🙁 ලෝක උරුමයේ කරුමය 🙁

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඕකවත් හරියට මේන්ටේන් කරගෙන පිරිසිදුව තියා ගන්න බැරිව කොහොමද ටුවරිසම් කරන්නේ?
    නිකන් ලැබුන එකෙන් කියක්වත් හොයා ගන්නවත් බැහැ
    ඕක පුද්ගලික අංශයකට දුන්නනම් ඔක්කොමත් එක්ක උන් හරි කරගෙන යයි ටිකට්ස් වැඩි කරලා හරි
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Shocked Oh No GIF by Yêu Lu
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    image_f4974b1efa.jpg

    ලෝක උරුම සීගිරිය ප්‍රදේශය වර්තමානය වනවිට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබෙන බව සීගිරිය ප්‍රදේශවාසීහු පවසති.

    සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.

    ලෝක උරුම බිම්කඩක් බවට නම්කළ ස්මාරකය ද මේ වනවිට විනාශවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව නගරයේ අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් ගෙන දේ. මෙම ස්ථානයට යන ඕනෑම වෙලාවක සංචාරකයන් පසුපස හපා කන්නට යන විශාල සුනඛ රැලක් දැකගත හැකිය.

    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තනා දුන් වෙළෙඳසැල් සියල්ල ගරාවැටී දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දෙන අතර දේශීය සංචාරකයන් සඳහා ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය දොරවල් කැඩී අපිරිසිදුභාවයට පත්ව අඩුම තරමේ ජලය රැගෙන යෑමට හෝ භාජනයක් නොමැති තරමට පත්ව තිබේ. එය පාලනය කරන පුද්ගලයා නළ ළිඳකින් කැඩී ගිය බාල්දිවලට ජලය ගෙනත් දීම සිදු කරන බව ඔහු කියයි.

    සීගිරිය නවනගරය අයිතිකරුවකු නොමැති තත්ත්වයට පත්ව ඇතැයි සීගිරිය විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ පවසති.

    image_a364d1976c.jpg
    image_76ff6e47eb.jpg

    ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙම සීගිරිය නව නගරය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් නොවන බව ඔවුන් පවසන බවය. දඹුල්ල ප්‍රාදේශීය සභාවට අයත් බවය. ප්‍රාදේශීය සභාවෙන් තමන්ට අයිති නැති බව කියන්නේයැයි ඔවුහු කියති.

    කෙසේ වෙතත් දිනකට විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණෙති. මේ දිනවල දිනකට විදේශීය සංචාරකයන් පන්සියයකට අධික පිරිසක් පැමිණෙද්දී දේශීය සංචාරකයන් දහස ඉක්මවා පැමිණෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

    දේශීය එක් සංචාරකයකුගෙන් සීගිරිය නැරැඹීමට අය කරන මුදල රුපියල් සියයකි. විදේශීය සංචාරකයකුගෙන් අයකරන මුදල ඇමරිකානු ඩොලර් 30කි.

    image_a6955c5f29.jpg

    සීගිරියේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දැක් වූ සීගිරිය රජමහා විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ:

    “බලධාරීන්ට අපි යෝජනා කර සිටින්නේ දේශීය විදේශීය සංචාරකයන්ට මේ ලෝක උරුමය බලන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. විදේශීය සංචාරකයෝ විතරක් නෙවෙයි දේශීය සංචාරකයෝත් සීගිරියට ඇවිල්ල බැණ බැණ තමයි යන්නේ. අවුරුදු තිහකට ආසන්න කාලයක් සීගිරිය නව නගරය මේ විදිහටමයි පවතින්නේ. කවුරු පාලනයට ආවත් මේකෙ තියෙන සල්ලි ටික අරන් යන්න විතරයි බලන්නේ. ලෝක උරුම බිම්කඩක් කියලා නම් කරලා හදපු ස්මාරකය ළඟට ගිහිල්ලා බලන්න. මහලොකුවට උජාරුවට ලෝක උරුමයක් කියලා කියනවා. හැබැයි ඒ බිම් කඩෙහි නම් කරපු තැන්වලට ගිහින් බැලු‍වම ඇඟ හිරි වැටෙනවා.

    සීගිරිය නව නගරයේ කඩවල් ටික තනිකර හරක් මඩුවක්. වැසිකිළිවලට යන්න තියා හිතන්නවත් බෑ. වැසිකිළියට ගිහිල්ලා ඉවර වෙනකොට බාල්දියේ තියෙන වතුර ටික ඉවරයි. අර මනුස්සයෙක් ඉඳගෙන නළ ළිඳකින් වතුර ගහලා කැඩිච්ච බාල්දියකට ගිහින් දෙනවා. මේවා දකින විදේශීය සංචාරකයෝ සීගිරිය ලෝක උරුමයක් නෙවෙයි මහා කරුමයක් කියලා ඔළුවේ අත තියාගෙන දුවනවා.

    හැබැයි දේශීය සංචාරකයන් වැඩි වශයෙන් එන සීගිරිය නව නගරයට තමයි මේ විදිහට කණකොකා හඬලා තියෙන්නේ. විදේශීය සංචාරකයන් වැඩියෙන් ගැවසෙන පැත්ත හොඳට හදාගෙන තියෙනවා. මොකද ඒවාට ඩොලර් හම්බවෙන නිසා. හැබැයි අපේ අහිංසක මිනිස්සු දෙන්නේ රුපියල් නිසා තමයි මෙහෙම සලකන්නේ.

    මම අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ සීගිරියේ ලොකු හාමුදුරුවෝ හැටියට මේ අපරාදේ සිද්ද වෙන්න තවත් ඉඩ දෙන්න එපා. මේක සොයා බලා වහාම පියවර ගන්න. සීගිරිය කිසිම කෙනෙක් නිකම් බලන්නේ නෑ. සල්ලි දීලා බලන්නේ. පාසල් ළමුන් ආපුවාම කෑම ටිකක් කන්න තැනක් නෑ. වැසිකිළියට යන්න බෑ. මොන තරම් අපරාධයක්ද. අද කාශ්‍යප රජතුමා හිටියා නම් ඔය පාලකයන් ඔක්කොටම දඬුවම් දෙනවා. නිකන්ම දඬුවම් නෙවෙයි හිස ගසා දාලා තමයි පස්ස බලන්නේ.”‍

    සීගිරිය නවනගර වෙළෙඳ සංගමයේ ලේකම් කේ.ජී. බැද්දේගෙදර මහතා:

    “අපිට සිද්ද වුණේ අපේ ඉඩම් නව නගරයට දීලා එදා ඉඳලා අද දක්වාම හූල්ලා වැටෙන්න. අද සීගිරිය නව නගරය තනිකරම බල්ලන්ට ගිහිල්ලා. බල්ලො පනහක් හැටක් විතර ඇවිල්ලා සංචාරකයන් හපන්න හදනවා. තැන තැන කැඩිලා ගිහිල්ලා තියෙන කඩ කාමරවල තමයි බල්ලො ජීවත් වෙන්නේ. සංචාරකයෝ මේ ප්‍රදේශයට ඇවිල්ල මේක ද සීගිරිය කියලා ඔළුවේ අත තියාගෙන තමයි යන්නේ. මොකද ඒ අය එනකොට දාගෙන එන චිත්‍ර සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

    මධ්‍යම සංස්කෘතික අරමුදලට මේවා අයිතියි කියලා තමයි දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් කියන්නේ. සංස්කෘතික අරමුදලෙන් කියන්නේ මේ නව නගරය ප්‍රාදේශීය සභාවට අයිතියි කියලා. අන්තිමට ඒ දෙගොල්ලෝ කඹ අදිනවා. හැබැයි දෙගොල්ලම සල්ලි ගන්නවා. වාහන නවත්තන එකෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව මුදල් අය කරනවා. සීගිරිය බලන්න එන එකෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි ගන්නවා. මේ දෙගොල්ලගෙන්ම නව නගරයට කුඩම්මගෙ සැලකිලි. ඒ නිසා අපිට තවදුරටත් මේක බලාගෙන ඉන්න බැහැ. දැන් දශක තුනකට කිට්ටු වෙන්න බලාගෙන ඉන්නවා හරියට උතුරේ තිබ්බ යුද්දෙ වගේ.”‍ ඔහු පැවැසුවේය.

    මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතාගෙන් ජනතාව නගන චෝදනා පිළිබඳව අපි විමසීමක් කළෙමු.

    “සීගිරිය නව නගරයට වසර ගණනාවකට ඉස්සර තමයි අත්පත් කරගෙන ඔය කඩ හදලා තියෙන්නේ. මේ අත්පත් කර ගැනීමේදී ඒ කාලේ භූමිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපට වියදම් කිරීමේ හැකියාවක් නැහැ. නිසියාකාරව භූමිය පැවරීමක් සිද්ධ වෙලා නෑ කියලා තමයි තියෙන්නේ. එනිසා අපි එහි භාරකාරත්වය ප්‍රාදේශීය සභාවට පවරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. ඉදිරියේදී ඒක සිද්ධවේවි.

    අපි දේශීය එක සංචාරකයකුගෙන් රුපියල් 100 ක මුදලක් අයකරනවා. ළමයකුගෙන් රුපියල් 50 ක් අය කරනවා. විදේශීය සංචාරකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අය කරනවා සීගිරිය බලන්න.

    විදේශීය සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් වැසිකිළි කැසිකිළි පහසුකම් සියල්ල ඉතා හොඳට නඩත්තු කරගෙන යනවා. මේ දවස්වල විදේශීය සංචාරකයෝ දවසකට පන්සියයකට වැඩිය සීගිරිය නරඹනවා. දේශීය සංචාරකයෝ දාහ පැනල සීගිරිය නරඹන්න එනවා. සමහර විට ඉදිරියේදී වැඩිවීමක් තියේවි.”

    දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. සෝමතිලක මහතාගෙන් ද අප මෙම ගැටලුව පිළිබඳ විමසීමේ දී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

    “සීගිරිය නවනගරය අපට මේ වෙනකම් බාර දීලා නැහැ. අපට ලිඛිතව නීත්‍යනුකූලව දෙනවා නම් අපි ඒවා නඩත්තු කරන්න සූදානම්. හැබැයි අදටත් අපි පාරවල් ටික සුද්ද කරලා කුණු ටික ඇදලා පුළුවන් විදිහෙන් උදව් උපකාර කරනවා. අපි වාහන නවත්වනවාට මුදලක් අය කරනවා. පාරවල්වල සීගිරියට ඇවිල්ලා තැන තැන නවත්තලා තියෙන වාහනවලින් මුදලක් අය කරනවා. එහෙම නැතුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාහනවලින් අපි මුදල් ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ.

    සීගිරිය කියන්නේ මුළු දඹුල්ලම දියුණු කරන්න පුළුවන් තරම් මුදල් එන ස්ථානයක්. හැබැයි සීගිරිය දඹුල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ පිහිටා තිබුණට අපේ පාරවල් මාර්ග සහ අනෙකුත් ස්වභාව සෞන්දර්ය පාවිච්චි කළාට අඩුම තරමේ ප්‍රාදේශීය සභාවට රුපියලක්වත් දෙන්නෙ නෑ.”‍

    සටහන/ ඡායාරූප: දඹුල්ල
    කාංචන කුමාර ආරියදාස
    - lankadeepa.lk -
    ඒකටත් ශොට් එක දෙයි වගේ ලගදිම.🥴
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අම්මෝ,ඉස්සර මාත් බල්ලන්ට කැමති ගිය සතියේ එකෙක් හැපුවා දැනට 13ක් විද්දා බේත්.තව තියෙනවා විදින්න.බල්ලා මලොත තව විදින්න ඕනි.දැන් නන් මට අර පාරේ ඉන්න බල්ලන්ට කන්න දෙන බව් බව් එකේ වුන්වත් පෙන්න බෑ..
    බල්ලො එක්ක මගෙත් කිසිම පුද්ගලික තරහක් නැහැ, ඒ උනාට පාරෙ බල්ලොන්ගෙන් හරි කරදරයක් තියෙන්නෙ, දැං අපි අපේ වත්ත වටේම බල්ලොන්ට එන්න බැරි වෙන්න හෙනට විදයම් කරලා වට කරලා තියෙන්නෙ ඒක නිසා දැන් ටිකක් ශේප්
    අපේ ගෙදර තියෙන්න පන්සලකට 300m විතර දුරින්, පන්සල ඉස්සරහ පොඩි බස්හෝල්ට් එකක් හදලා තියනවා මාසෙකට සැරයක් විතර කවුරු හරි බලු පැටවු ගෙනත් දානවා, හොඳම සීන් එක තියෙන්නෙ මේ පැත්තෙ කවුරු හරි ෆොරිනර් කෙනෙක් බල්ලොන්ට කන්න දෙනවා, වාහනේක මහා කල්දේරම් වල බත් උයාගෙන ඇවිත් දවස් දෙක තුනකට සැරයක් මුලු පාරෙම ඉන්න බල්ලොන්ට කන්න දිදී යනවා, ඒක නිසා අරවිදියට ගෙනත් දාන බලු පැටවු ලොකු වෙලා මහා බලු ගහනයක් හැදෙනවා. දවල්ට නැට්ට පුපේ ගහන් ඉන්න බල්ලො පොඩ්ඩක් කරුවල වැටුන ගමන් පාරෙ යන සියලුම දෙනාව කන්න පනිනවා
    මේ ලඟදි දවසක් අර බල්ලොන්ට කන්න දෙන්න එන වාහනේ එවුන්ට කිවුවා අපේ ගෙදර ඉස්සරහ පාර දෙපැත්තෙම(අපිට අයිති පාර දෙපැත්තෙම ඉඩම් එතන), ගෙදර ඉස්සරහ කන්න දෙන්න එපා අපිට හරි කරදරයි කියලා, බල්ලො කාල අන්තිමට ඉතිරි හරිය කුනු වෙලා බල්ලො එතනම ජරා කරලා මහ අපායක් වෙනවා වහින කාලෙට කියලා.
    දවස් දෙකතුනකට පස්සෙ අරුන් අර සුද්දිත් එක්ක ඇවිත් අපේ ඉඩමෙ මායිම පැනපු ගමන් තියන ඉඩම අයිනෙ කන්න දෙනවා, මම ගිහින් සුද්දිට english වලිනුයි ලංකාවෙ එවුන්ට සිංහලෙනුයි හොඳට ඇමතුවා, ගෙවල් වල පොඩි එවුන් ඉන්නවා ඔයින් එකෙක් කෑවොතින් උන් බෙහෙත් කරනවද කියලා පටන් අරන් අන්තිමට සුද්දිට කිවුවා මං අද හවස මේ බල්ලො සේරටම වස දෙනවා(කරනවට කිවුවා නෙමයි) පුලුවන් දෙයක් කරන්න කියලා, හවස වෙන ලොරියකින් ඇවිත් බලු පැටවු ටිකයි හම්පඩ වුනු මැරෙන්න ඕන්න මෙන්න ඉන්න බල්ලොයි සේරම දාගෙන ගියා.
    පස්සෙ දන්නෙ ඒකි පාරෙ ඉන්න බල්ලො අරන් ගිහින් හදන තැනක් තියනවාලු, අක්කර 4කද කොහෙද ඉඩමක් අරගෙන ඒක පුරා බල්ලො හදනවලු, ගමේ එවුන් එක සැරයක් ඒකට කේස් එකක් දාල යන්තම් ශේප් කරගෙන කරගෙන යනවලු, ඒකට බල්ලො ගොඩක් දාගන්න බැරි නිසා තමයි ගම පුරා බල්ලොන්ට කෑම දිදී යන්නෙ.

    දැං බලු lovers ලා මට අරින්න එන්න එපා, මං කිවුවෙ අපිට ඇත්තටම තියන කරදරේ ගැන, බල්ලො ගෙවල් වල 100ක් හැදුවත් අපිට කිසිම අවුලක් නැහැ, පැටවු ගැහුවම පාරේ ගෙනත් දාල වෙන මිනිස්සු ජීවත් වෙන පැති වලට ඒ බලාලොන්ගෙන් බලපෑමක් එනවා නං ඒක වැරදී කියලා කිවුවෙ, තව පාරෙ ඉන්න බල්ලොන්ට මහා පරිමානෙන් කන්න දෙන එක ඒ තරම් හොඳ වැඩක් නෙමයි, එතකොට කිසි පාලනයක් නැතුව මහා බලු ගහනයක් ගමේ හැදෙනවා, මොකද බල්ලො අවරුදු 10ක් විතර ජීවත්වෙනවානේ ඒක නිසා ඒක ඒ පැතිවල මිනිස්සුන්ට හරි කරදරයක්.
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකවත් හරියට මේන්ටේන් කරගෙන පිරිසිදුව තියා ගන්න බැරිව කොහොමද ටුවරිසම් කරන්නේ?
    නිකන් ලැබුන එකෙන් කියක්වත් හොයා ගන්නවත් බැහැ
    ඕක පුද්ගලික අංශයකට දුන්නනම් ඔක්කොමත් එක්ක උන් හරි කරගෙන යයි ටිකට්ස් වැඩි කරලා හරි
    එකනේ බන් වියදමක් යන්නේ නෑනේ. හොරා කන්නම උපන් ජාතියක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නෑ බන්.අපෙන් 100 ෆොරින් නන් 2500යි.එහෙම මහ මූසල ටිකට් කැඩිල්ලක් තියෙන්නේ කැමරා ගෙනියනවා නන් තව ටිකට් එකක් ගන්න ඕනි සමහර තැන් වල.අනික මගේ අදහස නන් මධ්‍යම රජය බදු මුදල් වලින් මේවා නඩත්තු කරලා.බලන්න එන හැමෝටම නිකන් බලන්න දෙන්න ඕනි..ඒක පැත්තකින් තියමු අපිට සල්ලි මදි නිසා.

    foreign 30$ = 6000+ lkr
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන්නෙ කඩන ටිකට් එකට කෙල හලන කතාවක්, ඔය කියවන උන් දගලන්නෙ ඒකට තමයි,
     
    • Haha
    Reactions: kasunkaru

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,539
    5,495
    113
    Colombo
    image_f4974b1efa.jpg

    ලෝක උරුම සීගිරිය ප්‍රදේශය වර්තමානය වනවිට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබෙන බව සීගිරිය ප්‍රදේශවාසීහු පවසති.

    සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.

    ලෝක උරුම බිම්කඩක් බවට නම්කළ ස්මාරකය ද මේ වනවිට විනාශවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව නගරයේ අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් ගෙන දේ. මෙම ස්ථානයට යන ඕනෑම වෙලාවක සංචාරකයන් පසුපස හපා කන්නට යන විශාල සුනඛ රැලක් දැකගත හැකිය.

    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තනා දුන් වෙළෙඳසැල් සියල්ල ගරාවැටී දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දෙන අතර දේශීය සංචාරකයන් සඳහා ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය දොරවල් කැඩී අපිරිසිදුභාවයට පත්ව අඩුම තරමේ ජලය රැගෙන යෑමට හෝ භාජනයක් නොමැති තරමට පත්ව තිබේ. එය පාලනය කරන පුද්ගලයා නළ ළිඳකින් කැඩී ගිය බාල්දිවලට ජලය ගෙනත් දීම සිදු කරන බව ඔහු කියයි.

    සීගිරිය නවනගරය අයිතිකරුවකු නොමැති තත්ත්වයට පත්ව ඇතැයි සීගිරිය විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ පවසති.

    image_a364d1976c.jpg
    image_76ff6e47eb.jpg

    ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙම සීගිරිය නව නගරය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් නොවන බව ඔවුන් පවසන බවය. දඹුල්ල ප්‍රාදේශීය සභාවට අයත් බවය. ප්‍රාදේශීය සභාවෙන් තමන්ට අයිති නැති බව කියන්නේයැයි ඔවුහු කියති.

    කෙසේ වෙතත් දිනකට විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණෙති. මේ දිනවල දිනකට විදේශීය සංචාරකයන් පන්සියයකට අධික පිරිසක් පැමිණෙද්දී දේශීය සංචාරකයන් දහස ඉක්මවා පැමිණෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

    දේශීය එක් සංචාරකයකුගෙන් සීගිරිය නැරැඹීමට අය කරන මුදල රුපියල් සියයකි. විදේශීය සංචාරකයකුගෙන් අයකරන මුදල ඇමරිකානු ඩොලර් 30කි.

    image_a6955c5f29.jpg

    සීගිරියේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දැක් වූ සීගිරිය රජමහා විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද නාහිමියෝ:

    “බලධාරීන්ට අපි යෝජනා කර සිටින්නේ දේශීය විදේශීය සංචාරකයන්ට මේ ලෝක උරුමය බලන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. විදේශීය සංචාරකයෝ විතරක් නෙවෙයි දේශීය සංචාරකයෝත් සීගිරියට ඇවිල්ල බැණ බැණ තමයි යන්නේ. අවුරුදු තිහකට ආසන්න කාලයක් සීගිරිය නව නගරය මේ විදිහටමයි පවතින්නේ. කවුරු පාලනයට ආවත් මේකෙ තියෙන සල්ලි ටික අරන් යන්න විතරයි බලන්නේ. ලෝක උරුම බිම්කඩක් කියලා නම් කරලා හදපු ස්මාරකය ළඟට ගිහිල්ලා බලන්න. මහලොකුවට උජාරුවට ලෝක උරුමයක් කියලා කියනවා. හැබැයි ඒ බිම් කඩෙහි නම් කරපු තැන්වලට ගිහින් බැලු‍වම ඇඟ හිරි වැටෙනවා.

    සීගිරිය නව නගරයේ කඩවල් ටික තනිකර හරක් මඩුවක්. වැසිකිළිවලට යන්න තියා හිතන්නවත් බෑ. වැසිකිළියට ගිහිල්ලා ඉවර වෙනකොට බාල්දියේ තියෙන වතුර ටික ඉවරයි. අර මනුස්සයෙක් ඉඳගෙන නළ ළිඳකින් වතුර ගහලා කැඩිච්ච බාල්දියකට ගිහින් දෙනවා. මේවා දකින විදේශීය සංචාරකයෝ සීගිරිය ලෝක උරුමයක් නෙවෙයි මහා කරුමයක් කියලා ඔළුවේ අත තියාගෙන දුවනවා.

    හැබැයි දේශීය සංචාරකයන් වැඩි වශයෙන් එන සීගිරිය නව නගරයට තමයි මේ විදිහට කණකොකා හඬලා තියෙන්නේ. විදේශීය සංචාරකයන් වැඩියෙන් ගැවසෙන පැත්ත හොඳට හදාගෙන තියෙනවා. මොකද ඒවාට ඩොලර් හම්බවෙන නිසා. හැබැයි අපේ අහිංසක මිනිස්සු දෙන්නේ රුපියල් නිසා තමයි මෙහෙම සලකන්නේ.

    මම අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ සීගිරියේ ලොකු හාමුදුරුවෝ හැටියට මේ අපරාදේ සිද්ද වෙන්න තවත් ඉඩ දෙන්න එපා. මේක සොයා බලා වහාම පියවර ගන්න. සීගිරිය කිසිම කෙනෙක් නිකම් බලන්නේ නෑ. සල්ලි දීලා බලන්නේ. පාසල් ළමුන් ආපුවාම කෑම ටිකක් කන්න තැනක් නෑ. වැසිකිළියට යන්න බෑ. මොන තරම් අපරාධයක්ද. අද කාශ්‍යප රජතුමා හිටියා නම් ඔය පාලකයන් ඔක්කොටම දඬුවම් දෙනවා. නිකන්ම දඬුවම් නෙවෙයි හිස ගසා දාලා තමයි පස්ස බලන්නේ.”‍

    සීගිරිය නවනගර වෙළෙඳ සංගමයේ ලේකම් කේ.ජී. බැද්දේගෙදර මහතා:

    “අපිට සිද්ද වුණේ අපේ ඉඩම් නව නගරයට දීලා එදා ඉඳලා අද දක්වාම හූල්ලා වැටෙන්න. අද සීගිරිය නව නගරය තනිකරම බල්ලන්ට ගිහිල්ලා. බල්ලො පනහක් හැටක් විතර ඇවිල්ලා සංචාරකයන් හපන්න හදනවා. තැන තැන කැඩිලා ගිහිල්ලා තියෙන කඩ කාමරවල තමයි බල්ලො ජීවත් වෙන්නේ. සංචාරකයෝ මේ ප්‍රදේශයට ඇවිල්ල මේක ද සීගිරිය කියලා ඔළුවේ අත තියාගෙන තමයි යන්නේ. මොකද ඒ අය එනකොට දාගෙන එන චිත්‍ර සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

    මධ්‍යම සංස්කෘතික අරමුදලට මේවා අයිතියි කියලා තමයි දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් කියන්නේ. සංස්කෘතික අරමුදලෙන් කියන්නේ මේ නව නගරය ප්‍රාදේශීය සභාවට අයිතියි කියලා. අන්තිමට ඒ දෙගොල්ලෝ කඹ අදිනවා. හැබැයි දෙගොල්ලම සල්ලි ගන්නවා. වාහන නවත්තන එකෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව මුදල් අය කරනවා. සීගිරිය බලන්න එන එකෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සල්ලි ගන්නවා. මේ දෙගොල්ලගෙන්ම නව නගරයට කුඩම්මගෙ සැලකිලි. ඒ නිසා අපිට තවදුරටත් මේක බලාගෙන ඉන්න බැහැ. දැන් දශක තුනකට කිට්ටු වෙන්න බලාගෙන ඉන්නවා හරියට උතුරේ තිබ්බ යුද්දෙ වගේ.”‍ ඔහු පැවැසුවේය.

    මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතාගෙන් ජනතාව නගන චෝදනා පිළිබඳව අපි විමසීමක් කළෙමු.

    “සීගිරිය නව නගරයට වසර ගණනාවකට ඉස්සර තමයි අත්පත් කරගෙන ඔය කඩ හදලා තියෙන්නේ. මේ අත්පත් කර ගැනීමේදී ඒ කාලේ භූමිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපට වියදම් කිරීමේ හැකියාවක් නැහැ. නිසියාකාරව භූමිය පැවරීමක් සිද්ධ වෙලා නෑ කියලා තමයි තියෙන්නේ. එනිසා අපි එහි භාරකාරත්වය ප්‍රාදේශීය සභාවට පවරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. ඉදිරියේදී ඒක සිද්ධවේවි.

    අපි දේශීය එක සංචාරකයකුගෙන් රුපියල් 100 ක මුදලක් අයකරනවා. ළමයකුගෙන් රුපියල් 50 ක් අය කරනවා. විදේශීය සංචාරකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අය කරනවා සීගිරිය බලන්න.

    විදේශීය සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් වැසිකිළි කැසිකිළි පහසුකම් සියල්ල ඉතා හොඳට නඩත්තු කරගෙන යනවා. මේ දවස්වල විදේශීය සංචාරකයෝ දවසකට පන්සියයකට වැඩිය සීගිරිය නරඹනවා. දේශීය සංචාරකයෝ දාහ පැනල සීගිරිය නරඹන්න එනවා. සමහර විට ඉදිරියේදී වැඩිවීමක් තියේවි.”

    දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. සෝමතිලක මහතාගෙන් ද අප මෙම ගැටලුව පිළිබඳ විමසීමේ දී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

    “සීගිරිය නවනගරය අපට මේ වෙනකම් බාර දීලා නැහැ. අපට ලිඛිතව නීත්‍යනුකූලව දෙනවා නම් අපි ඒවා නඩත්තු කරන්න සූදානම්. හැබැයි අදටත් අපි පාරවල් ටික සුද්ද කරලා කුණු ටික ඇදලා පුළුවන් විදිහෙන් උදව් උපකාර කරනවා. අපි වාහන නවත්වනවාට මුදලක් අය කරනවා. පාරවල්වල සීගිරියට ඇවිල්ලා තැන තැන නවත්තලා තියෙන වාහනවලින් මුදලක් අය කරනවා. එහෙම නැතුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාහනවලින් අපි මුදල් ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ.

    සීගිරිය කියන්නේ මුළු දඹුල්ලම දියුණු කරන්න පුළුවන් තරම් මුදල් එන ස්ථානයක්. හැබැයි සීගිරිය දඹුල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ පිහිටා තිබුණට අපේ පාරවල් මාර්ග සහ අනෙකුත් ස්වභාව සෞන්දර්ය පාවිච්චි කළාට අඩුම තරමේ ප්‍රාදේශීය සභාවට රුපියලක්වත් දෙන්නෙ නෑ.”‍

    සටහන/ ඡායාරූප: දඹුල්ල
    කාංචන කුමාර ආරියදාස
    - lankadeepa.lk -
    Palakayange hakiyawa tamai
     
    • Like
    Reactions: Stimulus mind

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    USA DC වල හදට ගියපු රොක්ට් එක තියන මියසිම් එක පවා උන් පෙන්නනේ free එකට අපේ උන් නොදකින්.