ඇත්තටම කාල තරනය කරලද? එක පැත්තකින් ගත්තොත් ඔව්.
මම මේ කියන්න යන්නෙ ලගකදි ඉදන් දකින ට්‍රෙන්ඩ් එකක් ගැන. මේක කියෙව්වොත් ලන්කාවෙ ඉන්න ඔයාලටත් කොනකින් ඉදන් මේකෙන් වාසි ගන්න පුලුවන්.
ඒක මෙහෙමයි.
ඔන්න ලන්කාවෙ ඉන්න එකෙක් ඔස්ට්‍රේලියාවට, එන්ගලන්තයට, ඇමරිකාවට යනව. ඒව ඉතින් දියුනු රටවල් නෙ.
දැන් ඔහොම ඉන්න ගමන්, ජොබ් කරනව, ජොබ් කරන්නෙ නැති කෙනෙක් නම් ඉගෙන ගන්නව, පාට් ටයිම් කරනව, මොනා කරල හරි ඔන්න අවුරුදු ගනන් මැච් එකක් ප්ලේ කරල කොහොම හරි සිටිසන් එහෙමත් ගන්නව.
දැන් උබලට පේන්නෙ "ආ ගිය එකා ආපහු එන එකක් නම් නෑ", "ලන්කාව වගේ කුප්ප ගොබ්බ අනාත වෙච්ච රටකට මොකට එනවද" "ලන්කාවෙ ඉන්න අපිත් මේ රටකට පැනගන්න මාර ගේමක් දෙන්නෙ" වගේනෙ.
ඊට පස්සෙ මේ මිනිස්සු හිටපු ගමන් ලන්කාවට එන්න පටන් අරන් තියෙනව සහ දැන් ඒ ට්‍රෙන්ඩ් එක වර්දනය වෙමින් යන්නෙ. ඊලග අවුරුද්දෙ ගොඩ දෙනෙක් ආපහු ලන්කාවට එනව. ඒ එන්නෙ ලන්කාවෙ සදහටම ඉන්න බලාගෙන නෙමෙයි, යම්කිසි අරමුනකට.
ස්ටූඩන්ට් වීස ඇවිල්ල ඩිග්‍රිය මග දාල ලන්කාවට යන අනාතයො ගැන නෙමෙයි මම මේ කියන්නෙ. අර මම උඩින් කියපු විදිහට ඔක්කොම සාර්තකව කරගෙන ආපහු ලන්කාවට එන අය ගැන.
ඒ කියන්නෙ, සිටිසන් දක්වාම අරගත්ත අය ගැන තමයි මම කියන්නෙ. නැතුව ඒ රටවල් වල වීස ඉවර නිසා එන අය ගැන නෙමෙයි. ඒ රටවල් වල දිගටම ඉන්න පුලුවන්කම තියෙද්දිත් ලන්කාවට එන අය ගැන මම මේ කියන්නෙ.
ලන්කාව ගොබ්බයි අනාතයි කියල එහෙම උබලට හිතෙන එක සාදාරනයි සහ උබල හිතන දේ ඇත්ත, ලන්කාව අනාත දීපයක්. මම අර කිව්ව අයත් ඒක දන්නව.
ඉතින් දන්නවනම් එන්නෙ ඇයි.
එයාල ඔයාල දකිනවට වඩා දෙයක් ලන්කාවෙ දකිනව. ඒ තමයි දියුනු රටවලට වඩා ලන්කාව අවුරුදු 30 ක් වත් පස්සෙන් ඉන්නෙ සහ තව දශක ගානක් යනකන් ඒ මට්ටමට හිමින් හිමින් එන්නෙ කියන එක. (එහෙම ලන්කාව කවදාවත් දියුනු නොවෙන්නත් පුලුවන්)
ඒ කියන්නෙ, අර මම කලින් කිව්ව ඔස්ට්‍රේලියාවට, එන්ගලන්තයට, ඇමරිකාවට ගිය කෙනා ඒ රටවල් වල තියෙන සාර්තක වෙච්ච බිස්නස් සහ ක්‍රම සහ අවුරුදු 30 කට කලින් ඒ බිස්නස් කොහොමද පටන් ගත්තෙ කියන එක ගැන අවුරුදු ගානක් දැකල තියෙන්නෙ. (මම මේ කියන්නෙ අවුරුදු 30 ක් පිටරටවල් වල හිටපු ගොබ්බ ඩයල් ගැන නෙමෙයි, අවුරුදු 5-10 ත් අතර පිටරටවල් වල හිටපු අය ගැන)
ඔයාලට අවුරුදු 30 ක් ආපස්සට යන්න පුලුවන් උනොත්, ඔයාල සල්ලි හොයන්න ගොඩක් අවස්තා එයි නේද?
ඔයාල දැන් දන්න දැනුම සහ අත්දැකීම් එක්ක අවුරුදු 30 ක් ලන්කාවෙ අතීතයට යන්න ලැබෙනව කියන්නෙ, ඔයාලට සාර්තක වෙන්න සල්ලි හොයන්න හෝ තව දේවල් ගන්න තියෙන චාන්ස් එක ඉතාමත් වැඩියි නේද?
අන්න ඒ විදිහට දියුනු රටවල දැකල තියෙන බිස්නස් සහ ක්‍රම ඒව ලන්කාවෙ ඉන්න අයට වඩා වෙනස්ම විදිහට අත්හදා බලන්න ඒ එන කෙනාට පුලුවන් වෙනව නේද.
ඒ කියන්නෙ අර ආපහු එන කෙනා දියුනු රටක ඉදන් ලන්කාව වගේ රටකට යනව කියන්නෙම කාලය ආපස්සට යාමක්. එතකොට එයාලට කාල යන්ත්‍රයකින් අවුරුදු 30 ක් අතීතයට ගියා වගේ එක එක දේවල් ටෙස්ට් කරල ට්‍රයි කරල බලන්න පුලුවන්.
සිටිසන් වගේ අරගත්ත කෙනෙක් නම් ආපහු ඒ දියුනු රටට කවද හරි යන්නත් පුලුවන් (කාල යන්ත්‍රයෙන් නැවත අනාගතයට යාමක් වගේ)
දැන් තේරෙනව නේද එයාල මේ කරන ඉතාමත් බුද්දිමත් දේ?
මේක මේ අද ඊයෙ තිබ්බ දෙයක් නොවුනත්, ලාන්කිකයන් මේක කරනව වැඩි උනා මේ ලගකදි ඉදන්.
මේ ක්‍රමේට කියනව Time-Arbitrage Entrepreneurship, Reverse Migration Entrepreneurship, Institutional/Market Arbitrage වගේ විවිද නම්.
"ආ එහෙනම් ලන්කාවෙ ඉන්න අපිත් ඒක කරනව"
"පිටරටවල් වල සාර්තක උනු ඒව අපිත් පටන් ගන්නව"
"ඉන්ටර්නෙට් එක තියෙනවනෙ, සර්ච් කරල හොයාගන්නව"
"පිටරට ඉන්න කෙනෙක්ගෙන් දැනුම ගන්නව"
"chatGPT එකෙන් අහනව"
නෑ, එහෙම කලා කියල ඔයාලට සාර්තක වෙන්න බෑ. මොකද පිටරට දේවල් අවුරුදු ගනන් අත්දැකීම් එක්ක එන කෙනත් එක්ක ඔයාල ලන්කාවෙ ඉදන් ඉන්ටර්නෙට් එකෙන් හොයන දේවල් සසදන්න බෑ.
අනිත් එක පිටරටවල අවුරුදු ගනන් ඉදල එන දැනුම අත්දැකීම එහෙම ෆෝන් කෝල් වලින් ලබාදෙන්න බෑ තව කෙනෙකුට, එහෙම දෙන්නෙත් නෑ කවෘවත්.
chatGPT එකට බෑ උන් ඒ අත්දැකීම් වලින් දැක්ක ලෝකය උබලට උගන්න්න. ඒක නිසා ඒකෙනුත් වැඩක් නෑ.
අර මම කිව්ව සිස්ටම් එකටම ආපහු ලන්කාවට එන කෙනෙක්ට විතරයි මේක කරන්න පුලුවන්.
මොකෝ එයාල ලන්කාවට එන්නෙ ලන්කාවෙ එයාලගෙ අයිඩියා ක්‍රියාත්මක කරන බේස් එක හදන්න මිසක් එන්ගලන්තය ඔස්ට්‍රේලියාව වගේ හොද රටවල් හොද නැති නිසා නෙමෙයි.
"ඉතින් ලන්කාවෙ ඉන්න අයට මේකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද?"
"ඒකෙ වාසිය හම්බෙන්නෙ ඒ එන කෙනාටනෙ"
"අපි අවුරුදු ගනන් පිටරට ඉදල නෑනෙ, ඒක නිසා ලන්කාවෙ අපි සදා අනාතයි ද?"
නෑ. ඒක මෙහෙමයි. ඒ එන කෙනා එන්නෙ දේවල් කරන්න බලාගෙන.
ඔයාලට එයාල තරම් මොලේ නැති වෙන්න පුලුවන් සහ එයාල තරම් ලන්කාවෙ අනාගතය දැකල අත්දැකීම් නැති වෙන්න පුලුවන්.
ඒත් ඔයාලට පුලුවන් එයාලත් එක්ක එකතු වෙලා එයාල කරන වැඩ වලට උනන්දුවෙන් සම්බන්ද වෙන්න.
මොකද ඒ වැඩ සාර්තක වීමේ සම්බාවිතාව ඉතා වැඩී, මොකෝ එයාල අනාගතේ දැකල එන්නෙ.
ඔයාල සම්බන්ද උනාම එයාල හොයන සල්ලි හෝ මොනයම් දේවල් වලින් කොටසක් ඔයාටත් එයාල දෙයි.
උබලට මතක ඇති කොරෝන කාලෙ පයිලට්ලට ජොබ් නැති උනා කියල කෝපි කඩ දැම්ම. උබල හිතන්නෙ උන් ඒක කලේ උන්ට සල්ලි නැති නිසා කියලද? අපෝ නෑ පයිලට් විදිහට ජොබ් කරපු උන්ට සල්ලි තියෙනව කොරෝන කාලෙ සැපසේ ජීවත් වෙන්න. ඒත් උන් ඒක කලේ උන්ගෙ සිස්ටම් එකක් අත්හදා බලන්න. ලන්කාව තමයි ඒකට හොදම තැන.
ඔයාල නිකන්ම "අපි සපෝට් මචන්" කියන එක නෙමෙයි, එයාලගෙ බිස්නස් වලට එයාලගෙ අයිඩියා වලට ප්‍රායෝගිකව සපෝට් කරන්න.
පඩි බලාගෙනම වැඩ කරන්න එපා, එයාලත් එක්ක කතා කරල ඒ පටන් ගන්න බිස්නස් වල ප්‍රොෆිට් එකෙන් පොඩි කොටසක් ඔයාටත් දෙන්න කියල කියන්න.
අනිවා ඔයාලට ඒක සාර්තක වෙනකොට ලොකු ගානක් එනව.
මම මේ කියන්නෙ බිස්නස් එකේ කොටස් ඉල්ලන එක නෙමෙයි. පුලුවන් නම් ඔයාල මොලේ පාවිච්චි කරල
"මම සාමන්‍යයෙන් රු ලක්ශයක් පඩි ගන්නව, මම මේ මාස 6 මේකට සම්බන්ද වෙලා නොමිලේ වැඩ කරන්නම්, මාස 6 න් පස්සෙ මේ බිස්නස් එකේ වියදම් කවර් කරගෙන ඉතුරු එකෙන් මගේ පඩිය බේරන්න තරම් ප්‍රොෆිට් එකක් ආවොත් මගේ පඩිය ඩබල් කරල බේරන්න පුලුවන්ද?" ඒ කියන්නෙ මාස 6 කින් ලක්ශ 12 ක් කෙලින්ම ඔයාට හම්බෙනව.
ඔයාලට එහෙම කරන්න බැරි නම්, එයාලත් එක්ක ෆ්රීලාන්ස් විදිහට හරි මුලදි දේවල් උනන්දුවෙන් කරල දෙන්න. සාර්තක වෙනකොට ඔයාලගෙන් අයින් වෙලා වෙන අයට දෙන්නෙ නෑ. අනිවා ඔයාලටමයි හම්බෙන්නෙ.
ඔයාලට ශ්‍රමය දෙන්න බැරි නම් සල්ලි තියෙනව නම් සල්ලි වලින් ඉන්වෙස්ට් කරන්න ඒ බිස්නස් වලට. ලන්කාවෙ ඉන්න කෙනෙක් පටන් ගන්න බිස්නස් වලට වඩා ඒව සාර්තක වෙන්න තියෙන චාන්ස් එක වැඩී.
ඒ දේවල් වලට ඔයා ප්‍රොෆිට් එකෙන් යම්කිසි ප්‍රතිශතයක් ඉල්ලන්න. අවුරුද්දකට දුන්නු සල්ලි වලින් 10% ක් වැඩිපුර ඉල්ල ගත්තත් ලන්කාවෙ ෆික්ස්ඩ් ඩිපෝසිට් දානවට වඩා ලාභයි. ඊට වඩා ඉල්ලන්න, මම මේ කිව්වෙ උදාහරනයක්.
උදාහරනයක් විදිහට කෙනෙක් එන්නෙ ඉඩම් අරන් ඒව දියුනු කරල විකුනන්න වගේ වෙන්නත් පුලුවන්. (ආ අපිටත් පුලුවන් නෙ ඕක කරන්න කියල හිතුවට උබලට බෑ උන්ගෙ සිස්ටම් එකට කරන්න). ඒ අයගෙ බිස්නස් එකට සල්ලි ඉන්වෙස්ට් කරන්න පුලුවන් උබලට සල්ලි තියෙනව නම්. එහෙම නැත්තන් එකතු වෙලා බිස්නස් කරන්නත් පුලුවන්.
මේකෙ රිස්ක් එකක් නැතුව නෙමෙයි, ඒත් ඒ එන කෙනා එන්නෙ සාර්තක වීමේ ප්‍රතිශතය ඉතා වැඩි බව දැනගෙන. එතකොට ඔයාලටත් රිස්ක් එක අඩුයි.
ලාභයක් ආවෙ නැත්තන් ඔයාලට සල්ලි නෑ, එයාටත් නෑ. බිස්නස් එක සාර්තක නොවුනොත් එයාට ඔයාට වඩා පාඩුයි බිස්නස් එකට වියදම් කරපුව එක්ක. එතකොට එයා බලන්නෙත් කොහොම හරි සාර්තක වෙන්න.
අනිත් එක එයාලත් එක්ක ඉන්නකොට තේරෙයි වැඩේ සාර්තකද නැද්ද කියල. ඒක ඉතින් මාසෙන් දෙකෙන් කියන්න බෑ, අඩුම මාස 6 ක් අවුරුද්දක් වත් යනව.
හැබැයි මුලින් සාර්තක මදි වගේ පෙනුනත් සාර්තක පැත්තට යන එකක් එක්ක දිගටම හිටියොත් ඔයාලටත් වාසී.
ලන්කාවෙ හිටපු කෙනෙක් එක්ක නැතුව පිටරටින් මම අර කියපු ක්‍රමේට ආපු කෙනෙක් එක්ක බිස්නස් වැඩකට සෙට් වෙනව කියන්නෙ සාර්තක වීමේ ප්‍රතිශතය ඉහලයි. මොකෝ එයාල නිකන් හොද රටවල් දාල සවුත්තු රටවලට එන්නෙ නෑ. ටාගට් එකක් තියාගෙනම තමයි එන්නෙ.
ඔහොම එන අය ට්‍රයි කරන්නෙ උබලට හිතාගන්න බැරි බෝරින් සහ පොඩි බිස්නස් වෙන්නත් පුලුවන්.
සෑහෙන අයි කැචී දිලිසෙන බිස්නස් වෙන්නත් පුලුවන්.
පොඩියට වෙන්නත් පුලුවන්, ලොකුවට වෙන්නත් පුලුවන්. සමහර ඒව උබලට පෙනෙයි මූ මේ හිගන විදිහට මේව ලන්කාවෙ කරන්නෙ ඇයි හොද රටකට වෙලා ආතල් එකේ ඉන්න පුලුවන් නෙ කියල.
උබල වැරදියි, උන් එන්නෙ ටාගට් එකකට. මුල පොඩි උනත් අන්තිම ටාගට් එක උබලට හිතාගන්නවත් බැරි තරම් ලොකුයි. මොකෝ උන් ලෝකෙ බිස්නස් වල විශාලත්වය දැකල එන්නෙ.
මොන දේ උනත් උන් එක්ක සෙට් වෙයන්, උබට දෙන්න පුලුවන් උපරිමයෙන් උදව් කරපන්. මේකත් උබට ගොඩ යන්න තියෙන හොද චාන්ස් එකක් කියල හිතපන්. මොකද හොද රටවල් වලින් එන එකා එන්නෙ සෑහෙන සිස්ටම්ස් ගොඩක් දැකල, සාර්තක වෙච්ච දේවල් දැකල. උබටත් ඒකෙම එල්ලිල සාර්තක වෙන්න තියෙන චාන්ස් එක ඉතා වැඩී. උන් එන්නෙ ලන්කාවෙ සදහටම ඉන්න නෙමෙයි. උන් එන්නෙ ලන්කාවෙ බේස් එක හදල ඒක සාර්තක කරල ආපහු යන්න. ඒක අවුරුදු ගානක වැඩක් වෙන්නත් පුලුවන්.
ඒක නිසා මේ චාන්ස් එක අතෑරගන්න එපා. මේ ට්‍රෙන්ඩ් එක මම ගොඩක් දකින නිසයි කියන්නෙ. දැනටමත් ලන්කාවට ඇවිල්ල මේ දේ කරන අය ඉන්නව. හොයල සෙට් වෙයල්ල.
උබලට හිතාගන්නවත් බැරි සවුත්තු බිස්නස් කරනව වෙනස්ම ක්‍රමේකට, එකෙක් කෝපි කඩ දාල, එකක් මුලින් ඇරල දැන් 7 වෙනි එක, මාස 3 න් (ආ උබල හිතන්නෙ සවුත්තු බිස්නස් කියලද?).
තව එකෙක් ටොෆී හදනව, උන්ගෙ ගෙදර ගරාජ් එකේ, හැබැයි ඌ සිස්ටම් එකකට කරන්නෙ, තව පොඩි ෆැක්ටරි 3 ක් ඕපන් කරන්න ඉන්නෙ ඊලග මාසෙ.
තවත් එකෙක් චොකලට් හදනව, ඒත් උබල ඔය දකින ෆ්ලැට් චොකලට් එක නෙමෙයි, තව මාස කීපයකින් ඒවත් උබලට දකින්න හම්බෙයි. අලුත්ම විදිහක්.
තවත් එකෙක් වාහන වලට එන සෙන්සර් හදනව.
තවත් එකෙක් මෙඩිකල් ඩිවයිස් එකක් ප්‍රොටෝටයිප් කරල, දැන් ඒක ලන්කාවෙ හදන්න යන්නෙ.
තවත් එකෙක් ගස්ලබු වවනව (ආ හිතුවෙ කන්න හෝ පොලේ විකුනන්න කියලද? නෑ, ඒවලින් එන කිරි වලින් සන්ඝටක වෙන් කරල පෙත්තක් ලන්කාවෙම හදන්න යන්නෙ)
තවත් එකෙක් මැනික් බිස්නස් කරන්න පටන් ගත්ත, ලන්කාවෙ මැනික් දැකලවත් නැති එකෙක්, ඌ පිටරට සෙට් උනේ මැනික් බිස්නස් එකක් කරන එකෙක් ලගට. ඔස්ට්‍රේලියාවෙ සිටිසන් ගත්ත කෙනෙක්. දැන් ලන්කාවෙ ඉන්නෙ.
ඌ කොලබ හිටපු එකෙක්, දැන් ඉන්නෙ රත්නපුරේ. ලන්කාවෙ ඉන්න එවුන්ට පුදුමයි ලු මූ මොනා කරනවද කියල දුර පැති වල. මොකෝ සාමාන්‍යයෙන් ලන්කාවට එන කෙනෙක් අවුරුදු ගානකට පස්සෙ ඉන්න බලන්නෙ තමන්ගෙ පුරුදු පැත්තෙ.
හැබැයි උබල ඒව කරන්න හැදුවොත් උබලට කරන්න බෑ, මොකෝ උබල සිස්ටම් එක දන්නෙ නෑ, උන් මොන සවුත්තු බිස්නස් කලත් ක්‍රමේ දන්නව.
සාර්තක වෙන නොවෙන එක කෙසේ වෙතත් උබලට වැඩිය වෙනස් විදිහට උන් කරන්නෙ.
උන් ලන්කාවට ඇවිල්ල ලොකු සද්දයක් නැතුව ලන්කාවෙ කොහෙ හරි පැත්තකට ගිහිල්ල ප්ලෑන් කරල වැඩේ හිමීට පොඩියට පටන් අරන් එක පාරම බ්‍රාන්චස් දාල ස්කේල් කරනව ලොකු ප්‍රොෆිට් එන විදිහට.
මම දන්න හොද ජොබ් කරපු ගොඩක් අය දැනටමත් ලන්කාවට ගිහින් ඉන්නෙ. එයාල මේ වෙනකොටත් කාල තරනය කරල ගොඩක් දේවල් කරනව.
කාල තරනය කරන්නෙ මොලේ තියෙන මිනිස්සු. ඒ වගේ මොලේ තියෙන මිනිස්සු එක්ක සෙට් වෙලා උබලත් ගොඩ යමල්ල.
කිසිම චාන්ස් එකක් නිකන් අතාරින්න එපා. එයාලගෙන් ඉගෙන ගන්න ඔයාලටත් ගොඩක් දේවල් තියෙයි.
එයාල හරහා ඔයාලටත් සල්ලි හම්බෙයි ( එහෙම කියල එන එවුන්ගෙන් ලැජ්ජ නැතුව නය ඉල්ලන්න එපා, මොකෝ නය නොදෙන්නත් උන්ට මොලේ තියෙනව).
මම හොදටම දන්නව මේක බලල අනාගතේ දියුනු වෙන අය ඉන්නව කියල. ඒක නිසා ට්‍රෙන්ඩ් එක දැක්ක නිසා කියන්න හිතුන.
හැමෝටම ජය!
තව කෙනෙකුට ගොඩ යන්න බම්ප් එකක් දාගෙන යන්න.

Last edited: