🛑 මෙනින්ගොකොකල් කොළඹට? 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,882
    10,150
    113
    මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

    මෙම බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුටද මරු කැඳවූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් මෙම රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන බවයි අනාවරණය වී ඇත්තේ.

    ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ආයතනයක සේවය කරනු ලබන අතර ඔහුට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් ජනරාල් ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර තිබේ.

    එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30 දෙනෙකු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පියවර ගත් බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
     
    • Wow
    Reactions: RottenCOLT

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    මේක ලංකාවෙන් ලෝකෙටම යයිද?🤔
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    People spread meningococcal bacteria to other people by sharing respiratory and throat secretions (saliva or spit). Generally, it takes close (for example, coughing or kissing) or lengthy contact to spread these bacteria.
     
    • Like
    Reactions: BadAlucard

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රට වටේම උන් බන්ධනාගාරයට එනවනෙ සිරකරුවො බලන්න. බයවෙන්න එපා කිව්වට.

    අනෙක බන්ධනාගාරයට ආවේ කොහෙන්ද ? ඒ කියන්නෙ එළියෙ කොහේ හරි තියෙන්න ඕනේ.