😱😱 ලලිත් කොතලාවලට ගේමක් දීලද??

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණයට සතියක දෙකක කාලයක් තුළ දිනකට කිහිප වතාවක් නිවිති යෙදූ සුප් සහ තැඹිලි වතුර බීමට ලබාදුන් බව තමාට දැනගන්නට ලැබුණු බැවින් එතුමාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඉපදී ඇතැයි ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ඇත්මඩලගේ ජූඩ් මාකෝ පෙරේරා මහතා සාක්ෂි ලබාදෙමින් ලබා දෙමින් අද (03) අධිකරණයේ දී පැවසීය.

    ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

    එහිදී සාක්ෂි ලබා දුන් පළමු සාක්ෂිකාර පෙරේරා මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේ කොතලාවල මහතාගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස පෙනෙන පරිදි නීතීඥවරුන් කණ්ඩායමක් ඇතුළු කිහිපදෙනෙක් සැලසුම් සහගතව කටයුතු කර ඇති බවට තමා සතුව වාර්තා ඇති බවය.

    නීතිඥ නිශ්මි ගොඩැල්ලවත්ත, නීතිඥ සමන් ලියනගේ, නීතීඥ දිනේෂ් ජයවීර, නීතිඥ එස්. පී. එස්. රසිකා, රහස් පොලිසියේ හිටපු නිලධාරියෙකු වන ලලිත් අමරසිංහ, පොලිසියේ විශ්‍රාමික ප්‍රියංජන වන්නිආරච්චි, වත්මන් වත්මන් පොලිස්පතිතුමා ගේ මස්සිනා කෙනෙකු යැයි කියාගන්නා මහින්ද උපසේන, නීතිඥ සමන් ලියනගේ යන අයගේ සහෝදරිය වන නිරෝශා ප්‍රියදර්ශණී සහ තවත් කිහිප දෙනෙකු සිසිලියා කොතලාවල මහත්මියගේ දැඩි විරෝධතාව මත ඔවුන් පදිංචි නිවසින් කොතලාවල මහතාව කොළඹ 7 ෆොන්සේකා මාවතේ පිහිටි නිවසකට රැගෙන ගොස් ඇති බවද සාක්ෂිකරු සඳහන් කළේය.

    එම නිවසේ දී කොතලාවල මහතා මුලාකරමින් සහ බලහත්කාරයෙන් රුපියල් බිලියන ගණනක් වටිනා දේපල දේපළ මෙම පිරිස විසින් අනීතික ලෙස පවරා ගනු ලැබූ බවත්, මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියේ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් සාක්ෂිකරු අධිකරණයේදී ප්‍රකාශ කළේය.. මෙම ඉහත කී පිරිස එක්ව කටයුතු කරමින් සැලසුම් සහගතව ස්වාභාවික මරණයක් ලෙසින් පෙනෙන පරිදි වයස්ගත ලලිත් කොතලාවල මහතාට ආහාර පාන ලබා දී රෝගාතුර වීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති බවත් රෝහලේ දී කිසිවකුට හෝ එතුමා බැලීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොතිබුණු අතර එහිදී එතුමා මිය ගොස් ඇති බවත් සාක්ෂිකරු අධිකරණයට සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.
    Link
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හා ලව්ටස් උන්නැහෙ
    අනුරාද මහත්තය ඔහෙව හෙව්ව අන්න

    මැතිව් පිරිස් මිනිමැරුම වගේ එකක් :baffled:

    මේ හුජ්ජ කොල්ලො මෙව්වට හොට දාන්න එපා
    ගිහින් පොතක් පතක් බලාගනින්
    ------ Post added on Nov 3, 2023 at 11:40 PM

    ඕක තමා කියන්නෙ හරියන්න හරි වරදින්න හරි බැදපන් කියල

    හරියන්න හරි වරදින්න හරි වෙන මොකක් හරි කරපන් මචන්
    බදින්න නන් එපා :cautious:
    ------ Post added on Nov 3, 2023 at 11:42 PM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ceylinco karayawa huuran kala neda politikko gansiya. Mun eda edala anik ewungen kadaa wada gaththa salli koheda invest karala aththey
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට මතක නෑ මන් දන්නෑ මට එහෙම තිබ්බේ නෑ මම හිටියේ නෑ (වැඩි තොරතුරු පෙරගේ ඉන්ටවිව් එක සන්නා එක්ක)
    පවුත් නැ හැබැයි
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,295
    4,092
    113
    මට මතක නෑ මන් දන්නෑ මට එහෙම තිබ්බේ නෑ මම හිටියේ නෑ (වැඩි තොරතුරු පෙරගේ ඉන්ටවිව් එක සන්නා එක්ක)
    පවුත් නැ හැබැයි
    සන්නා කියලා තිබ්බා ඉන්ටවිව් එක මැද්දෙ කමර්ශල් බ්‍රේක් එකේදී කොතලාවලගේ බොඩි ගාර්ඩ්ලා මූගේ කොලර් එකෙන් ඇදලා සද්දයක් දැම්මා කියලා
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සන්නා කියලා තිබ්බා ඉන්ටවිව් එක මැද්දෙ කමර්ශල් බ්‍රේක් එකේදී කොතලාවලගේ බොඩි ගාර්ඩ්ලා මූගේ කොලර් එකෙන් ඇදලා සද්දයක් දැම්මා කියලා
    ඌ කිසිම ගාණක් නැතිව වගකීමෙන් නිදහස් වෙනවා බන්
    1995 ඉන්දියාවේ සෝලා කම්පැණියක් පටන් ගත්ත වගක් උ අහලා වත් නැතිලු
    උසාවියෙන් තහනම් නියෝග ආවට පස්සෙත් කම්පැණි පටන් අරන් දසයා. නොදන්න උන්ට නම් සුපර් හීරෝ කෙනෙක්
    ඌ කියන්නෙම පරණ දේවල් අමතක කරලා අළුතෙන් පටන් ගමුලු

    බිස්නස් මයින්ඩ් නම් මන් දන්නෑ
    සල්ලි කරකවලා රැගුව එක නම් දන්නවා.
    ඒ රැගිල්ලට මිනිස්සු තව තවත් සල්ලි දුන්නා. එච්චරයි උනේ.
    මැරෙන්න තිබ්බේ ඔයිට කලින්
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,295
    4,092
    113
    ඌ කිසිම ගාණක් නැතිව වගකීමෙන් නිදහස් වෙනවා බන්
    1995 ඉන්දියාවේ සෝලා කම්පැණියක් පටන් ගත්ත වගක් උ අහලා වත් නැතිලු
    උසාවියෙන් තහනම් නියෝග ආවට පස්සෙත් කම්පැණි පටන් අරන් දසයා. නොදන්න උන්ට නම් සුපර් හීරෝ කෙනෙක්
    ඌ කියන්නෙම පරණ දේවල් අමතක කරලා අළුතෙන් පටන් ගමුලු

    බිස්නස් මයින්ඩ් නම් මන් දන්නෑ
    සල්ලි කරකවලා රැගුව එක නම් දන්නවා.
    ඒ රැගිල්ලට මිනිස්සු තව තවත් සල්ලි දුන්නා. එච්චරයි උනේ.
    මැරෙන්න තිබ්බේ ඔයිට කලින්
    rebates ගැන අහපුවම තමා නාකියට මල පැනලා අරූට තග දාලා තියෙන්නෙ