🚷 කාම මිථ්‍යාචාරයේ විපාක

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    🚷 කාම මිථ්‍යාචාරයේ විපාක

    25aa.png
    කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති.

    25aa.png
    සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති.
    25aa.png
    සමහර විට මරණයට ම ද පත් වෙති.
    25aa.png
    සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති.
    25aa.png
    මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති
    25aa.png
    ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති.
    25aa.png
    නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී
    25aa.png
    බීජෝත්පාටනාදි දුක් ලබති.
    25aa.png
    මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති.
    25aa.png
    පුරුෂයෝ ස්ත්‍රීහු වෙති.
    25aa.png
    ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති.
    25aa.png
    විරූප වෙති.
    25aa.png
    ජනයාට අප්‍රිය වෙති.
    25aa.png
    බොහෝ සතුරන් ඇත්තෝ වෙති.
    25aa.png
    රෝගීහු වෙති.

    උපුටාගැනීම :
    ධර්ම දානය පිණිසයි