🛫💥☢️ ඇමරිකා එක්සත් ජනපදය විසින් ගුවනේ සිට මුදාහළමින් අත්හදා බැලූ ප්‍රථම තාප න්‍යෂ්ටික අවිය: "Redwing Cherokee" (TX-15-X1 තාප න්‍යෂ්ටික අවිය) ☢️💥🛫

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,144
    113
    43CYWMY.jpg



    1956 වසරේදී මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අතර කාලසීමාව තුළ සිදු කරන ලද තාප න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම් 17 කින් සමන්විත වූ ඇමරිකා එක්සත් ජනපදය විසින් දියත් කළ දෙවැනි තාප න්‍යෂ්ටික අවි (thermonuclear weapons) අත්හදා බැලීමේ ව්‍යාපෘතිය වන "Operation Redwing" නම් වැඩසටහන යටතේ සිදුකළ 2 වන තාප න්‍යෂ්ටික අත්හදා බැලීම "Redwing Cherokee" ලෙස හදුන්වනු ලබයි. 1956 වසරේ මැයි මස 21 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සදහා යොදාගත් ප්‍රධානතම ප්‍රදේශයක් වන "Bikini Atoll" හි "Namu (Charlie)" නම් දූපතේදී අත්හදා බැලූ මෙම න්‍යෂ්‍ටික අවිය ඇමරිකාව එක්සත් ජනපදය මගින් ගුවන් යානාවක් යොදාගනිමින්, ගුවනේ සිට මුදාහළමින් අත්හදා බැලූ පළමු තාප න්‍යෂ්ටික අවිය (aircraft deliverable thermonuclear device) ලෙස ඉතිහාසයට එක් වේ.

    අත් හදා බැලීම සදහා යොදාගත් 'TX-15-X1' නමින් හැදින්වූ තාප න්‍යෂ්ටික බෝම්බය

    g2ZN2t5.jpg


    ඇමරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රාන්තයක් වන නිව් මෙක්සිකෝ'හි, 'Albuquerque' නගරයේ පිහිටි 'Kirtland' ගුවන් හමුදා කදවුරින් (Kirtland Air Force Base) ගුවන් ගත වූ "Boeing RB-52B-10-BO Stratofortress 52-013" (මෙම ගුවන් යානය Barbara Grace යන අනුවර්ත නාමයෙන් ද හදුන්වනු ලබයි) දරණ ගුවන් යානය මගින් 'TX-15-X1' නමින් හැදින්වූ තාප න්‍යෂ්ටික බෝම්බය (two-stage radiation implosion thermonuclear bomb) මෙම අත් හදා බැලීම සදහා ගුවනට ගෙන යාම සිදු කරන ලදී.

    බෝම්බය ගුවනට රැගෙන ගිය "Boeing RB-52B-10-BO Stratofortress" ගණයේ ගුවන් යානයක්

    1654252-large.jpg


    බරින් රාත්තල් 6867 ක් (කිලෝග්‍රෑම් 3114.9) සහ දිගින් අඟල් 136 ක් (මීටර 3.454) ද, විෂ්කම්භය අඟල් 34.5 ක් (මීටර 0.876) වූ මෙම 'TX-15-X1' මෙම තාප න්‍යෂ්ටික බෝම්බය "Namu (Charlie)" නම් දූපතේ පිහිටි ඉලක්කගත ස්ථානයට අඩි 50 000 ක් (මීටර 15 240) ඉහළින් වූ ගුවනේ සිට හෙළීම සිදු කරන ලදී. පෙර සැලසුම කර තිබූ පරිදි එම ප්‍රදේශයෙහි වේලාවෙන් සවස 5:51 ට පොළව මට්ටමේ සිට අඩි 4 350 ඉහළ අහසේදී 'TX-15-X1' මෙම තාප න්‍යෂ්ටික බෝම්බය පුපුරවාලන ලදී. ඒ පුපුරවාලීම සිදු කිරීමට සැලසුම් කොට තිබූ 'Namu' දූපතෙහි පිහිටි ඉලක්කගත ස්ථානයට කිලෝමීටර 6.4 ක් (සැතපුම් 4) ඊසානදිග දෙසට වන්නටවය. ඉලක්ක ගත ස්ථානයට එපිටින් පිහිටි සාගරයට ඉහළින් පුපුරවාලූ මෙම 'TX-15-X1' තාප න්‍යෂ්ටික අවිය මගින් TNT මෙගාටොන් 3.8 ක ප්‍රබලතාවයෙන් (yield) යුක්ත වූ පිපිරුම්
    ශක්තියක් නිකුත් කරන ලදී.


    "Redwing Cherokee" තාප න්‍යෂ්ටික පිපිරුම







    RedwingCherokee.gif


    1456522698034.jpg


    Redwing_Cherokee_005.jpg


    758px-Redwing_Cherokee_001.jpg


    753px-Redwing_Cherokee_002.jpg



    බෝම්බය රැගෙන ගිය "Boeing RB-52B-10-BO Stratofortress 52-013" ගුවන් යානයෙහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස ඇමරිකා එකසත් ජනපද ගුවන් හමුදාවේ මේජර් "David M. Critchlow" කටයුතු කළ අතර ගුවන් සහායකයින් ලෙස මේජර් Charles T. Smith (ගුවන් නීයමු), මේජර් Dwight E. Durner (bombardier), මේජර් Floyd A. Amundson (navigator), ලුතිනන් William R. Payne (timer), සාජනට් Richard N. Bingham (radar technician), කර්නල් Paul R. Wignaff (official observer) යන පිරිස කටයුතු කරන ලදී.


    "Boeing RB-52B-10-BO Stratofortress 52-013" ගුවන් යානයෙහි ප්‍රධාන ගුවන් නියමුවා වූ ඇමරිකා එකසත් ජනපද ගුවන් හමුදාවේ මේජර් "David M. Critchlow"

    E3e6KCc.jpg
    PsAvvL2.jpg



    1955 වසරේ නොවැම්බර් 22 වන දින සෝවියට් දේශය විසින් ගුවනින් මුදාහළමින් සිදුකළ ප්‍රථම තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම (two-stage hydrogen bomb test) වූ 'RDS-37' නම් වූ තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය මෙම "Redwing Cherokee" නම් තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදු කරනු ලැබිණි. 'Semipalatinsk' නම් වූ සෝවියට් දේශයට අයත් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සදහා යොදාගත් ප්‍රදේශයේදී, "Tupolev Tu-16" නම් වූ බෝම්බ හෙළන ගුවන් යානයක් යොදාගනිමින් ගුවනේ සිට හෙළන ලදී. පොළව මට්ටමේ සිට මීටර 1550 ඉහළදී පුපුරවාලූ මෙම තාප න්‍යෂ්ටික බෝම්බයෙන් හටගත් පිපිරුමෙහි ප්‍රබලතාවය (yield) TNT මෙගාටොන් 1.6 ක් විය.


    'RDS-37' නම් වූ තාප න්‍යෂ්ටික අවි අත්හදා බැලීම








    ✍️💥☢️ ලිපිය සැකසුම: @Stimulus mind ☢️💥✍️
     
    Last edited:

    Similar threads