🚀🌕🛰️ "Orion' අභ්‍යවකාශ යානය සහ චන්ද්‍රයාගේ "කුණාටු සාගරය" 🛰️🌕🚀

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    Re2fjSp.jpg



    දිනය: 2022 දෙසැම්බර් 08 වන දින

    "Orion' අභ්‍යවකාශ යානය (Orion spacecraft) පෘථිවිය බලා නැවත ගමන් ඇරඹූ පසුගිය දෙසැම්බර් 05 වනදා, චන්ද්‍රයා පසුකර යන මොහොතේදී "Orion' යානයෙහි වූ බාහිර කැමරාව මගින් ලබාගත් චන්ද්‍රයාගේ සමීප දසුනක් පහත දැක්වෙන අපූරු ඡායාරූපයෙන් නිරූපණය කෙරේ. අඳුරු ස්වභාවයක් ගත්, සුමට පෘෂ්ඨයකින් සමන්විත වූ "Orion' අභ්‍යවකාශ යානයයේ සිට ඉවතට විහිදී ගිය යානයට අයත් සූර්ය අරාවන් (solar arrays) මෙහිදී චන්ද්‍ර පෘෂ්ඨයට ඉදිරියෙන් දැකගත හැකිය. එම "සූර්ය අරාවන්" යොමු වී ඇති දිශාවට සමගාමීව, ලතින් භාෂාවෙන් "Oceanus Procellarum" යන නමින් නැතහොත් ඉංග්‍රීසි භාෂාවෙන් "Ocean of Storms"(කුණාටු මුහුද) ලෙස හදුන්වන "lunar maria/ Lunar mare" නම් වූ චන්ද්‍රයා මත පිහිටා තිබෙන පාෂාණමය තැනිතලා බිම් ප්‍රදේශයක බටහිර කොටස මෙහිදී දිස්වන අයුරු නිරික්ශනය කළ හැකිය.

    මෙම "කුණාටු මුහුද" ලෙස හදුන්වනු ලබන ප්‍රදේශය, පෘථිවි චන්ද්‍රයා මත පිහිටි "lunar maria" ප්‍රදේශයන් අතර ඇති විශාලතම "lunar maria"ප්‍රදේශය ලෙස ද සලකනු ලබන අතර මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 04 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. මේ අතර "lunar terminator" නමින් හදුන්වන චන්ද්‍රයාගේ දිවා හා රාත්‍රී කාලයන් වෙන්කරන සීමා රේඛාව (මෙය twilight zone ලෙස ද හදුන්වනු ලබයි) ඡායාරූපයෙහි වම්පස තීරුවට වන්නට දැකගත හැකි අතර කිලෝමීටර 41 ක විෂ්කම්භයකින් යුක්ත වූ "Marius' නම් වූ ආවාටය (crater Marius) ඡායාරූපයෙහි ඉහළ මධ්‍යයයට වන්නටව දිස්වන අයුරු ද නිරීක්ශනය කළ හැකිය.

    මීට අමතරව, විෂ්කම්භය කිලෝමීටර 32 ක් හා ගැඹුර කිලෝමීටර 2.6 ක් වන "Kepler' නම් වූ චන්ද්‍ර ආවාටය (crater Kepler) ඉහත සදහන් කරන ලද "Orion' අභ්‍යවකාශ යානයෙහි වූ සූර්ය අරාවන්ගේ" (solar arrays) සිට මදක් දකුණු පසට වන්නටව දැකගත හැකි අතර එහි පතිත වී ඇති සූර්ය කිරණයන් චන්ද්‍ර පෘෂ්ඨයෙහි උතුරු හා බටහිර දෙසට මෙන්ම "Marius' ආවාටයෙහි වූ අඳුරු බිම්පත්ල දක්වාත් පැතිරී ගොස් ඇති අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. එළඹෙන දෙසැම්බර් 11 වන දා "Orion' අභ්‍යවකාශ යානයෙහි මෙහෙයුම අවසන් කරමින්, එය ෆැසිෆික් සාගරයට ගොඩබැස්වීමට නාසා ආයතනය විසින් සැලසුම් කොට තිබේ.


    Image Credit: NASA, Artemis 1

    art001e002132.jpg




    නාසා'හි 'Artemis' වැඩසටහන පිළිබදව මා විසින් මීට පෙර පළකළ ලිපි


    🛰️🚀🌎 අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් අද දිනයේදී දියත් කරනු ලබන නාසා'හි 'Artemis' වැඩසටහන 🌎🚀🛰️

    🌎🚀🌕 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 17 - "Orion' අභ්‍යවකාශ යානය මගින් හසුකර ගත් පෘථීවියෙහි අසිරිය 🌎🚀🌕

    🚀🌕 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 19 - "Artemis 1" මෙහෙයුම සහ පෘථිවි චන්ද්‍රයා 🚀🌕

    🛰️🌕🌎 දවසේ නාසා ඡායාරූපය: 2022 දෙසැම්බර් 01 - අභ්‍යවකාශ ගතවීමෙන් පසුව එළඹුණු 13 වන දිනයේදී, "Orion' යානයට දිස්වූ චන්ද්‍රයා සහ පෘථිවිය 🌕🌎🛰️


     

    Similar threads