You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කාම මිථ්‍යාචාරයේ විපාක
කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති.
සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති.
සමහර විට මරණයට ම ද පත් වෙති.
සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති.
මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති
ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති.
නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී
බීජෝත්පාටනාදි දුක් ලබති.
මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති.
පුරුෂයෝ ස්ත්‍රීහු වෙති.
ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති.
විරූප වෙති.
ජනයාට අප්‍රිය වෙති.
බොහෝ සතුරන් ඇත්තෝ වෙති.
රෝගීහු වෙති.
උපුටාගැනීම : ධර්ම දානය පිණිසයි