🚨 ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට කාල තරනය - Time-Arbitrage Entrepreneurship

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඇත්තටම කාල තරනය කරලද? එක පැත්තකින් ගත්තොත් ඔව්.

    මම මේ කියන්න යන්නෙ ලගකදි ඉදන් දකින ට්‍රෙන්ඩ් එකක් ගැන. මේක කියෙව්වොත් ලන්කාවෙ ඉන්න ඔයාලටත් කොනකින් ඉදන් මේකෙන් වාසි ගන්න පුලුවන්.

    ඒක මෙහෙමයි.

    ඔන්න ලන්කාවෙ ඉන්න එකෙක් ඔස්ට්‍රේලියාවට, එන්ගලන්තයට, ඇමරිකාවට යනව. ඒව ඉතින් දියුනු රටවල් නෙ.

    දැන් ඔහොම ඉන්න ගමන්, ජොබ් කරනව, ජොබ් කරන්නෙ නැති කෙනෙක් නම් ඉගෙන ගන්නව, පාට් ටයිම් කරනව, මොනා කරල හරි ඔන්න අවුරුදු ගනන් මැච් එකක් ප්ලේ කරල කොහොම හරි සිටිසන් එහෙමත් ගන්නව.

    දැන් උබලට පේන්නෙ "ආ ගිය එකා ආපහු එන එකක් නම් නෑ", "ලන්කාව වගේ කුප්ප ගොබ්බ අනාත වෙච්ච රටකට මොකට එනවද" "ලන්කාවෙ ඉන්න අපිත් මේ රටකට පැනගන්න මාර ගේමක් දෙන්නෙ" වගේනෙ.

    ඊට පස්සෙ මේ මිනිස්සු හිටපු ගමන් ලන්කාවට එන්න පටන් අරන් තියෙනව සහ දැන් ඒ ට්‍රෙන්ඩ් එක වර්දනය වෙමින් යන්නෙ. ඊලග අවුරුද්දෙ ගොඩ දෙනෙක් ආපහු ලන්කාවට එනව. ඒ එන්නෙ ලන්කාවෙ සදහටම ඉන්න බලාගෙන නෙමෙයි, යම්කිසි අරමුනකට.

    ස්ටූඩන්ට් වීස ඇවිල්ල ඩිග්‍රිය මග දාල ලන්කාවට යන අනාතයො ගැන නෙමෙයි මම මේ කියන්නෙ. අර මම උඩින් කියපු විදිහට ඔක්කොම සාර්තකව කරගෙන ආපහු ලන්කාවට එන අය ගැන.

    ඒ කියන්නෙ, සිටිසන් දක්වාම අරගත්ත අය ගැන තමයි මම කියන්නෙ. නැතුව ඒ රටවල් වල වීස ඉවර නිසා එන අය ගැන නෙමෙයි. ඒ රටවල් වල දිගටම ඉන්න පුලුවන්කම තියෙද්දිත් ලන්කාවට එන අය ගැන මම මේ කියන්නෙ.

    ලන්කාව ගොබ්බයි අනාතයි කියල එහෙම උබලට හිතෙන එක සාදාරනයි සහ උබල හිතන දේ ඇත්ත, ලන්කාව අනාත දීපයක්. මම අර කිව්ව අයත් ඒක දන්නව.

    ඉතින් දන්නවනම් එන්නෙ ඇයි.

    එයාල ඔයාල දකිනවට වඩා දෙයක් ලන්කාවෙ දකිනව. ඒ තමයි දියුනු රටවලට වඩා ලන්කාව අවුරුදු 30 ක් වත් පස්සෙන් ඉන්නෙ සහ තව දශක ගානක් යනකන් ඒ මට්ටමට හිමින් හිමින් එන්නෙ කියන එක. (එහෙම ලන්කාව කවදාවත් දියුනු නොවෙන්නත් පුලුවන්)

    ඒ කියන්නෙ, අර මම කලින් කිව්ව ඔස්ට්‍රේලියාවට, එන්ගලන්තයට, ඇමරිකාවට ගිය කෙනා ඒ රටවල් වල තියෙන සාර්තක වෙච්ච බිස්නස් සහ ක්‍රම සහ අවුරුදු 30 කට කලින් ඒ බිස්නස් කොහොමද පටන් ගත්තෙ කියන එක ගැන අවුරුදු ගානක් දැකල තියෙන්නෙ. (මම මේ කියන්නෙ අවුරුදු 30 ක් පිටරටවල් වල හිටපු ගොබ්බ ඩයල් ගැන නෙමෙයි, අවුරුදු 5-10 ත් අතර පිටරටවල් වල හිටපු අය ගැන)

    ඔයාලට අවුරුදු 30 ක් ආපස්සට යන්න පුලුවන් උනොත්, ඔයාල සල්ලි හොයන්න ගොඩක් අවස්තා එයි නේද?

    ඔයාල දැන් දන්න දැනුම සහ අත්දැකීම් එක්ක අවුරුදු 30 ක් ලන්කාවෙ අතීතයට යන්න ලැබෙනව කියන්නෙ, ඔයාලට සාර්තක වෙන්න සල්ලි හොයන්න හෝ තව දේවල් ගන්න තියෙන චාන්ස් එක ඉතාමත් වැඩියි නේද?

    අන්න ඒ විදිහට දියුනු රටවල දැකල තියෙන බිස්නස් සහ ක්‍රම ඒව ලන්කාවෙ ඉන්න අයට වඩා වෙනස්ම විදිහට අත්හදා බලන්න ඒ එන කෙනාට පුලුවන් වෙනව නේද.

    ඒ කියන්නෙ අර ආපහු එන කෙනා දියුනු රටක ඉදන් ලන්කාව වගේ රටකට යනව කියන්නෙම කාලය ආපස්සට යාමක්. එතකොට එයාලට කාල යන්ත්‍රයකින් අවුරුදු 30 ක් අතීතයට ගියා වගේ එක එක දේවල් ටෙස්ට් කරල ට්‍රයි කරල බලන්න පුලුවන්.

    සිටිසන් වගේ අරගත්ත කෙනෙක් නම් ආපහු ඒ දියුනු රටට කවද හරි යන්නත් පුලුවන් (කාල යන්ත්‍රයෙන් නැවත අනාගතයට යාමක් වගේ)

    දැන් තේරෙනව නේද එයාල මේ කරන ඉතාමත් බුද්දිමත් දේ?

    මේක මේ අද ඊයෙ තිබ්බ දෙයක් නොවුනත්, ලාන්කිකයන් මේක කරනව වැඩි උනා මේ ලගකදි ඉදන්.

    මේ ක්‍රමේට කියනව Time-Arbitrage Entrepreneurship, Reverse Migration Entrepreneurship, Institutional/Market Arbitrage වගේ විවිද නම්.

    "ආ එහෙනම් ලන්කාවෙ ඉන්න අපිත් ඒක කරනව"
    "පිටරටවල් වල සාර්තක උනු ඒව අපිත් පටන් ගන්නව"
    "ඉන්ටර්නෙට් එක තියෙනවනෙ, සර්ච් කරල හොයාගන්නව"
    "පිටරට ඉන්න කෙනෙක්ගෙන් දැනුම ගන්නව"
    "chatGPT එකෙන් අහනව"

    නෑ, එහෙම කලා කියල ඔයාලට සාර්තක වෙන්න බෑ. මොකද පිටරට දේවල් අවුරුදු ගනන් අත්දැකීම් එක්ක එන කෙනත් එක්ක ඔයාල ලන්කාවෙ ඉදන් ඉන්ටර්නෙට් එකෙන් හොයන දේවල් සසදන්න බෑ.
    අනිත් එක පිටරටවල අවුරුදු ගනන් ඉදල එන දැනුම අත්දැකීම එහෙම ෆෝන් කෝල් වලින් ලබාදෙන්න බෑ තව කෙනෙකුට, එහෙම දෙන්නෙත් නෑ කවෘවත්.

    chatGPT එකට බෑ උන් ඒ අත්දැකීම් වලින් දැක්ක ලෝකය උබලට උගන්න්න. ඒක නිසා ඒකෙනුත් වැඩක් නෑ.

    අර මම කිව්ව සිස්ටම් එකටම ආපහු ලන්කාවට එන කෙනෙක්ට විතරයි මේක කරන්න පුලුවන්.
    මොකෝ එයාල ලන්කාවට එන්නෙ ලන්කාවෙ එයාලගෙ අයිඩියා ක්‍රියාත්මක කරන බේස් එක හදන්න මිසක් එන්ගලන්තය ඔස්ට්‍රේලියාව වගේ හොද රටවල් හොද නැති නිසා නෙමෙයි.

    "ඉතින් ලන්කාවෙ ඉන්න අයට මේකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද?"
    "ඒකෙ වාසිය හම්බෙන්නෙ ඒ එන කෙනාටනෙ"
    "අපි අවුරුදු ගනන් පිටරට ඉදල නෑනෙ, ඒක නිසා ලන්කාවෙ අපි සදා අනාතයි ද?"

    නෑ. ඒක මෙහෙමයි. ඒ එන කෙනා එන්නෙ දේවල් කරන්න බලාගෙන.
    ඔයාලට එයාල තරම් මොලේ නැති වෙන්න පුලුවන් සහ එයාල තරම් ලන්කාවෙ අනාගතය දැකල අත්දැකීම් නැති වෙන්න පුලුවන්.
    ඒත් ඔයාලට පුලුවන් එයාලත් එක්ක එකතු වෙලා එයාල කරන වැඩ වලට උනන්දුවෙන් සම්බන්ද වෙන්න.
    මොකද ඒ වැඩ සාර්තක වීමේ සම්බාවිතාව ඉතා වැඩී, මොකෝ එයාල අනාගතේ දැකල එන්නෙ.
    ඔයාල සම්බන්ද උනාම එයාල හොයන සල්ලි හෝ මොනයම් දේවල් වලින් කොටසක් ඔයාටත් එයාල දෙයි.

    උබලට මතක ඇති කොරෝන කාලෙ පයිලට්ලට ජොබ් නැති උනා කියල කෝපි කඩ දැම්ම. උබල හිතන්නෙ උන් ඒක කලේ උන්ට සල්ලි නැති නිසා කියලද? අපෝ නෑ පයිලට් විදිහට ජොබ් කරපු උන්ට සල්ලි තියෙනව කොරෝන කාලෙ සැපසේ ජීවත් වෙන්න. ඒත් උන් ඒක කලේ උන්ගෙ සිස්ටම් එකක් අත්හදා බලන්න. ලන්කාව තමයි ඒකට හොදම තැන.

    ඔයාල නිකන්ම "අපි සපෝට් මචන්" කියන එක නෙමෙයි, එයාලගෙ බිස්නස් වලට එයාලගෙ අයිඩියා වලට ප්‍රායෝගිකව සපෝට් කරන්න.
    පඩි බලාගෙනම වැඩ කරන්න එපා, එයාලත් එක්ක කතා කරල ඒ පටන් ගන්න බිස්නස් වල ප්‍රොෆිට් එකෙන් පොඩි කොටසක් ඔයාටත් දෙන්න කියල කියන්න.
    අනිවා ඔයාලට ඒක සාර්තක වෙනකොට ලොකු ගානක් එනව.

    මම මේ කියන්නෙ බිස්නස් එකේ කොටස් ඉල්ලන එක නෙමෙයි. පුලුවන් නම් ඔයාල මොලේ පාවිච්චි කරල
    "මම සාමන්‍යයෙන් රු ලක්ශයක් පඩි ගන්නව, මම මේ මාස 6 මේකට සම්බන්ද වෙලා නොමිලේ වැඩ කරන්නම්, මාස 6 න් පස්සෙ මේ බිස්නස් එකේ වියදම් කවර් කරගෙන ඉතුරු එකෙන් මගේ පඩිය බේරන්න තරම් ප්‍රොෆිට් එකක් ආවොත් මගේ පඩිය ඩබල් කරල බේරන්න පුලුවන්ද?" ඒ කියන්නෙ මාස 6 කින් ලක්ශ 12 ක් කෙලින්ම ඔයාට හම්බෙනව.

    ඔයාලට එහෙම කරන්න බැරි නම්, එයාලත් එක්ක ෆ්‍රීලාන්ස් විදිහට හරි මුලදි දේවල් උනන්දුවෙන් කරල දෙන්න. සාර්තක වෙනකොට ඔයාලගෙන් අයින් වෙලා වෙන අයට දෙන්නෙ නෑ. අනිවා ඔයාලටමයි හම්බෙන්නෙ.

    ඔයාලට ශ්‍රමය දෙන්න බැරි නම් සල්ලි තියෙනව නම් සල්ලි වලින් ඉන්වෙස්ට් කරන්න ඒ බිස්නස් වලට. ලන්කාවෙ ඉන්න කෙනෙක් පටන් ගන්න බිස්නස් වලට වඩා ඒව සාර්තක වෙන්න තියෙන චාන්ස් එක වැඩී.
    ඒ දේවල් වලට ඔයා ප්‍රොෆිට් එකෙන් යම්කිසි ප්‍රතිශතයක් ඉල්ලන්න. අවුරුද්දකට දුන්නු සල්ලි වලින් 10% ක් වැඩිපුර ඉල්ල ගත්තත් ලන්කාවෙ ෆික්ස්ඩ් ඩිපෝසිට් දානවට වඩා ලාභයි. ඊට වඩා ඉල්ලන්න, මම මේ කිව්වෙ උදාහරනයක්.

    උදාහරනයක් විදිහට කෙනෙක් එන්නෙ ඉඩම් අරන් ඒව දියුනු කරල විකුනන්න වගේ වෙන්නත් පුලුවන්. (ආ අපිටත් පුලුවන් නෙ ඕක කරන්න කියල හිතුවට උබලට බෑ උන්ගෙ සිස්ටම් එකට කරන්න). ඒ අයගෙ බිස්නස් එකට සල්ලි ඉන්වෙස්ට් කරන්න පුලුවන් උබලට සල්ලි තියෙනව නම්. එහෙම නැත්තන් එකතු වෙලා බිස්නස් කරන්නත් පුලුවන්.

    මේකෙ රිස්ක් එකක් නැතුව නෙමෙයි, ඒත් ඒ එන කෙනා එන්නෙ සාර්තක වීමේ ප්‍රතිශතය ඉතා වැඩි බව දැනගෙන. එතකොට ඔයාලටත් රිස්ක් එක අඩුයි.

    ලාභයක් ආවෙ නැත්තන් ඔයාලට සල්ලි නෑ, එයාටත් නෑ. බිස්නස් එක සාර්තක නොවුනොත් එයාට ඔයාට වඩා පාඩුයි බිස්නස් එකට වියදම් කරපුව එක්ක. එතකොට එයා බලන්නෙත් කොහොම හරි සාර්තක වෙන්න.

    අනිත් එක එයාලත් එක්ක ඉන්නකොට තේරෙයි වැඩේ සාර්තකද නැද්ද කියල. ඒක ඉතින් මාසෙන් දෙකෙන් කියන්න බෑ, අඩුම මාස 6 ක් අවුරුද්දක් වත් යනව.
    හැබැයි මුලින් සාර්තක මදි වගේ පෙනුනත් සාර්තක පැත්තට යන එකක් එක්ක දිගටම හිටියොත් ඔයාලටත් වාසී.

    ලන්කාවෙ හිටපු කෙනෙක් එක්ක නැතුව පිටරටින් මම අර කියපු ක්‍රමේට ආපු කෙනෙක් එක්ක බිස්නස් වැඩකට සෙට් වෙනව කියන්නෙ සාර්තක වීමේ ප්‍රතිශතය ඉහලයි. මොකෝ එයාල නිකන් හොද රටවල් දාල සවුත්තු රටවලට එන්නෙ නෑ. ටාගට් එකක් තියාගෙනම තමයි එන්නෙ.

    ඔහොම එන අය ට්‍රයි කරන්නෙ උබලට හිතාගන්න බැරි බෝරින් සහ පොඩි බිස්නස් වෙන්නත් පුලුවන්.
    සෑහෙන අයි කැචී දිලිසෙන බිස්නස් වෙන්නත් පුලුවන්.
    පොඩියට වෙන්නත් පුලුවන්, ලොකුවට වෙන්නත් පුලුවන්. සමහර ඒව උබලට පෙනෙයි මූ මේ හිගන විදිහට මේව ලන්කාවෙ කරන්නෙ ඇයි හොද රටකට වෙලා ආතල් එකේ ඉන්න පුලුවන් නෙ කියල.
    උබල වැරදියි, උන් එන්නෙ ටාගට් එකකට. මුල පොඩි උනත් අන්තිම ටාගට් එක උබලට හිතාගන්නවත් බැරි තරම් ලොකුයි. මොකෝ උන් ලෝකෙ බිස්නස් වල විශාලත්වය දැකල එන්නෙ.

    මොන දේ උනත් උන් එක්ක සෙට් වෙයන්, උබට දෙන්න පුලුවන් උපරිමයෙන් උදව් කරපන්. මේකත් උබට ගොඩ යන්න තියෙන හොද චාන්ස් එකක් කියල හිතපන්. මොකද හොද රටවල් වලින් එන එකා එන්නෙ සෑහෙන සිස්ටම්ස් ගොඩක් දැකල, සාර්තක වෙච්ච දේවල් දැකල. උබටත් ඒකෙම එල්ලිල සාර්තක වෙන්න තියෙන චාන්ස් එක ඉතා වැඩී. උන් එන්නෙ ලන්කාවෙ සදහටම ඉන්න නෙමෙයි. උන් එන්නෙ ලන්කාවෙ බේස් එක හදල ඒක සාර්තක කරල ආපහු යන්න. ඒක අවුරුදු ගානක වැඩක් වෙන්නත් පුලුවන්.

    ඒක නිසා මේ චාන්ස් එක අතෑරගන්න එපා. මේ ට්‍රෙන්ඩ් එක මම ගොඩක් දකින නිසයි කියන්නෙ. දැනටමත් ලන්කාවට ඇවිල්ල මේ දේ කරන අය ඉන්නව. හොයල සෙට් වෙයල්ල.

    උබලට හිතාගන්නවත් බැරි සවුත්තු බිස්නස් කරනව වෙනස්ම ක්‍රමේකට, එකෙක් කෝපි කඩ දාල, එකක් මුලින් ඇරල දැන් 7 වෙනි එක, මාස 3 න් (ආ උබල හිතන්නෙ සවුත්තු බිස්නස් කියලද?).
    තව එකෙක් ටොෆී හදනව, උන්ගෙ ගෙදර ගරාජ් එකේ, හැබැයි ඌ සිස්ටම් එකකට කරන්නෙ, තව පොඩි ෆැක්ටරි 3 ක් ඕපන් කරන්න ඉන්නෙ ඊලග මාසෙ.
    තවත් එකෙක් චොකලට් හදනව, ඒත් උබල ඔය දකින ෆ්ලැට් චොකලට් එක නෙමෙයි, තව මාස කීපයකින් ඒවත් උබලට දකින්න හම්බෙයි. අලුත්ම විදිහක්.
    තවත් එකෙක් වාහන වලට එන සෙන්සර් හදනව.
    තවත් එකෙක් මෙඩිකල් ඩිවයිස් එකක් ප්‍රොටෝටයිප් කරල, දැන් ඒක ලන්කාවෙ හදන්න යන්නෙ.
    තවත් එකෙක් ගස්ලබු වවනව (ආ හිතුවෙ කන්න හෝ පොලේ විකුනන්න කියලද? නෑ, ඒවලින් එන කිරි වලින් සන්ඝටක වෙන් කරල පෙත්තක් ලන්කාවෙම හදන්න යන්නෙ)

    තවත් එකෙක් මැනික් බිස්නස් කරන්න පටන් ගත්ත, ලන්කාවෙ මැනික් දැකලවත් නැති එකෙක්, ඌ පිටරට සෙට් උනේ මැනික් බිස්නස් එකක් කරන එකෙක් ලගට. ඔස්ට්‍රේලියාවෙ සිටිසන් ගත්ත කෙනෙක්. දැන් ලන්කාවෙ ඉන්නෙ.
    ඌ කොලබ හිටපු එකෙක්, දැන් ඉන්නෙ රත්නපුරේ. ලන්කාවෙ ඉන්න එවුන්ට පුදුමයි ලු මූ මොනා කරනවද කියල දුර පැති වල. මොකෝ සාමාන්‍යයෙන් ලන්කාවට එන කෙනෙක් අවුරුදු ගානකට පස්සෙ ඉන්න බලන්නෙ තමන්ගෙ පුරුදු පැත්තෙ.

    හැබැයි උබල ඒව කරන්න හැදුවොත් උබලට කරන්න බෑ, මොකෝ උබල සිස්ටම් එක දන්නෙ නෑ, උන් මොන සවුත්තු බිස්නස් කලත් ක්‍රමේ දන්නව.
    සාර්තක වෙන නොවෙන එක කෙසේ වෙතත් උබලට වැඩිය වෙනස් විදිහට උන් කරන්නෙ.

    උන් ලන්කාවට ඇවිල්ල ලොකු සද්දයක් නැතුව ලන්කාවෙ කොහෙ හරි පැත්තකට ගිහිල්ල ප්ලෑන් කරල වැඩේ හිමීට පොඩියට පටන් අරන් එක පාරම බ්‍රාන්චස් දාල ස්කේල් කරනව ලොකු ප්‍රොෆිට් එන විදිහට.

    මම දන්න හොද ජොබ් කරපු ගොඩක් අය දැනටමත් ලන්කාවට ගිහින් ඉන්නෙ. එයාල මේ වෙනකොටත් කාල තරනය කරල ගොඩක් දේවල් කරනව.

    කාල තරනය කරන්නෙ මොලේ තියෙන මිනිස්සු. ඒ වගේ මොලේ තියෙන මිනිස්සු එක්ක සෙට් වෙලා උබලත් ගොඩ යමල්ල.
    කිසිම චාන්ස් එකක් නිකන් අතාරින්න එපා. එයාලගෙන් ඉගෙන ගන්න ඔයාලටත් ගොඩක් දේවල් තියෙයි.
    එයාල හරහා ඔයාලටත් සල්ලි හම්බෙයි ( එහෙම කියල එන එවුන්ගෙන් ලැජ්ජ නැතුව නය ඉල්ලන්න එපා, මොකෝ නය නොදෙන්නත් උන්ට මොලේ තියෙනව).

    මම හොදටම දන්නව මේක බලල අනාගතේ දියුනු වෙන අය ඉන්නව කියල. ඒක නිසා ට්‍රෙන්ඩ් එක දැක්ක නිසා කියන්න හිතුන.

    හැමෝටම ජය!

    තව කෙනෙකුට ගොඩ යන්න බම්ප් එකක් දාගෙන යන්න.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    ඇත්තක්.... ග්ලෝබල් trends වලට ලංකාවේ අය set කරන එක දුපතේ අයට අමාරුයි. ඉතින් ගොඩක් වෙලවට විදේශීය ඇසුර ඕනේ.
     
    • Love
    Reactions: tarson

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Pissuda yako okun karana api nodanna businesses.. okun karana ekama successful de ehe sale dammama fish oil, multi vitamin bothal tax jalthara karala mehe genath wikunana eka witharai..
    Naththan migration agent kiyan rata yana ungen salli kadana eka..

    Melo entrepreneurship skill ekak nathi pure job anathayo thama 95% rata giya ewun..
    Salli hoyan mehe awith idamak geyak gathath hawo wage lassanata ahu wenawa..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඇත්තක්.... ග්ලෝබල් trends වලට ලංකාවේ අය set කරන එක දුපතේ අයට අමාරුයි. ඉතින් ගොඩක් වෙලවට විදේශීය ඇසුර ඕනේ.

    ඔව්. පිටරටක හැමදේම සාර්තක කරගත්ත කෙනා දන්නව ඉතුරු දේවල් සාර්තක කරගන්නෙ කොහොමද කියල.

    එහෙම අය ලන්කාවට ආවම උන් එක්ක සෙට් වෙලා බිස්නස් මැච් එකක් ගහන එක ලන්කාවෙ හිටපු කෙනෙක් එක්ක සෙට් වෙනවට වඩා ගොඩක් සාර්තකයි.

    විශේශයෙන් දීර්ඝකාලීනව සාර්තකයි.

    මේක මොලේ තියෙන ලන්කාවෙ ජීවත්වෙන සමහර අය දන්නව. උන් සෙට් වෙනව චාන්ස් එක ආපු ගමන් පිටරටක හිටපු එකෙක් ලන්කාවෙ බිස්නස් පටන් ගත්ත ගමන්.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,035
    113
    ඒ උනාට උගේ අවුරුදු 30ක අනාගත දැනුම අපේ කළු කොට අනත කුකුලන්ට තෙරුන් නැති වුනොත්? සෙට් නැති උනොත්?
    ඌ ලොස්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඒ උනාට උගේ අවුරුදු 30ක අනාගත දැනුම අපේ කළු කොට අනත කුකුලන්ට තෙරුන් නැති වුනොත්? සෙට් නැති උනොත්?
    ඌ ලොස්.

    එහෙම එවුන් ආපහු ලන්කාවට එන්නෙ නෑ කටු කන්න බලාගෙන.
    වෙන හොද රටක සිටිසන් වගේ ගත්ත එකෙක් ලන්කාවට කටු කන්න එනව කියන්නෙම ඌ සෑහෙන දේවල් ටිකක් දැනගෙන එන්නෙ.

    හැම එකක් ම සාර්තක නොවෙන්න පුලුවන්, ඒත් පිටරටින් එන කෙනා සාර්තක වීමේ ප්‍රතිශතය ඉතා වැඩී ලන්කාවෙ හිටපු එකෙක් බිස්නස් කරනවට වඩා.

    අසාර්තක උනොත් ඌ තව එකක් කරන්න පටන් ගනී. එච්චරයි. මොකක් හරි එකක් සාර්තක වෙනවම තමයි.

    මොකද ඌ එන්නෙ සාර්තක වෙන්න බලාගෙන මිසක්, ලන්කාවෙන් එලියට යන්න බැරුව අනාත වෙලා කරන්නම් වාලෙ දේවල් කරන්න නෙමෙයි.

    මොකද ඌ ලන්කාවෙන් දැනටමත් එලියට ගිහින් ඉවරයි. ලෝකෙ කොච්චර ලොකුද, කරන්න පුලුවන් වැඩ කොච්චර ලොකුද කියල මනස හැදිල ඉවරයි.

    ලන්කාවෙ ජීවත් වෙන කෙනාට ඒ මනස නෑ.
     
    • Like
    Reactions: udsic

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,370
    13,272
    113
    33
    ෆින්ලන්ඩ්
    Ohoma wena rataka hitapu Dial ekak mehe aewith demma 'Pauguet specialise' car repair center ekak Boralesgamuwe.
    Mehe maka bas la ge weda nisa pora Guti neme Marum noka bohoma amruwen berune. Peugeot 5008 repair karanna aran karapu wahana okkoma budu saranai
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Ohoma wena rataka hitapu Dial ekak mehe aewith demma 'Pauguet specialise' car repair center ekak Boralesgamuwe.
    Mehe maka bas la ge weda nisa pora Guti neme Marum noka bohoma amruwen berune. Peugeot 5008 repair karanna aran karapu wahana okkoma budu saranai

    හැම එකම සාර්තක වෙන්නෙ නෑ. ඌ වෙන එකක් කරන්න ඇති උබ දන්නෙ නැති උනාට. එහෙම තමයි ලන්කාවට තමයි ටෙස්ටින් ග්‍රවුන්ඩ් එක උන්ගෙ. එකක් අසාර්තක උනා කියල ඔක්කොම අසාර්තක වෙන්නෙ නෑ. උන් එන්නෙ සිස්ටම්ස් අත්හදා බලන්න.

    අනිත් එක ඒක උගෙ වැරැද්දකින් නෙමෙයි නෙ, ලන්කාවෙ ඉන්න කුපාඩියො ටික හරියට කරල නැති නිසානෙ.
     
    nidarsha91

    Well-known member
  • මොකද ඒ වැඩ සාර්තක වීමේ සම්බාවිතාව ඉතා වැඩී, මොකෝ එයාල අනාගතේ දැකල එන්නෙ.
    ඔයාල සම්බන්ද උනාම එයාල හොයන සල්ලි හෝ මොනයම් දේවල් වලින් කොටසක් ඔයාටත් එයාල දෙයි. :angry:

    සුද්දො අති බහුතරය දියුණු වුණේ ආසියාවෙන් හොරා කාල. උන්ගෙ සිස්ටම් බලල ලංකාවට යන උන් ගැන කියන්න එපා උඹ. අනික තමයි මොන රෙද්දෙ බිස්නස් එක කළත් උඹ කියල තියෙනව වගේ ස්කේල් අප් කරන්නෙ ලංකාවෙ නං අනිවා වැඩට ගන්නෙ කාවද? ලංකාවෙ උන්ව. උන්ට තියෙන හීනෙ මොකක්ද? රට පයින එක. නැතුව හොඳට වැඩ කරන එක නෙමෙයි. ඉතින් බිස්නස් වලට මාර ප්‍රොෆිට් එන්නෙ නෑ. ඒකයි ලංකාවෙන් ලොකු ලොකු ඔලුව තියෙන බිස්නස් කඩාගෙන ගියෙ. උඹල වගේ කපටි කරන්නෙ හුක් එකක් ගහගන්න පොටක් පාද ගන්නවා. මොකද ලංකාවෙ වෙන රටවල් වල වගේ ටැක්ස් නැති හින්ද ගේනක් ගහන්න.

    අනේ බන් උඹල වගේ උන් මොන රෙද්දෙ රටකට ගියත් ආකල්ප දියුණු නොවී හෙන පොරවල් වෙන්නෙ නෑ.

    හැම එකම සාර්තක වෙන්නෙ නෑ. ඌ වෙන එකක් කරන්න ඇති උබ දන්නෙ නැති උනාට. එහෙම තමයි ලන්කාවට තමයි ටෙස්ටින් ග්‍රවුන්ඩ් එක උන්ගෙ. එකක් අසාර්තක උනා කියල ඔක්කොම අසාර්තක වෙන්නෙ නෑ. උන් එන්නෙ සිස්ටම්ස් අත්හදා බලන්න.

    අනිත් එක ඒක උගෙ වැරැද්දකින් නෙමෙයි නෙ, ලන්කාවෙ ඉන්න කුපාඩියො ටික හරියට කරල නැති නිසානෙ.
    එතකොට වැඩ කරපු උන්ට මොකද වෙන්නෙ කියපංකො? අයිතිකාරය හරියන්නෙ නෑ කියල වෙන එකක් දායි. නැත්තන් යන්න යයි. වැඩ කරපු උන්ට හුලන්. තොපි වගේ එවුන් නන් ලෝක සාපයක්. හරියට බක්ස් සයිට් කාරයො වගේ. උන්ගෙ වැඩේ කරගත්ත කරපු උන්ට පුක පෙන්නුවා
    ------ Post added on Aug 28, 2025 at 12:44 AM
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    bitcoin 0.1 wath aran thiyaganin. wena monawtah ona na. eka aran oya inna wiidyatama hitapan. thawa awrudu 10kin wage balapan eke value eka..ethanin ehata monawtah ma karanna ona wena ekak na..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,885
    113
    සේදවත්ත
    ලංකාවට එන්න නම් සිංහලුගේ සමාජ , පාරිසරික , දේසපාලන ආකල්ප වර්ධනය වෙන්න ඕනේ එච්චරයි අනික්වා දරාගන්න පුලුවන් . මේ අඩුකුලේ වයිබ් එක දරාගන්න බෑ කියලයි කියන්නේ රට යන උන් .
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මොකද ඒ වැඩ සාර්තක වීමේ සම්බාවිතාව ඉතා වැඩී, මොකෝ එයාල අනාගතේ දැකල එන්නෙ.
    ඔයාල සම්බන්ද උනාම
    එයාල හොයන සල්ලි හෝ මොනයම් දේවල් වලින් කොටසක් ඔයාටත් එයාල දෙයි. :angry:

    සුද්දො අති බහුතරය දියුණු වුණේ ආසියාවෙන් හොරා කාල. උන්ගෙ සිස්ටම් බලල ලංකාවට යන උන් ගැන කියන්න එපා උඹ. අනික තමයි මොන රෙද්දෙ බිස්නස් එක කළත් උඹ කියල තියෙනව වගේ ස්කේල් අප් කරන්නෙ ලංකාවෙ නං අනිවා වැඩට ගන්නෙ කාවද? ලංකාවෙ උන්ව. උන්ට තියෙන හීනෙ මොකක්ද? රට පයින එක. නැතුව හොඳට වැඩ කරන එක නෙමෙයි. ඉතින් බිස්නස් වලට මාර ප්‍රොෆිට් එන්නෙ නෑ. ඒකයි ලංකාවෙන් ලොකු ලොකු ඔලුව තියෙන බිස්නස් කඩාගෙන ගියෙ. උඹල වගේ කපටි කරන්නෙ හුක් එකක් ගහගන්න පොටක් පාද ගන්නවා. මොකද ලංකාවෙ වෙන රටවල් වල වගේ ටැක්ස් නැති හින්ද ගේනක් ගහන්න.

    අනේ බන් උඹල වගේ උන් මොන රෙද්දෙ රටකට ගියත් ආකල්ප දියුණු නොවී හෙන පොරවල් වෙන්නෙ නෑ.

    එතකොට වැඩ කරපු උන්ට මොකද වෙන්නෙ කියපංකො? අයිතිකාරය හරියන්නෙ නෑ කියල වෙන එකක් දායි. නැත්තන් යන්න යයි. වැඩ කරපු උන්ට හුලන්. තොපි වගේ එවුන් නන් ලෝක සාපයක්. හරියට බක්ස් සයිට් කාරයො වගේ. උන්ගෙ වැඩේ කරගත්ත කරපු උන්ට පුක පෙන්නුවා
    ------ Post added on Aug 28, 2025 at 12:44 AM

    උබ මේක දිහා බලන විදිහෙ අව්ලක් තියෙන්නෙ, අයිති එකත් ලොකු රිස්ක් එකක් ගන්නව තමන්ගෙ සල්ලි දාල තමන්ගෙ අනිත් වැඩ කටයුතු නවත්තල.

    ඒ එන එකා එන්නෙ උබලව විනාශ කරන්න වගේ කියල හිතන එකයි උබේ අව්ල.

    මේක හිතන්න ඕනෙ හැමෝම එකතු වෙලා කරන මැච් එකක් විදිහට. පඩියක් දෙනවම නෙමෙයි නෙ, ලාභ එනකොට ඒ සම්බන්ද උනු කෙනාට සාමාන්‍ය ජොබ් එකකින් එනවට වඩා ගානක් එනව. සමහර වෙලාවට අයිතිකාරය ප්‍රොෆිට් ගන්නෙම නැතුව, වියදම් ටික බැලන්ස් කරල ඉතුරු ඔක්කොම සේවකයන්ට බෙදන අවස්තාත් මම දැකල තියෙනව. හැබැයි ඒ ලන්කාවෙ දිගටම හිටපු එවුන් නෙමෙයි, අර මම උඩින් කිව්ව වගේ සිස්ටම් ටෙස්ට් කරන්න එන උන්.

    උබට උන් එන්නෙ ඇයි පිට රටවල හොදට ඉන්න පුලුවන් කම තියෙද්දි කියල කල්පනා කලොත් උබට තේරෙයි ඕකෙන් වැඩිපුරම වාසි හම්බෙන්නෙ ඒ බිස්නස් වල සම්බන්ද උනු එවුන්ට කියල. එන එකා එන්නෙ සල්ලි හම්බ කරන්නම නෙමෙයි, ඌටත් පාඩුවක් නොවී ස්කේල් කරන්න.

    බිස්නස් කරන්න හිතෙන ඒත් පටන් ගන්නෙ කොහෙන්ද, සහ ඔලුවට අයිඩියා එන්නෙ නැති එවුන් ඕනෙ තරම් ඉන්නව ලන්කාවෙම ඉන්න. එයාලට ගොඩක් හොදයි මේ වගේ පිටින් එන එවුන් එක්ක සෙට් වෙන එක, මොකද පිටින් එන එකා ඔක්කොම සෙටප් කරනව, ලන්කාවෙ ඉන්න අයට තියෙන්නෙ සම්බන්ද වෙලා උනන්දුවෙන් මැච් එක ගහන්න.

    හිතන විදිහ වෙනස් කරගනින් උබට මේක තේරෙයි. ලන්කාවෙ ඉන්න එවුන්ට තමයි මේකෙන් වාසිය වැඩිම.
     
    • Like
    Reactions: Tricle_Buwa

    nidarsha91

    Well-known member
  • "අයිති එකත් ලොකු රිස්ක් එකක් ගන්නව තමන්ගෙ සල්ලි දාල තමන්ගෙ අනිත් වැඩ කටයුතු නවත්තල" අපේ උනුත් අනිත් වැඩ දාල මේ වගේ ප්‍රොජෙක්ට් එකකට සෙට් වෙනවා. අන්තිමේ පඩි නං කොහොමත් නෑ උඹ කියන විදියට. ඊලඟට ලාභත් නෑ. ඊටත් පස්සෙ ලෙලිත් නෑ

    මචන් උඹ කියනව නම්, ලොකු තැනකට ගිය මිනිස්සු නිකන්ම කාලය - මුදල් වියදම් කරනවා කියල. ඒක ලොකු මුලාවක් නේද මචන්? මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි කියල කතාවක් උඹ අහල තියෙනවනෙ. ආසියාවට ලොකු ලොකු අයියල එන්නෙම තමන් ගැන හිතල මිසක වෙන මගුලකට නෙමෙයි. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. මතු අනාගතෙත් එහෙමම තමයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    "අයිති එකත් ලොකු රිස්ක් එකක් ගන්නව තමන්ගෙ සල්ලි දාල තමන්ගෙ අනිත් වැඩ කටයුතු නවත්තල" අපේ උනුත් අනිත් වැඩ දාල මේ වගේ ප්‍රොජෙක්ට් එකකට සෙට් වෙනවා. අන්තිමේ පඩි නං කොහොමත් නෑ උඹ කියන විදියට. ඊලඟට ලාභත් නෑ. ඊටත් පස්සෙ ලෙලිත් නෑ

    මචන් උඹ කියනව නම්, ලොකු තැනකට ගිය මිනිස්සු නිකන්ම කාලය - මුදල් වියදම් කරනවා කියල. ඒක ලොකු මුලාවක් නේද මචන්? මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි කියල කතාවක් උඹ අහල තියෙනවනෙ. ආසියාවට ලොකු ලොකු අයියල එන්නෙම තමන් ගැන හිතල මිසක වෙන මගුලකට නෙමෙයි. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. මතු අනාගතෙත් එහෙමම තමයි

    ඉතින් බලපන් උබ හිතන විදිහෙ ලොකු අව්ලක් තියෙනව.

    ඔව්, හැමෝම බලන්නෙ දියුනු වෙන්න, ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ අනිත් මිනිහව පාගල අනිත් මිනිහට කෙලවල ගොඩ යනව කියල.

    රිස්ක් එකක් ගන්නෙ දැන් සල්ලි හොයන්න නෙමෙයි වෙන්න පුලුවන්, ස්කේල් කරාට පස්සෙ පොඩි මාජින් එකක් තියාගත්තත් ලොකු ගානක් එනව. ඒකෙන් ගොඩක්ම ලාබ සේවකයන්ට. මුලින් සල්ලි හෙව්වට සමහර අය ඒව සේවකයන්ට බෙදල ඉතුරු ටික ආපහු බිස්නස් වලටම වියදම් කර්නව, නිකන් ස්කේල් කරන්න සල්ලි ඉබේ පහල වෙන්නෙ නෑනෙ.

    අනිත් එක ජොබ් කරන්න විතරක් බලන් ඉන්න එවුන් ඒ වගේ ප්‍රොජෙක්ට්ස් වලට සම්බන්ද නොවී ඉන්න එක හොදයි, මොකෝ ඉතින් අයිති කෙනා රිස්ක් එකයි ඔක්කොමයි දරල උබලට ලොකු ලාභෙකුත් නිකන් හම්බ කරල දෙන්න උන්ට පුපේ අමාරුවක් නෑනෙ. හැමෝම රිස්ක් ගන්නව නම් ප්‍රතිලාභ වැඩී, ඔව් ලොස් වෙන්නත් පුලුවන් හැමෝම එකට.

    ඔව් මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි, ඒත් ඒක උබ හිතන විදිහෙ ජරා විදිහට වෙන්නෙ නෑ.
     
    nidarsha91

    Well-known member
  • ඉතින් බලපන් උබ හිතන විදිහෙ ලොකු අව්ලක් තියෙනව.

    දැනට මිලියනක් තියෙන එකෙක්ට ලොස් වුණාම ඌ දරාගන්න විදියයි, දැනට අතේ මිල්ලයක් තියෙන එකෙක් ලොස් වුණාම ඒක දාරගන්න විදියයි එකද මචන්?

    ලොක්කො ලොස් වුණාම අකුලගෙන ගියාම, උඹද අර පඩිත් නැති ජොබුත් නැති උන්ට කන්න දෙන්නෙ?

    හැම එකාටම තමන්ට පුළුවන් මොකක්ද කියල අවබෝද කරල නොදී අච්චර හොයන්න පුළුවන් මෙච්චර හොයන්න පුළුවන් කියල ඔය වගේ මගඩි සෙට් කළාම, උන් කරගෙන ආව දේවලුත් මග නවත්තල ලොක්කො එක්ක සෙට් වෙනවා. ඊට පස්සෙ අර කරගෙන ආව එකත් නෑ. ලොක්කන්ගෙන් හම්බෙන දේකුත් නැහැ. ලංකාවට ආදරේට, ලංකාවෙ මිනිස්සුන්ට ආදරේට ප්‍රොජෙක්ටස් අරගෙන ලංකාවට එන මිනිස්සු අතේ ඇඟිලි ගානටත් අඩුයි මචන්. කවුරුත් තව එකෙක්ව ගොඩ දාන්න වැඩ කරනව කියල කියනව නම්, පෙන්නපන් සාක්ෂි එක්ක. නැත්තන් මම පෙන්නන්නං අපේ වුන්ට රොතු පිටින් කෙලෝල ගිය ඒව ඕන තරම්.

    යකෝ සුද්දො එද්දි අපේ රට මංකොල්ල කන්න, ඒ ආව සුද්දන්ට වඩා මිනිස්සු මේ රටේ උන්නා. සුද්දො 5000ක් ආව නම්, ස්වදේශිකයො 15000ක් වගේ කියල හිතපන්. එතකොට කොහොමද මේ රට අල්ලගන්නෙ? මේකෙම උන්න බොක්ක කුණු වුන කාපු පතේ පහරන කුහක හැත්ත හින්ද. ඉතින් උඹ කියනව නං, එහෙම නැහැ කියල. නිමි
     
    කොහොමද බන් සේවකයො සල්ලි දාන්නෙ නැතුව ලොස් වෙන්නෙ? උබ කියන්නෙ ශ්‍රමය දුන්නු එක ලොස් කියලද?
    ඉතින් ඒ කියන්නෙ ඌ පඩියට වැඩ කරන්න වගේ ඇවිල්ල පඩියත් ඕනෙ ප්‍රොෆිට් එකත් ඕනෙ වගේ එකක් ද උබ කියන්නෙ? එහෙම ඒව නෑ, එක්කො පඩි විතරක් ගන්න පුලුවන් එහෙම නැත්තන් අයිතිකාරයට "සල්ලි + ශ්‍රමය + රිස්ක්" --> රිවෝඩ් (ලාහය), සේවකයන්ට "ශ්‍රමය --> ලාභය" රිස්ක් එකක් නෑ, රිස්ක් තිබ්බත් සල්ලි ලොකුවට නාස්ති වෙන්නෙ නෑ.

    ඉතින් උබ කියන්නෙ එහෙම සේවකයො රිස්ක් ගන්නෙත් නැතුව පඩිත් දීල ප්‍රොෆිට් එකත් දෙන්න පිස්සු කියල හිතුවද? දෙකෙන් එකක් තෝරගනින්.

    තමන් බිස්නස් කලොත්, රිස්ක් + ශ්‍රමය දෙකම දරාගන්න වෙනව, ඒත් මම කියන ක්‍රමේ "ශ්‍රමය" විතරයි පාඩු උනොත්. ඉතින් ලාබයි නෙ.

    මම කලිනුත් කිව්ව, මේක මේ, කම්මැලි කමට ජොබ් එක විතරක් කරන් ඉන්න එවුන්ට සල්ලි හම්බකරන්න ක්‍රමයක් නෙමෙයි, තමන්ට බිස්නස් කරන්න කැමති නමුත් සල්ලි නැති සහ ක්‍රමේ දන්නෙ නැති එවුන්ට ගලන දියෙන් වතුර එකතු කරන ක්‍රමයක්.

    කවෘවත් එන්නෙ නෑ "ආ මල්ලි ඔයා ජොබ් එක විතරක් කරන්න පඩියත් දෙන්නම් ලොකු ප්‍රොෆිට් එකකුත් දෙන්නම්" කියාගෙන, හීන තමයි කම්මැලි උනොත් නම්.

    උබ හිතන විදිහෙ සෑහෙන අව්ලක් තියෙනව බන්.
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අපේ එවුන් කරන්නේ කල් ඉකුත් වෙච්ච සිස්ටම් ප්‍රොටොකෝල් පාවිච්චි කරලා බොර දියේ මාළු බාන එක. ඔතන ව්‍යවසායකත්වයක් නෑ රැවටීම විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: supun_sg

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ලංකාවට එන්න නම් සිංහලුගේ සමාජ , පාරිසරික , දේසපාලන ආකල්ප වර්ධනය වෙන්න ඕනේ එච්චරයි අනික්වා දරාගන්න පුලුවන් . මේ අඩුකුලේ වයිබ් එක දරාගන්න බෑ කියලයි කියන්නේ රට යන උන් .

    තව පොඩ්ඩක් පැහැදිලි කරන්න.