2021 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ 17 වෙනිදා, ඇමරිකාවෙ ලුසියානා ප්රාන්තෙදි තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නෙ. අම්මයි, ළමයි 3 දෙනයි බාස්කට් බෝල් මැච් එකක් බලලා ඉවර වෙලා ගෙදර එන අතරෙ, හොදටම බීලා පාරෙ wrong side එකේ එළවන් ආපු මනුස්සයෙක්ගෙ වාහනේ මේගොල්ලන්ගෙ වාහනේ එක්ක මුහුණට මුහුණ හැප්පිලා. අම්මට ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා, ඒත් ළමයි තුන්දෙනා සිද්ධිය වෙච්ච ස්ථානෙදිම මිය යනවා. ළමයි 9 දෙනෙක් ඉන්න පවුලෙ බාලම ළමයි තුන්දෙනාට තමයි මේ විදිහට අවාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙන්නෙ. මේ අනතුර සිද්ධ කරපු "John Chris Lundy" කියන පුද්ගලයගෙ "blood alcohol level" එක නියමිත මට්ටමට වඩා තුන් ගුණයක් වැඩියෙන් තිබිලා තියෙනවා පොලීසියෙන් චෙක් කරලා බලද්දි. මොනවා උනත් අන්තිමේ හික්මීමක් නැති එකෙක් කරපු වැඩක් නිසා අම්මෙකුටයි, තාත්තෙකුටයි ළමයි 3 දෙනෙක්ම නැති වුණා. මේ ඒ රටේ සිද්ධ වුණු තව ඔය වගේ එක සිද්ධියක් විතරයි. අපේ රටෙත් මේ වගේ බීලා වාහන එළවන උන් නිසා දවසකට විතරක් කොච්චර මාර්ග අනතුරු වෙනවා ඇත් ද? පරිස්සමෙන් පාරෙ ගියත්, බීලා ඉවක් බවක් නැතුව කගවේන්නු වගේ වාහන එළවන, බයික් පදින ඈයො නිසා අහිංසක මිනිස්සු, සමහර විට පවුල් පිටින් ජීවිතෙන් වන්දි ගෙවලා ඇත් ද? කිරියෙත් ඉතින් හුගක් ඉන්නවනෙ බොන මහත්තුරු. ඒ අය අතරෙ, බීලා "අපෝ මට එච්චර වෙරි නෑ කියලා" හිතාගෙන සුක්කානම අතට ගන්න මහත්තුරු ඉන්නවා නම් මේ සිද්ධිය දැකලවත් පොඩි හරි පාඩමක් ඉගෙන ගනී කියලා හිතනවා. තත්පර ගාණක short එකක් වුණත් සෑහෙන හිතට දැනුනු හින්දා තමයි මේක දාන්න හිතුණෙ.
නැතිවුණ ළමයි තුන්දෙනා තමයි ඔය වීඩියෝ එකේ ඉන්නෙ.
සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තර
නැතිවුණ ළමයි තුන්දෙනා තමයි ඔය වීඩියෝ එකේ ඉන්නෙ.
සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තර


