🛑🌕 කත්නෝරු සාපය ලංකාවේ බුදුදහමට මොකක් කරලා නවතීද ? ( Elakiri Poya Thread )

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    කත්නෝරුවා නියත මිත්යා දෘෂ්ටිකයෙක්.. මොකද මෙයා අපාය සහ දිව්යලෝක පිලිගන්නේ නෑ.. ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා එව්වා පිලිගන්නේ නැති අය නියත මිත්යා දෘෂ්ටිකයින් බව.. දස වස්තුක මිත්යා දෘෂ්ටි වලින් එකක් තමයි ඒක....

    👉 (මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසකො – අනුපදවග්ගො – මහාචත්තාරීසක සුත්තං)
    දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය


    6. ‘නත්ථි පරලෝකෝ’
    මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.

    9. . ‘නත්ථි සත්තා ඕපපාතිකා’
    මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්‍රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්‍යා දෘෂ්ඨියක්.

    👉කත්නෝරුවා අපාය දිව්යලෝක පිළිනොගන්නා සැටි පහතින්




    ඔබේ හය හතර නොදන්නා දන්නා අඳුරන සියලුදෙනා මේ පුද්ගලයාගෙන් බේරාගන්න..❗❗❗:shocked::shocked::shocked:

    කත්නෝරුවාව එදා දුටු බුදුන්වහන්සේ...👇👇👇

    තතිය අනාගත භය සූත්‍රය


    “මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය “නොවඩන ලද කය ඇත්තාවූම, නොවඩන ලද සිල් ඇත්තාවූම, නොවඩන ලද සිත් ඇත්තාවූම, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූම, ඒ භික්‍ෂූහු අන්‍යයන් උපසම්පදා කරන්නාහුය. ඔවුන් අධිශීලයෙහිද, අධිචිත්තයෙහිද, අධිප්‍රඥායෙහිද හික්මවන්ට නොහැකි වන්නාහුය.
    අභිධර්‍ම කථාව, තුෂ්ටි බහුලකොට ඇති කථාව කියන්නාහු, ලාමකවූ ධර්‍මයට බැසගන්නාහු, දැනනොගන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි ධර්මය දූෂ්‍ය කිරීමෙන්, විනය දූෂ්‍ය කිරීම වේ. විනය දූෂ්‍ය කිරීමෙන් ධර්මය දූෂ්‍ය කිරීම වේ. මහණෙනි, මේ තුන්වන අනාගත භය මෙකල්හි නූපන්නේ, මත්තෙහි උපදින්නේය. එය තොප විසින් දැණගත යුතුයි. දැනගෙණද එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    මූට කොටි ගනනක රන් කරඬුවක් දීලා, ඔකුන් ඔක තියන් මොකද කරන්නෙ? බල බල ඉන්නවාද? ඉඹිනවාද? ගොන් හැත්ත. සියල්ල අත් අරින බොරු පකයො ටික.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,433
    113
    මේ බොරුකාර, චතුර කථිකයන්ගේ බලපෑමට ලක්වීමෙන් අපේ ජනතාව කොතරම් මෝඩද යන්න පෙන්නුම් කරයි. ආගම සහ දේශපාලනය යන දෙකටම අදාළ වේ. මිනිසුන් වෛෂයික (objective) විය යුතුය.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේ බොරුකාර, චතුර කථිකයන්ගේ බලපෑමට ලක්වීමෙන් අපේ ජනතාව කොතරම් මෝඩද යන්න පෙන්නුම් කරයි. ආගම සහ දේශපාලනය යන දෙකටම අදාළ වේ. මිනිසුන් වෛෂයික (objective) විය යුතුය.
    Objective දන්නවා.
    වෛෂයික දන්නේ නෑ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    කවුද ඔය මයික් එක අල්ලන එකා.

    ඌ ගැන තමයි මුලින්ම හොයන්න ඕන.
     
    • Haha
    Reactions: Spiderman.Ayya