🛰️🌌 "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු 'Tarantula' නිහාරිකාව (Tarantula Nebula / 30 Doradus) 🌌🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,020
    153,081
    113
    eozLGn9.jpg


    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත්, අයනීකරණයට ලක්වූ අන්තර්තාරකා පරමාණුක හයිඩ්‍රජන්වලින් සමන්විතව පවතින "H II region" ගණයේ කලාපයක් ලෙස සැලකෙන "Tarantula Nebula" (30 Doradus ලෙසද හදුන්වයි) නම් නිහාරිකාවෙහි අපූර්ව ඡායාරූපයක් නාසා ආයතනය විසින් අද දිනයේදී එළි දක්වන ලදී. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 161 000 ක් ඈතින් වූ "Large Magellanic Cloud" නම් වූ "satellite dwarf galaxy" ගණයට අයත් වූ කුඩා ප්‍රමාණයෙහි මන්දාකිණිය තුළ පිහිටා තිබෙන මෙම නිහාරිකාවෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 1862 ක පමණ අගයක් ගන්නා අතර මෙම නිහාරිකාව "Tarantula Nebula" ලෙස හැදින්වීමට එහි මීට පෙර ලබාගත් ඡායාරූප මගින් දිස්වූ දූවිලි සූත්‍රිකාවන් යුක්ත වූ ස්වභාවය හේතුවී ඇත. අපගේ ක්ෂීරපථය මන්දාකිණිය ඇතුළුව තවත් මන්දාකිණි 20 ක් පමණ අයත්වන "Local Group" නමින් හදුන්වන මන්දාකිණි සමූහයෙහි වූ විශාලතම හා දීප්තිමත්ම නව තාරකාවන් බිහිකරන ප්‍රදේශය ලෙස සලකනු ලබන මෙම 'Tarantula' නිහාරිකාව මෙතෙක් හදුනාගෙන ඇති දීප්තිමත්ම හා උණුසුම්ම තාරකාවන්ගේ වාසස්ථානය බවට පත්ව තිබේ.

    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near-Infrared Camera" (NIRCam) නම් අධෝරක්ත කිරණ කැමරාව මගින් මෙම නිහාරිකාවෙහි මධ්‍යයය අසලට වන්නට පිහිටා තිබෙන දිදුළන ලා නිල් පැහැයෙන් දිස්වන දැවැන්ත යොවුන් තාරකාවන්ගෙන් (මෙම තාරකාවන් "NGC 2070" නම් විවෘත්ත තාරකා පොකුරට අයත් වේ) නිකුත් වන දැඩි විකිරණයන් හේතුවෙන් නිහාරිකාව මධ්‍යයය ඛාදනය කරමින් කුහරයක් නිර්මාණය වී ඇත. නිහාරිකාවේ වූ ඝනත්වයෙන් අධික ප්‍රදේශයන් පමණක් මෙම තාරකාවන්ගෙන් නිකුත්වන ප්‍රබල තාරකා සුළංවලින් සිදුවන ඛාදනයන්ට ප්‍රතිවිරෝධීතාවක් දැක්වීම සිදුකරන අතර දූවිලි හා වායූන්ගෙන් නිර්මිත දැවැන්ත කුළුණු (pillars) එම තාරකාවන් පොකුර දෙසට මුහණලා ඇති ආකාරයෙන් නිර්මාණය වී තිබේ. මෙම කුළුණු, නිර්මාණය වෙමින් පවතින යොවුන් තාරකාවන්ගෙන් (protostars) සමන්විතව පවතින අතර කාලයත් සමග එම කුළුණු තුළ වූ දූවිලි කෝෂයන් තුළින් මතුවන මෙම තාරකාවන් ක්‍රමිකව නිහාරිකාවෙහි වූ ව්‍යාප්තිය හා වර්ධනය කෙරෙහි දායක වීම සිදු කරනු ලබයි.


    "Near-Infrared Camera" (NIRCam) මගින් ලබාගත් ඡායාරූපය


    Credits: NASA, ESA, CSA, STScI, Webb ERO Production Team

    stsci-01ga76rm0c11w977jrhgj5j26x.png



    මේ අතර "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near-Infrared Spectrograph" (NIRSpec) නම් වර්ණාවලීක්ෂය මගින් 'Tarantula' නිහාරිකාවෙහි වූ බිහිවෙමින් පවතින යොවුන් තාරකාවක් ද හදුනාගැනීමට සමත්ව තිබෙන අතර "James Webb" හි වූ මෙම වර්ණාවලීක්ෂය සතු අධෝරක්ත කිරණයන්හි තරංග ආයාමයෙහි අධි-විභේදන වර්ණාවලියන් හසුකර ගැනීමට තිබෙන හැකියාව මෙම තාරකාවෙහි බිහිවීම සිදුවෙමින් තිබෙන ආකාරය ග්‍රහණය කර ගැනීම සදහා උපකාරී වී තිබේ.

    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Mid-infrared Instrument" (MIRI) මගින් මෙම නිහාරිකාව හසුකර ගැනීමේදී වෙනස්ම ස්වරූපයකින් දර්ශනය වීම සිදු වී ඇති අතර නිහාරිකාවෙහි තිබෙන උණුසුම තාරකාවන් වියැකී ගොස් ශීත වායූන් හා දූවිලිවල පවතින දිදුළන ස්වභාවය මෙහිදී ඉස්මතුවී ඇත. නිහාරිකාවෙහි වූ "stellar nursery" වළාවන් අතරින් දිස්වන කුඩා ආලෝකයන්, තම ස්කන්ධයන් වර්ධනය කර ගනිමින් සිටින බද්ධව පවතින "protostars" ගණයේ තාරකාවන් විය හැකි බවට විශ්වාස කරන අතර දිගු - මධ්‍යම තරංග ආයාමයන්ගෙන් යුක්ත අධෝරක්ත කිරණයන් නිහාරිකාවෙහි වූ දූවිලි විනිවිද ගියද කෙටි තරංග ආයාමයන්ගෙන් යුත් අධෝරක්ත කිරණ නිහාරිකාවේ පවතින දූවිලි මගින් අවශෝෂණය කරගැනීම හෝ විසුරුවා හැරීම සිදුකරන බැවින් Mid-infrared Instrument (MIRI) වෙත එම ආලෝකයන් ගලා ඒම සිදු නොවේ.


    "Mid-infrared Instrument" (MIRI) මගින් ලබාගත් ඡායාරූපය

    Credits: NASA, ESA, CSA, STScI, Webb ERO Production Team

    stsci-01ga77cshspps2p0c6qr3m6x6f.png



    විශ්වයේ උපත සිදුවීමෙන් වසර බිලියන 2-3 ත් අතර වූ "cosmic noon" නම් වූ කාලසීමාව තුළ විශ්වයේ පැවති නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් සිදුවන ප්‍රදේශයන් තුළ තිබූ රසායනික සං‍යුතිය, මෙම 'Tarantula' නිහාරිකාවෙහි වූ රසායනික සං‍යුතියට සමානකමක් දැක්වීමත්, අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි පවතින නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් සිදුවන ප්‍රදේශයන්ට වඩා මෙම 'Tarantula' නිහාරිකාව තුළ ඉතා සිඝ්‍ර වශයෙන් නව තාරකාවන් බිහිවීම සිදුවීමත් වැනි සුවිශේෂීතාවන් හේතුවෙන් තාරකා විද්‍යාඥයින්ගේ අවධානය මෙම නිහාරිකාව කෙරෙහි යොමුවීම සදහා ප්‍රධාන වශයෙන් බලපා ඇත.



     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,064
    113
    Mother Earth
    අනේ මන්දා බන් විශ්වය ගැන අපිට මහ සයුරෙන් ගත්ත දිය දෝතක තරම්වත් දැනුමක් නෑ. කිලෝමීටර් 384000යි දැනට මනුස්සයෙක් ගිහින් තියෙන වැඩිම දුර. ඒකත් හඳට. dull feeling එකක් එනවා හිතන කොට.
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113

    බුදු නෙතින් දුටු විශ්වයේ ඇත්ත


    විද්‍යාව යනු පරීක්ෂණ නිරීක්ෂණ ඔප්පු කිරීම් මගින් කිසියම් නිගමනවලට එළඹීමයි.


    අලුත් සොයාගැනීම්වල දී ඇතැම් විට කලින් සත්‍යයැයි සිතා සිටි නිගමන ප්‍රතික්ෂේප වෙයි. එහෙත් බුදු සමයේ ඇති මූලික හරය කිසි දිනක වෙනස් නොවෙයි. එම හරය වෙනස් නොවෙන්නේ විශ්වයේ ඇති පරම සත්‍යය නුවණින් දැක බුදුන් වහන්සේ දේශනා කළ බැවිනි. එය නිවනයි.

    බුදුන්වහන්සේ දේශනා කළේ විශ්වයේ පවතින දේ මිස උන් වහන්සේට හැඟුණ දේ නොවන බැවිනි. බුදු සමය අපට කියා දෙන්නේ හේතුඵලවාදය ගැනයි. නැතහොත් පටිච්ච සමුප්පාදය ධර්මය ගැනයි. හේතුවක් නැතිව කිසිවක් සිදු නොවන බව බුදු සමය උගන්වයි. අලුත් සොයා ගැනීම්වලදී විද්‍යාව අනාථ වෙයි.


    අලුත් සොයා ගැනීම් ඇතිවෙන විට බුදු සමය බැබළෙයි. ඔප මට්ටම් වෙයි. ධර්මය තහවුරු වෙයි. අගය වැඩි වෙයි. ඒ අකාලික බැවිනි. කාලයකට සීමා නොවූ බුදු සමය තුළ ඇත්තේ පරම සත්‍යයා වන බැවිනි. බුදු සමය අනිත්‍යතාවය දුක අනාත්මවාදය මුල් කරගෙන පදනම් වූ ධර්මයකි.


    විද්‍යාව දියුණුවෙන විට බුද්ධ ධර්මය තහවුරුවෙන්නේ බුදුන් වහන්සේ අමුතු ධර්මයක් ලෝකයට දේශනා නොකළ බැවිනි.


    විශ්වයේ පවතින තත්ත්වය පරම සත්‍යය ලෝකයට කියා දුන් බැවිනි.


    දුක අනිත්‍යතාව බුද්ධ ධර්මයේ හරය වෙයි. අවිද්‍යාව හෙවත් මෝහය, තණ්හාව, උපාද‌ානය නිසා දුක ඇති වෙතත් අනිත්‍යතාව නිසා සත්ත්වයාට දුක් විඳීමට සිදුවෙන බව එහි ඉගැන්වීමයි.


    අනිත්‍ය කියන්නේ කුමක්ද?


    වෙනස් වන ස්වභාවයයි.


    මෙම වෙනස් වීමට බලපාන විද්‍යාත්මක පසුතලය කුමක්ද?


    චලනයයි, සෙලවීමයි, ස්ථිරවම නොතිබීමයි. එය සිදු වෙන්නේ කෙසේද?


    අපි දැන් වෙසෙන සෞරග්‍රහ මණ්ඩලය ගැන බලමු. පෘථිවිය, වෙනත් විදිහකට කිවහොත් මහ පොළොව තමා වටේම කැරකෙයි. එය බමරයක් කැරකෙන්නාක් මෙනි. පැයට සැතපුම් 1050 ක පමණ වේගයකින් තමා වටේම මහ පොළොව කැරකෙයි. පැයට සැතපුම් 70 ක 80 ක වේගයෙන් යන වාහනයක් ගැන මෙනෙහි කරන්න. සැතපුම් සියයකට කිට්ටු කරන විට බඩ පපුව දැවෙන තරමට බයක් ඇතිවේ. එය එහි ගමන් කරන වේගය නිසා යමක හැපුනොත් අත්වෙන ඉරණම ගැන කල්පනා වීමෙන් ඇති වෙන්නකි. අවට තිබෙන ගහකොළ පවා ක්ෂණයකින් නොපෙනී යයි. පැයට සැතපුම් 1050 පමණ වේගයකින් වාහනයක් ගමන් කළහොත් එහි වේගය සිතා ගැනීමට පවා බැරි තරම් විය හැකිය. හීයක් යන්නාක් බඳු වේගයක් විය හැක. තමා වටේ මෙතරම් වේගයකින් කැරකෙන මහ පොළොව හිරු වටාද වෙනත් කක්ෂයක ගමන් කරයි. ඒ සඳහා ගතවෙන කාලය දින 365 කි. නැතහොත් 366 කි. අවුරුද්දකි.


    සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයන් මෙසේ හිරු වටා ගමන් කරයි. හිරු වටකොට ඇති ග්‍රහ වස්තූන්ට අපි සෞරග්‍රහ මණ්ඩලය යැයි කියමු. එයද අප අයත් වන මන්ද‌ාකිනිය (තරු කෝටි 10000 කින් යුතු) මධ්‍ය වටා එක පොකුරට ගමන් කරයි. ඒ සඳහා වසර දෙකෝටි විසි පන් ලක්ෂයක් ගත වෙයි. දැන් බලන්න. පෘථිවිය ඇතුලු ග්‍රහ වස්තූන් තමා වටා කැරකෙයි. ඒවා හිරු වටා කැරකෙයි. හිරු වටා ඇති එම ග්‍රහ වස්තූන් මන්ද‌ාකිණියේ මධ්‍යය වටා කැරකෙයි.


    මෙම කැරකීම කියාප‌ාන ධර්මතාව කුමක්ද? වෙනස් වීමයි. ඇස් පිල්ලන් ගැසෙන මොහොතක් පාසා වෙනස් වීමේ ධර්මතාවක් ලෝකයේ පවතින බවයි. එම වෙනස් වීම චලනය සිදු නොවන්නේ නම් ලෝකයේ ඇති සියලුම වස්තුන් ගල් වූවාක් මෙන් එක තැන පවතිනු ඇත. සිතක් නැත, සත්වයෙකු නැත, ගහ කොළ නැත. පඨවි ගුණය මුල් කරගත් ඝන වස්තුන් පමණක් ලෝකයේ පවතිනු ඇත.


    බුදුන් වහන්සේට මෙහි භෞතික පැත්ත තේරුම් කිරීමට උවමනාවක් නොවීය. ඒ කියන්නේ පවතින භෞතික තත්ත්වය ගැනය. උන් වහන්සේ මෙම චලනය, වෙනස්වීම් දෙස බැලුවේ ආධ්‍යාත්මික පැත්තෙනි. සත්වයාගේ පැත්තෙනි. වෙනත් විධියකින් කිවහොත් සිත සහ කය පැත්තෙනි. බුදුන් වහන්සේ මෙම චලනය දුටුවේ අනිත්‍යතාව ලෙසයි.


    විද්‍යාව එම චලනය දකිනුයේ ලෝකයේ විද්‍යාත්මක සිද්ධාන්ත බොහොමයක් ගොඩ නැගීමට ඉවහල් වන බල ශක්තියක් ලෙසයි. මෙම අනිත්‍ය සිත අනුව බලන විට චිත්තක්ෂණයක ද පවතී. චිත්තක්ෂණයක් කියන්ෙන් ඇසිපිල්ලන් වැටෙන වේලාවටත් අඩු කාලයකි. එහි ක්‍රියාකාරිත්වය උන් වහන්සේ දුටුවේ උප්පාද ඨිත, භංග පිළිවෙළටයි.


    ඇතිවීම, පැවතීම, විනාශය ඇසිපිල්ලන් ගහන මොහොතක පවා සිත ඇති වෙන, පවතින විනාශවෙන ක්‍රියාවලියට ගොදුරු වෙයි. බුදුන් වහන්සේ චිත්ත විථියක් පහළවෙන ආකාරය මෙම න්‍යාය අනුව ගැඹුරට තේරුම් කර දෙයි. කය ද මේ තත්ත්වයට ගොදුරු වෙයි. මොහොතක් පාසා අපේ සිරුරේ ශෛලද ඇතිවෙමින්. පවතිමින් විනාශ වෙමින් පවතී. සිතේ සහ කයේ ඇති වෙන, පවතින හා විනාශ වෙන වේගය අපට නොපෙනෙන්නේ ඊට සාපේක්ෂක වස්තුන් සමඟ සසඳ‌ා නොබැලීම නිසයි.


    අභ්‍යාවකාශ යානයක් හෝ ගුවන් යානයක් හෝ පෘථිවියෙන් ඈත් වී අවකාශයට නැඟුණු විට එය ගමන් කරන බවක් එහි තුළ සිටින අයට නොදැනේ. එය අපට දැනෙන්නේ එක තැන තිබෙන්නාක් මෙනි. එහි වේගය ගැන අපට නොපෙනෙන්නේ ඊට සාපේක්ෂක වස්තුවක් ඇස නොගැටෙන නිසයි. කාලය තුළ ක්‍රියාත්මක වෙන්නේද මෙම න්‍යාය ධර්මයමයි. අතීත, වර්තමාන, අනාගත ක්‍රියා කාල තුනක් ඇතැයි සලකමු.


    කොයි මොහොතකවත් වර්තමානයක් ඇද්ද? වර්තමානය හැම ක්ෂණයකින්ම අතීතයට යයි. මෙම ලිපිය ලිවීමට වාඩි වූ අවස්ථාවේ සිටි පුද්ගලයාද දැන් සිටින්නේ ලිපිය ලිවීම ආරම්භ කරන අවස්ථාවේ මේ ලියන මොහොත දක්වා සිත කී වරක් උප්පාද, ඨිති භංග යන අවස්ථා වලට පත්වීද?



     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    සිරුරෙහි ශෛල කොතරම් මිය ගොස් අලුත් ශෛල වැඩී ඇත්ද? මෙය ජරාවට පත් වීම යනුවෙන් බුදු දහම උගන්වයි. මෙය අපට නොපෙනෙන්නේ ඇයි? ඇසට පවා සිතටවත් නොපෙනෙන වේගයකින් මෙම වෙනස් වීම සිදු වන නිසයි. මෙම වෙනස් වීමේ වේගය දැකිය හැක්කේ සිත දියුණු කොට මාර්ග ඵලවලට පැමිණි උතුමෙකුට පමණි. බුදුන් වහන්සේ ඉහත විස්තර කළ ධර්මතාව හැඳින්වූයේ ජාති, ජරා, මරණ යනුවෙනි. උප්පාද, ඨිති, භංග යනුවෙනි. මෙම අනිත්‍යතාව තේරුම් නොගන්නා සත්ත්වයා සුඛ විහරණය සඳහා තරග වැදී සිටින්නේ ඇයි? සැප විඳින්න, ලෝකය අත් පත් කර ගන්න සිතන්නේ ඇයි? තණ්හාව නිසයි. ඒවාට ඇති ගිජුකම නිසයි. තණ්හාව කියන්නේ ආශාව, ලෝභය, ඇලීමයි. එය සිතෙහි ඇති වන තත්ත්වයකි. විශ්වයේ භෞතික වශයෙන්ද මෙම ක්‍රියාවලියම සිදුවෙයි. විද්‍යාව එය හඳුන්වන්නේ ආකර්ෂණය ලෙසයි. වෙනත් විධියකින් කියතොත් භෞතික වස්තුන් දෙකක් අතර එකිනෙක වෙත ඇඳී යාෙම් ස්වභාවයක් පැවතීමයි.


    මුළු විශ්වයම කිසියම් රටාවකට අනුව පැවැත්ම සිදුවෙන්නේ මෙම ආකර්ෂණ ශක්තිය නිසයි.


    ආකර්ෂණ ශක්තිය අහෝසි වුවහොත් විශ්වයේ ගමන් කිරීම නතර වෙයි. විශ්වයේ ග්‍රහ වස්තුන් චක්‍රයක ගමන් කරන්නේ මෙම ආකර්ෂණය නිසයි. ආකර්ෂණය අහෝසි වුවහොත් විශ්වයේ එම ගමනද ඇන හිටි. තණ්හාව අහෝසි කළ විට සංසාර ගමනද ඇන හිටින්නේ මෙම ධර්මතාවට අනුවයි. සංසාර ගමනද සිදු වෙන්නේ ද චක්‍රයකයි. එම ගමනට හේතුවෙන්නේ තණ්හාවයි. විශ්වයේ ගමනට ආකර්ෂණය හේතු වෙන්නාක් මෙන්ම භව චක්‍රයේ ගමනට සංසාර ගමනට තණ්හාව හේතුවෙයි.


    භෞතික ගමන ආකර්ෂණයෙන් සසර ගමන තණ්හාවෙන් දෙකේම ඇත්තේ ඇලීමේ ස්වභාවයයි. මෙය කෙතරම් විද්‍යාත්මක න්‍යායක්ද? තේරුම් ගැනීමේ පහසුව සඳහා මෙය කෙසේ කීවත් මෙම හේතු එකිනෙකට සම්බන්ධ චක්‍රයක ගමන් කරයි. ඉර, හඳ පොළොව ඇතුළු මෙම සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන සියලුම වස්තුන් අතර ආකර්ශණයක් පවතී. එසේම විශ්වයේ පවතින සියළුම ග්‍රහ වස්තුන් අතර ද ආකර්ෂණයක් පවතී. ක්ෂීර පථය නමින් හඳුන්වනු ලබන අප අයත් වන මෙම මන්දාකිණියේ පමණක් තරු කෝටි 10,000 ක් පමණ ඇති බව විද්‍යාඥයෝ සොයා ගෙන තිබේ. ඒ සෑම ග්‍රහ වස්තුවක් අතරම ආකර්ෂණයක් ඇති දුර වැඩිවෙන විට සිදු වෙන්නේ ආකර්ෂණය අඩු වීමයි.


    ආකර්ෂණය වස්තුවේ බර ප්‍රමාණය හා දුර ප්‍රමාණයේ වර්ගය අනුව අඩු වැඩි වෙන බව විද්‍යාව ඉගනගන්නා ශිෂ්‍යයෝ දනිති ‘‘නිවුටන්ගේ සාර්වත්‍ර ගුරුත්ව සමීකරණය’’ යනුවෙන් එය හැඳින්වේ.


    කොටින්ම කියතොත් කිසියම් භෞතික වස්තුවක් තවත් වස්තුවකින් ඈත් වෙන්න, ඈත් වෙන්න එහි ආකර්ෂණ ශක්තියද හීන වෙයි. ඇලීමේ ශක්තිය දුර්වල වෙයි. කොතරම් දුරකින් ඈත් වුවත් ඒ ආකර්ෂණ ශක්තිය සුළු වශයෙන් හෝ පවතී. අහෝසි වෙන්නේ නැත. එය විද්‍යාත්මක න්‍යයකි.


    තණ්හාවේ ස්වභාවයද මෙෙස්යි. පංචකාම සම්පත්තියේ ඇලී ගැලී සිටින්නා පැණි හැළියට වැටුණු ඇඹලයකු සේ ඉවක් බවක් නැතිව එහි රස විඳීමට යයි. එම සම්පත්වලින් ඈත් වෙන්න ඈත් වෙන්න ඒවායේ ඇලෙන ස්වභාවය දුර්වල වෙයි. අඩුවෙයි. එහෙත් එය මුළු මනින්ම අහෝසි වී යන්නේ නැත. තණ්හාව මුළුමනින්ම අහෝසි කිරීමට නම් එහි මුල් සිඳිය යුතුය. උදුරා දැමිය යුතුය. ඒ සඳහා විශ්වයේ පවතින තත්ත්වයන්ට ඉඳුරාම වෙනස් මගක් අනුගමනය කළ යුතුය. එය විප්ලවයකි. කවර විප්ලවයක්ද? සිතේ විප්ලවයයි. එනම් සිතේ ගමන අත්හිටුවිය යුතුය. ඒ සඳහා භාවනා කළ යුතුය. විදසුන් වැඩිය යුතුය.


    ලෝක විෂයය අනිත්‍යයි. අනන්ත යැයි බුදුන්වහන්සේ දේශනා කළ සේක. බුදුන් වහන්සේ දේශනා කර ඇති ධර්මය කොළ මිටකට සමාන බවත්, දේශනා නොකළ දෙය විශ්වය තුළ ඇති ගහකොළවලට සමාන බවත් උන් වහන්සේම ආනන්ද තෙරුන්ට දේශනා කළ සේක.


    උන් වහන්සේ ඉන් පැහැදිලි කළේ කුමක්ද? ලෝක විෂයය අනිත්‍ය බව නේද? ලෝක විෂය අචින්ත්‍යද? අනන්තද? අචින්ත්‍ය කියන්නේ හිතල කෙළවරක් කළ නොහැකිය. ඒ කියන්නේ අවසානයක් නැත යන්නයි.
    විද්‍යාව මෙය පිළිගනීද? අභ්‍යවකාශයේ ග්‍රහ වස්තුන් පරීක්ෂණය සඳහා මුලින්ම දුරේක්ෂණයක් නිපදවනු ලැබුවේ ගැලීලියෝ විසිනි. එය වැඩි දියුණු කොට දුරේක්ෂය තුළින් විශ්වය දෙස බැලීමට විද්‍යාඥයෝ යුහුසුලු වූහ. අභ්‍යවකාශයේ ඇති නිමක් නොපෙනෙන ග්‍රහ තාරකා සම්බන්ධයෙන් අලුත් සොයා ගැනීම් කළේ ඒ දුරේක්ෂය මගිනි. අප අයත් වෙන මෙම ක්ෂීරපතයේ තරු කෝටි 10,000 ක් පමණ ඇතැයි සොයා ගනු ලැබුවේද මෙම දුරේක්ෂය මගිනි.



    ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් අභ්‍යවකාශය ගැන පරීක්ෂණ පැවැත්වීමට පසුගිය 1990 වර්ෂයේ දී හබල් දුරේක්ෂය අභ්‍යවකාශයේ තැන්පත් කරන ලදී. එම දුරේක්ෂය තුළින් විශ්වය දෙස බලන විට විද්‍යාඥයන්ට තරු පෙනිණි. මෙතෙක් ඔවුන් සොයා ගෙන සිටි තරු ප්‍රමාණය මෙන් කෝටි ප්‍රකෝටි ගණනින් කියා නිමකළ නොහැකි ගණන් තරු විශ්වය පුරා ඇති බව එම දුරේක්ෂය පෙන්වා දුණි.


    මෙතෙක් අප දුටුවේ ආලෝක වර්ෂ 10,000 ක් ලක්ෂයක් වැනි දුර පැවති ග්‍රහ තාරකාවෝය. හබල් දුරේක්ෂය මගින් ආලෝක වර්ෂ බිලියන ගණනින් දුර ඇති ග්‍රහතාරකා ඇති බව ලෝකයට හෙළි කළේය. ආලෝක වර්ෂය කියන්නේ කුමක්ද? ආලෝකය තත්ත්පරයකට ගමන් කරන දුර ප්‍රමාණය නිගමනය කිරීමයි. අපට ළගම ඇති තරුවට ඇති දුර එනම් ප්‍රොක්සිම සෙන්චූරියට ආලෝක වර්ෂ 4.3 කි. ආලෝක වර්ෂ බිලියන ගණන් දුර තියෙන ගණනින් කිව නොහැකි ග්‍රහ තාරකාවල ප්‍රමාණය අප මනසට ගෝචර කළ හැකිද?


    ආලෝකය තත්ත්පරයකට ගමන් කරන වේගය හැතැප්ම 1,86,000 කි. 186000x60x60x24x365x4.3 = ළගම ඇති තාරකාවට තිබෙන දුර = හැතැප්ම 20784286360000 කි. ආලෝක වර්ෂ බිලියන ගණනක දුර සිතාගත හැකිද?


    බුදුන් වහන්සේ මේ සියල්ල සොයා ගත්තේ සිත දියුණු කිරීමෙනි. සර්වඥතා ඥ‌ානයෙනි. අප එය සොයන්නේ දුරේක්ෂ මගිනි. විද්‍යාත්මක උපකරණ මගිනි. උන් වහන්සේ නූතන විද්‍යාවේ ‘අ’ යන්නවත් නොතිබුණු යුගයක මේ සියල්ල දුටුවේ කෙසේද? සර්වඥතා ඥානයෙනි. මුගලන් හාමුදුරුවන්ට විශ්වයේ අනන්තය සොයන්නට යන්න එපා කීවේ එහෙයිනි. අනන්තයක් නොපෙනෙන බැවිනි. උන් වහන්සේ වසර 2500 ගණනකට පෙර නුවණින් දුටු විශ්ව සත්‍යය විද්‍යාව මගින් අද ඔප්පු කර නැද්ද. විද්‍යාව දියුණු වෙන්න වෙන්න බුද්ධ ධර්මය බැබලෙන බව කීවේ එහෙයිනි. භව චක්‍රය ගැනද බුදුන් වහන්සේ කීවේ එහි මුල නොපෙනෙන බවයි. මෙතෙන ප්‍රශ්නයක් පැන නගී, බුදුන් වහන්සේ සර්වඥ නම් එකී මුල නෙපෙනෙන්නේ මන්ද? භව චක්‍රයේ මුල එනම් සසර ගමනේ ආරම්භය උන්වහන්සේ බැලුවේ පූර්ව නිවාසානුස්මෘති ඥානය යෙදවීමෙනි. ඒ කියන්නේ පෙර ජන්ම වල විසූ ආකාරය කෙසේද යන්න සොයා බැලීමේ නුවණයි.


    බුදුන්වහන්සේ ආත්ම 1000 ක් අතීතයට ස්වඥ‌ානය මෙහෙයවා බැලුවා යැයි සිතමු. උන්වහන්සේ විසූ ආකාරය පෙනේ. 10,000ක් ඈතට නුවණ විහිදුවා බැලුවා යැයි සිතමු. ඒත් බව චක්‍රය ගමන් කරපු ආකාරය පෙනෙයි. තව වසර ලක්ෂයක් කොටියක් කෝටි ප්‍රකෝටියක් බැලූවත් සසර ගමන් කරන ආකාරය මිස මුල නොපෙනෙයි. ඈතට යන්න යන්න ගමන පෙනෙයි. එහි කෙළවර නොපෙනෙයි. ආරම්භය නොපෙනෙයි. මින් කෙළවරක් දැකිය නොහැකි නිසා ඒ දෙස බැලීම අත්හැර දැමූ බවයි උන් වහන්සේගේ දේශනාවෙන් අපට හැඟෙන්නේ


    මෙයම විද්‍යාව මගින් අද ඔප්පු කර නැද්ද? අප මේ ගමනේදී එනම් සසර ගමනේදී බල්ලන් බළලුන් වැනි තිරිසනුන් වශයෙන් ආත්ම කීයක් උපත ලබා ඇද්ද? යක්ෂ, ප්‍රේත කුම්භාණ්ඩයින් මෙන් කී භවයක උපත ලබා ඇද්ද? නිරවල වැටී කොපමණ දුක් විඳ ඇද්ද? මනුෂ්‍ය ආත්මයක උපත ලැබූ අප අද විඳින්නේ සැපතක්ද? අප්‍රමාදව සිතා බලා ඔබ අද සිටම වීර්යයෙන් කටයුතු කළහොත් භව චක්‍රයේ පැසි පැසී උපත ලබන මෙම ගිනි ජාලාවෙන් අත් මිදිය හැකි බව පමණක් සිතට ගන්න. විශ්වයේ පවත්නා සත්‍ය එයයි. එයට පිටුපා ක්‍රියා කිරීමෙන් රැවටී දුක් විඳින්නේ ඔබමයි. පූර්ව ජන්මවල උන්වහන්සේ ඉපිද සසර ගමන් කළ ආකාරය විනා එහි මුලක් උන්වහන්සේටද නොපෙනුණි. මුල නොපෙනුණේ ඇයි?


    යමක මුල සෙවීමට නම් එක් කොනක සිට ආපස්සට යා යුතුය. එක කොනක සිට ආපස්සට යන විට මුලක් ඇත්නම් එම මුල අසුවීම අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.


    බුදුන් වහන්සේ ද කළේ පූර්වේ නිවාසනුස්මෘති ඥ‌ානය මෙහෙයවා ආපස්සට බැලීමයි. ආපසු බැලුවේ මෙතෙක් ආ ගමන ගැනයි. එසේ බලන විට එම ගමන ආ හැටි පෙනෙයි. එක් භවයක පෙනෙයි. ඊට එපිට භවයද ඊටත් එපිට භවයද, ආදී වශයෙන් සසර සැරි සැරූ අන්දම පෙනෙයි. භව සියයක් බැලුවා යැයි සිතමු. ද‌ාහක්, දහ ද‌ාහක්, ලක්ෂයක්, කෝටියක්, ප්‍රකෝටියක් කෝටි ප්‍රකෝටි ගණන් බැලුවා යැයි සිතමු. පොළොවේ වැලි හා සමාන භවතර ගණනක් බැලුවත් පෙනෙන්නේ කුමක්ද? සසර සැරි සැරූ අන්දමයි. මුලක් නොපෙනෙයි.



    ------ Post added on Sep 7, 2022 at 3:38 PM
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    හේතුවක් නිසා ඵලයක් ඇති වෙයි. එම ඵලය හේතුවක් බව පත්වෙයි. එම නිසා සසර ගමන ඇති වෙයි. මෙය උන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත් සත්‍යය බැවින් මුල සෙවීමට කාලය අපතේ නොහැර හේතු ප්‍රත්‍යයට පිළියම් යෙදිය යුතු ආකාරය උන්වහන්සේ අපට කියා දුන්හ. දැන් මෙහි විද්‍යාත්මක පැත්ත ගැන බලමු.


    ගැලීලියෝ දුරේක්ෂය නිපදවා විශ්වය දෙස බැලීය. එය වැඩි දියුණු කොට ආලෝක වර්ෂ දහස් ගණන් ලක්ෂ ගණන් දුර තිබෙන තරු දෙස බැලීය.


    හබල් දුරේක්ෂය මගින් ආලෝක වර්ෂ බිලියන ගණන් දුර තරු ඇති බව සොයා ගත්හ. තවත් දුරේක්ෂයක් සොයා ගත්තා යයි සිතමු. ඒ තුළින්වත් විශ්වයේ කෙළවර බැලිය හැකි වෙයිද? විශ්වයේ ඈතට යන්න යන්න පොළොවේ වැලි කැට ගණනට ඇති තරු මිස කෙළවරක් නම් නොපෙනෙනු ඇත. එය මිරිඟුවක් පසුපස යන්නාක් වැනි ක්‍රියාවකි. බුදුන් වහන්සේ එය අපට කියා දුන්හ. විශ්වයේ පරම සත්‍ය දුටු බුදුන්වහන්සේට නොපෙනුන දෙයක් භෞතික ඇසින් ලෝකය දෙස බලන විද්‍යාඥයන්ට සොයා ගත හැකි වෙතැයි. සිතිය හැකිද?


    විද්‍යාව ලෝකයේ තව තවත් දියුණු වෙන විට ලෝකයේ ඉතිරි වෙන්නේ බෞද්ධාගම පමණකැයි මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා වරක් දේශනයකදී පැවසුවේ මෙම සත්‍ය වටහා ගෙන ඇති බැවිනැයි සිතමි. විශ්වයේ අගක් මුලක් නොපෙනෙන බැවින් බොහෝ ආගම් කතුවරුන් කළේ විශ්වය සර්ව බලධාරියකුගේ මැවීමක් ලෙස පෙන්වා ඇග බේරා ගැනීමයි. දේව වාදය, බ්‍රහ්මවාදය, බිහිවූයේ ඒ තුළිනි. විශ්වයේ මැවීම ප්‍රශ්න නොකළ යුතු අභිරහසක් ලෙස දැක්වීමෙන් නිදහස් චින්තනය වසා තැබිය හැකි යැයි ඔවුන් සිතන්නට ඇත. එහෙත් බුදුන් වහන්සේ කළේ නිදහස් චින්තනයට දොර විවර කිරීමයි.


    සිතීමෙන් සිත දියුණු කිරීමෙන් මනසේ සෛල ක්‍රියාත්මක වී ප්‍රඥාව පහළ වන හැටි උන්වහන්සේ දුටූහ.


    අක්‍රීයව ඇති මෝහාන්ධකාරයෙන් වැසී ඇති මොළයේ සෛල ක්‍රියාත්මක කිරීමට ඇති හොඳ මග භාවනාව ලෙස උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කර ගත්හ.


    විශ්වයේ පරම සත්‍යයය උන්වහන්සේ අපට කියා දුන්හ. එම සත්‍ය ප්‍රත්‍යක්ෂ කර ගන්නා හැටි එම සත්‍ය දෙස බලනා හැටි උන් වහන්සේ කියා දුන්හ. තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක් විනා අන්‍යයන්ට එය කළ හැකි දෙයක් නොවන බව උන්වහන්සේ අපට පැහැදිලි කළ දුන්හ.


    සසර ගමන කෙළවරක් නැති බව විද්‍යාත්මකව බැලුවත් ඔප්පු වෙන්නේ නැද්ද? ඉන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ කුමක් ද? එම ගමනේ ඇති බියකරු බව නොවේද? සසර සැරි සරනා සත්වයා අනන්ත අප්‍රමාණ දුකකට ගොදුරුවෙන බව නොවේද? එසේ වෙන්නේ කොහොමද?


    කුසල් රැස් කළ සත්වයා මරණින් මතු දෙවියකු බවට පත් වූයේ යැයි සිතමු. කල්ප ගණනක් එහි දිව්‍ය සැප සම්පත් වින්දත් පින් කෙළවර වූ කල එම සත්වයා දෙව්ලොවින් චුතව නිරයක හෝ ප්‍රේත ලෝකයක හෝ තිරිසන් යෝනියක හෝ මනුෂ්‍යාත්මයක යළි ඉපදිය හැක.


    එය සිදුවෙන්නේ දෙව්ලොවින් චුත වන අවස්ථාවේ පහළ වූ සිත අනුවයි. කුසල් කෙළවර වූ විට මතුවෙන්නේ අකුසල් වෙන බැවින් දෙව්ලොවින් චුත වන සත්වයෝ බොහෝ විට දුකට පත් වෙති. එහෙයින් මෙම සසර ගමනේ කෙළවරක් නුදුටුව හොත් සත්වයා දුකට පත් වීම වැළැක්විය හැකිද? නිරයක උපත ලැබීම, ප්‍රේත ලෝකයක උපත ලැබීම, තිරිසනකු ලෙස උපත ලැබීම සැපතක්ද? මුල නොපෙනෙන මෙම භව චක්‍රයේ සැරිසරන අප කී වතාවක් තිරිසන් ආත්ම වල ප්‍රේතාත්ම වල උපත ලබන්නට ඇත්ද?


    බෝධිසත්වයන් වහන්සේද තිරිසන් යෝනිවල උපත ලැබූ අප්‍රමාණ කතා ඇත. මෙය ප්‍රත්‍යක්ෂ වූ විට සසර ගමන බියකරු බව පෙනෙයි. එය වටහා ගතහොත් සසර ගමනේ අගමුල ගැන සිතමින් වෙහෙස නොවී ඉන් අත්මිදීමේ මග සෙවීමට පෙළඹෙයි.


    ඒ නිසා අද සිට හෝ සසර ගමනින් අත් මිදීමට අදිටන් කර ගෙන ඊට අනුකූලව ජීවිතය හැඩගස්වා ගහහොත් කවද‌ා හෝ ඔබටත් ගැලවීමක් ඇති වෙයි. ඔබගේ කාලයෙන් සුළු මොහොතක් හෝ ඒ සඳහා යෙදවීම ඔබට වැඩද‌ායක වෙනු ඇත. මහා සාගරය ඇති වන්නේ ජල බිංදුව බැගින් එක් රැස්වීමෙන් බැවිනි.


    අප්ප මාදො අමත පදං
    පමාදෝ මච්චුනෝ පදං
    අප්ප මත්තා නමීයන්ති
    යෙ පමත්තා යථා මතා


    යැයි බුදුන් වහන්සේ දේශනා කළේ එබැවිනි.









    ජේ.ඒ. අමිල උදයංග
    මානව ශාස්ත්‍ර පීඨය
    දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන අංශය
    කැලණිය විශ්ව විද්‍යාලය
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,020
    153,081
    113
    TNTCr38.jpg



    දිනය: 2023 අප්‍රේල් 27

    අධි පීඩිත බැලූනයන් යොදාගනිමින් නිර්මාණය කළ පද්ධතියක් උපයෝගී කරගනිමින් පෘථිවි වායුගෝලීය ස්ථරයක් වන ආවර්ත ගෝලයෙහි (stratosphere) ස්ථාවර ලෙස රදවා ඇති මීටර 0.5 ක විෂ්කම්භයකින් යුක්ත දර්පණයකින් සමන්විත වූ 'SuperBIT' (Super-pressure Balloon-borne Imaging Telescope) නම් වූ දුරේක්ෂය මගින් ලබාගත් "Tarantula Nebula" හි අපූර්ව ඡායාරූපය.


    Image Credit: SuperBIT, NASA

    SuperBIT_tarantula.png


     

    Similar threads