🚀🌎💥 ඇමරිකා එක්සත් ජනපදය විසින් අභ්‍යවකාශයේදී සිදුකළ, ලොව විශාලතම න්‍යෂ්ටික පිපිරුම - "Starfish Prime" 💥🌏🚀

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,144
    113
    xBeyi3O.jpg


    1958 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් දේශය සහ එක්සත් රාජධානිය යන රාජ්‍යයන් අතර ඇති වූ එකගතාවන් මත එළඹුණු "Limited Yest Ban Treaty" නමින් හැඳින්වූ ගිවිසුම මගින් එම රාජ්‍යයන් ඒ වන විට සිදුකරමින් සිටි න්‍යෂ්ටික අත්හදා බැලීම් තාවකාලිකව නවත දැමීමට කටයුතු සිදු කෙරිණි. නමුත් ඒ වන විට සෝවියට් සමූහාණ්ඩුවෙහි පාලකයා වූ (මෙම තනතුර Premier යන නාමයෙන් හදුන්වනු ලැබිණි) "Nikita Sergeyevich Khrushchev" විසින් 1961 වසරේ ආරම්භ කළ නවතම න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් මෙම ගිවිසුම අවලංගු විය. මේ සිදුවීමත් සමග සෝවියට් සමූහාණ්ඩුව අභ්‍යවකාශයේදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදුකරාවියැ'යි යන කරුණ සහ එමගින් ඇමරිකා එක්සත් ජනපදයට අයත් වූ අන්හර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයන්ට (ICBM) හානි පැමිණවීමේ හෝ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ හැකියාවක් සෝවියට් දේශයට හිමිවේයැ'යි යන බිය ද ඇමරිකා එක්සත් ජනපද රජය තුළ මේ වන විට විශාල වශයෙන් වර්ධනය වෙම්න් පැවතුණි.

    මෙම කරුණු මුල්කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් 1962 වසරේදී දියත් කළ "Operation Dominic" නමින් හැඳින් වූ න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ වැඩසටහනට අයත්ව "Operation Fishbowl" (Project Fishbowl) නම් ඉහළ - උන්නතාංශ න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම් මාලාව (High - altitude nuclear test) සිදු කරන ලදී. එම න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම් මාලාවේ තෙවැනි අත්හදා බැලීම වූ "Starfish Peime" නමින් හැඳින්වූ 'W49' නම් තාප න්‍යෂ්ටික අවිය (Thermonuclear warhead) යොදාගනිමින් සිදුකළ න්‍යෂ්ටික අවි පිපිරුම් අත්හදා බැලීම අභ්‍යවකාශයේදී සිදුකරන ලද ලොව විශාලතම න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම ලෙසින් ද ඉතිහාසයට එක් වේ.


    "starfish Prime" න්‍යෂ්ටික පිපිරුම








    "W49' තාප න්‍යෂ්ටික අවිය

    811px-Mark_49_warhead.jpg



    1962 වර්ෂයේ ජූලි මස 09 වන දින හවායි දූපත්වලට කිලෝමීටර 1500 ක් පමණ න්‍රිත දෙසින් පිහිටා ඇති ඇමරිකා එක්සත් ජනපදයට අයත් පැසිෆික් සාගර දූපතක් වන "Johnston island" නම් දූපතෙහි සිට 'Thor' (PGM - 17A Thor) නමින් හැඳින්වූ බැලැස්ටික් මිසයිලය යොදා ගනිමින් "Starfish Prime" න්‍යෂ්ටික අත්හදා බැලීම සදහා යොදාගත් 'W49' නම් තාප න්‍යෂ්ටික අවිය අභ්‍යවකාශය වෙත් රැගෙන යාම මෙහිදී සිදු කරන ලදී. පෘථිවියේ සිට කිලෝමීටර 1100 ක් ඉහළදී 'Thor' මිසයිලය මගින් ගෙන ගිය 'W49' තාප න්‍යෂ්ටික අවිය මුදාහැරි අතර නැවත පෘථිවිය දෙසට පතිත වීමේදී පෙර සැලසුම් කර තිබූ පරිදි හවායි'හි වේලාවෙන් රාත්‍රී 11 ට (UTC - සම්මත ජාත්‍යන්තර වේලාවෙන් උදෑසන 9 ට) පෘථිවියේ සිට කිලෝමීටර 400 ක් ඉහළ අභ්‍යවකාශ යේදී පුපුරවා හැරීම සිදු කරන ලදී. එනම් 'W49' නම් තාප න්‍යෂ්ටික අවිය රැගත් 'Thor' මිසයිලය අභ්‍යවකාශ ගත වී මිනිත්තු 13යි, තත්පර 41 ට පසුවයි.


    'Thor' (PGM - 17A Thor) නම් බැලැස්ටික් මිසයිලය

    Thor_IRBM.jpg


    TNT මෙගාටොන් 1.4 ක ශක්තියක් (Yield) මුදාහරිමින් පුපුරා ගිය "Starfish Prime" න්‍යෂ්ටික අවිය මගින් නිකුත් කළ බලවත් විකිරණයන් සහ කම්පන තරංගයන්, අභ්‍යවකාශයේදී වායුගෝලීය බලපෑම් නොමැති වීම හේතුවෙන් සෑම දෙසකටම එක් හා සමාන ශක්තියකින් යුක්තව විහිදී යාම මෙහිදී සිදුවිය. පිපිරීමත් සමග පෘථිවිය වටා වූ කිලෝමීටර දහස් ගණනක වපසරියකට අයත් ප්‍රදේශයන්ට ඉහළින් වූ ආකාසයෙහි දැවැන්ත 'අවුරෝරා' (Auroras) ආලෝක රටාවන් හටගත් අතර පිපිරුම හේතුවෙන් පෘථිවියේ ඉහළ වායුගෝලයෙහි ඇතිකළ දැවැන්ත විද්‍යුත් චුම්බක ස්පන්දන කැළඹීම් (Electromagnetic pulse disturbances) මගින් පිපිරුම සිදුවූ ස්ථානයේ සිට, ඊට කිලෝමීටර 1450 ක් දක්වා ඔබ්බට පිහිටි ප්‍රදේශයන් තුළ භාවිතා කරමින් පැවති විද්‍යුත් උපාංගයන්ට දැඩි හානි පැමිණවීම ද සිදුවිය. එමෙන්ම පිපිරුම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර 1450 ක් ඈතින් පිහිටි හවායි දූපතෙහි සවිකර තිබූ පදික වේදිකාවන්ට ආලෝකය ලබාදෙන විදුලි පහන් කණුවල සවිකර තිබූ විදුළි බුබුළු සිය ගණනක් මෙම විද්‍යුත් චුම්බක ස්පන්දයන් හේතුවෙන් පිළිස්සී ගිය අතර දුරකථන ඇතුළු සන්නිවේදන මාර්ග රාශියක් ද ඇණහිටී යාම සිදුවිය.

    හවායි'හි හොනලුළු දූපත්වලට දිස්වූ "Starfish Prime" න්‍යෂ්ටික පිපිරුමෙන් නිකුත් වූ දීප්තිමත් ආලෝකයන් හා දැවැන්ත අවුරෝරා ආලෝක රටාවන්

    fishbowl-starfish_prime_ht_45_to_ht_90_sec_maui_station_je-500x399.jpg


    Starfish5.JPG


    StarfishAD640c20.jpg


    StarfishAC640c20.jpg


    StarfishBB640c20.jpg


    20120815105052los-alamos-pacific-atomic-explosion-web.jpg


    StarfishBC640c20.jpg


    StarfishBD640c20.jpg



    Starfish_Prime_aurora_from_Honolulu_1.jpg


    Dstarfish2.jpg


    Dstarfish1.jpg

    මේ අතර පිපිරුමත් සමග නිකුත් වූ ප්‍රබල බීටා අංශු පෘථිවියේ ගුරුත්වාකර්ශන ක්ෂේත්‍රය සමග ගැටීමේදී ඉහළ ආකාසයෙහි දීප්තිමත් ආලෝකයන් ඇති කළ අතර අනෙකුත් අධි - ශක්ති ඉලෙක්ට්‍රෝනයන් මගින් පෘථිවිය වටා විකිරණ වළලු (Radiation belts) නිර්මාණය කිරීම ද සිදු කරන ලදී. මෙම පිපිරුමෙන් පසුව පෘ ථිවිය වටා එක්‍ රැස් වූ විකිරණයන්ගේ සංයුතිය, ඒවායේ ප්‍රමාණය හා ඒවායෙන් එල්ල කළ හානිකර බලපෑම් පිළිබදව විවිධ පාර්ශවයන් අතර දැඩි මතභේදයන් හට ගැනුණි. මීට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පිපිරුමෙන් ඇතිකළ බලපෑම් හේතුවෙන් ඊට දින කිහිපයකට පසුව 'TRAAC' සහ 'Transit 4B' ඇතුළු පෘථිවියෙහි පහළ කක්ෂයන්ගේ රදවා තිබූ සන්නිවේදන චන්ද්‍රිකාවන් ත්‍රිත්වයක් සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී යාම සිදුවීමයි. තවද මෙම පිපිරුමෙන් පෘථිවිය වටා නිර්මාණය කළ විකිරණ වළලු හේතුවෙන් තවත් මාස කීපයක් ගතවීමේදී ලොව පළමු වාණිජ සන්නිවේදන චන්ද්‍රිකාව වූ 'Telstar' සහ එක්සත් රාජධානිය මගින් අභ්‍යවකාශ ගත කළ පළමු චන්ද්‍රිකාව වන ' Ariel 1' ඇතුළු තවත් චන්ද්‍රිකාවන් 6 ක වූ විද්‍යුත් උපකරණ හා සූර්ය පැනලයන්ට ද දැඩි හානි පැමිණවීය.


    "Telstar' සහ 'Ariel 1' යන චන්ද්‍රිකාවන්

    Telstar_1_replica.jpg


    1280px-Ariel_1_satellite%2C_London_Science_Museum.JPG

    1968 වර්ෂයේ එළිදක්වන ලද විශේෂ
    වාර්ථවක් මගින් “Starfish Prime” න්‍යෂ්ටික පිපිරුම මගින් හටගත් "MeV electrons" වලින් සැදුම් ලත් වළල්ලක් පෘථිවිය වටා නිර්මාණය කළ බවත්, 1968 වර්ෂයේදී එළිදැක්වූ වාර්ථවක් මගින් "Starfish Prime” න්‍යෂ්ටික පිපිරුමත් සමග හටගත් අධි - ශක්ති ඉලෙක්ට්‍රෝනයන් පෘථිවි වායුගෝලය තුළ වසර 5 ක කාලසීමාවක් නොනැසී පැවති බවත් හෙළිවිය.“Starfish Prime” න්‍යෂ්ටික පිපිරුම සිදු කිරීමට පෙර මෙවැනි විද්‍යුත් චුම්බක ස්පනදන ඇතිවේ යැයි පුරෝකථනය කොට තිබුණ ද මෙවැනි ආකාරයේ අති විශාල බලපෑමක් විද්‍යුත් සන්නිවේදනයන් කෙරෙහි ඇති කිරීමට මෙම පිපිරුමට හැකිවීම න්‍යෂ්ටික අවි පිළිබඳ විශේෂඥයන් මවිතයට පත් කළ කරුණක් විය.



    💥 ලිපිය සහ ඡායාරූප සැකසුම: @Stimulus mind 💥✍️
     
    Last edited:

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    TFS bro, btw මේකෙන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා නැද්ද? මිනිස්සුන්ගෙ health එකට?
     

    Similar threads