බැලූ බැල්මට කෙනෙක්ට එහෙම හිතුනත් ඇත්තටම මේ වීඩියෝ එකේ තියෙන්නෙ ඉදිරියෙදි නිකුත් වෙන්න තියෙන ත්‍රිමාණ පරිගණක ග්‍රැෆික් ක්‍රීඩා එන්ජිමක් වෙන "Unreal Engine 5" යොදාගෙන නිර්මාණය කරපු 'Unrecord' කියන පරිගණක ක්‍රීඩාවේ (tactical shooter game) gameplay එකක්. අපි ඇත්තටම ජීවත් වෙන්නෙ "computer simulation" එකක ද කියලා හිතෙන තරමටම මේ ක්‍රීඩාවෙ දකින්න ලැබෙන ආලෝකරණය, රූපරාමු ධාවනය වන වේගය (frame rate), පර්යාවලෝකය වගේම කැමරාවේ චලනයන්ගේ සංයෝජනය මගින් මේ පරිගණක ක්‍රීඩාවට ලබාදෙන්නෙ පුදුමාකාර තාත්වික බවක්.
Developer: DRAMA
Platform: Microsoft Windows
Publisher: DRAMA
Genres: Action game, Indie game, Adventure


