෙ තව සහෝදරියකුයි කරපු වීඩියෝ වගයක්. Simmons පවුලෙ Official YT channel එක ඕක. මේ ගොල්ලන්ගෙ website එකකුත් තියෙනවා.

    https://simmons3.com/



     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    පව් වැඩේ. :(
    Drink එකක් දාපු වෙලාවට ලොවෙත් මම නම් වාහන Drive කරන්නේ නෑ.
    මෙහේ නම් කොහොමටවත් බෑනේ.
    ලංකාවට ගියත් බීලා නම් කිසිම දවසක වාහනේ Drive කරන්නේ නෑ.