🛰️🌖❄️ ප්ලූටෝට අයත් විශාලතම චන්ද්‍රයා: 'Charon' ❄️🌖🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    TNTCr38.jpg



    දිනය: 2023 ජුනි 03
    මින් පෙර අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත්ව තිබූ වාමන ග්‍රහලොවක් (dwarf planet) වන ප්ලූටෝ (Pluto) ග්‍රහයාට අයත් චන්ද්‍රයින් පස්දෙනා අතරින් විශාලතම චන්ද්‍රයා වන 'Charon' නිරූපණය කෙරෙන අපූර්ව ඡායාරූපයක් පහත දැක්වේ. විෂ්කම්භය කිලෝමීටර 1212 පමණ වන 'Charon' චන්ද්‍රයාගේ උත්තරධ්‍රැවයට ආසන්න කලාපය තුළ අඳුරු ස්වභාවයක් ගන්නා, රතු පැහැති ප්‍රදේශයක් පවතින අතර මෙම බිම් ප්‍රදේශයෙහි විෂ්කම්භය කිලෝමීටර 475 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. "J.R.R. Tolkien" මහතා විසින් රචිත ලෝ පතල "The Lord of the Rings" කතා මාලාවෙහි එන 'Mordor' නමැති ප්‍රදේශය සිහි ගැන්වීම හේතුවෙන් 'Charon' චන්ද්‍රයාගේ උත්තරධ්‍රැවයෙහි පිහිටා තිබෙන මෙම රතු පැහැති ප්‍රදේශය "Mordor Macula" ලෙස හදුන්වනු ලබයි.

    2015 වසරේ ජූලි 14 වන දින මෙම 'Charon' චන්ද්‍රයාට වඩාත් සමීපයෙන් ගමන් කළ නාසා ආයතනයෙහි "New Horizons" අභ්‍යවකාශ යානය මගින් ලබාගත් නිල්, රතු ආලෝක සහ අධෝරක්ත කිරණ ආලෝක දත්තයන් (blue, red, and infrared data) ඇතුළත් වූ මෙම සං‍යුක්ත ඡායාරූපයෙහි මුළු විභේදනය (resolution) කිලෝමීටර 2.9 ක් (සැතපුම් 1.8) වූ අතර 'Charon' චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨයෙහි පවතින වර්ණයන් සහ විවිධ ලක්ෂණයන් වඩාත් පැහැදිලිව මතුකිරීම සදහා ඡායාරූපයෙහි වර්ණයන් වැඩිදියුණු කොට සකස් කර ඇත. 'Charon' චන්ද්‍රයාගේ එක් අර්ධගෝලයක (hemisphere) මුහුණත නිරූපණය කෙරෙන මෙම ඡායාරූපය මගින් 'Charon'හි උතුරු අර්ධගෝලයට අයත් භූමි ප්‍රදේශයන් සහ දකුණු අර්ධගෝලයට අයත් සුමට බිම් ප්‍රදේශත් වෙන් කරන කඩතොළු සහ පටු නිම්නයන්ගෙන් යුක්ත වූ තීරුවක ආකාරයක් ගත් මධ්‍ය ප්‍රදේශය ද දිස්වන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

    ප්ලූටෝ ග්‍රහයාගේ විශාලත්වයෙන් අඩක් සහ පෘථිවියෙහි විශාලත්වයෙන් 1/10 ක ප්‍රමාණයක් ද ගනු ලබන මෙම 'Charon' චන්ද්‍රයා, අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයින් සහ චන්ද්‍රයන් අතරින් අතරින් තමාගේ මව් ග්‍රහයාගේ විශාලත්වයට සාපේක්ෂව ගත් කළ විශාලත්වය අතින් වැඩිම අගයක් ගන්නා චන්ද්‍රයා ලෙස ද සලකණු ලබයි. මෙම ඡායාරූපයෙහි වම්පස ඉහළ කෙළවරෙහි ඇතුළත් කොට ඇති චතුරස්‍රාකාර කොටසෙහි ඇති කුඩා රූපය මගින් ප්ලූටෝ ග්‍රහයා හා 'Charon' චන්ද්‍රයා යන දෙදෙනා නොපැහැදිලි අනුඡායා, දුරේක්ෂීය ඡායාරූපයකට (negative,telescopic picture) හසුකරගත් ආකාරය පෙන්නුම් කරයි. මෙම දුරේක්ෂීය ඡායාරූපය උපකාර කරගනිමින්, ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට අයත් 'Flagstaff' නම් නගරයෙහි පිහිටා ඇති ඇමරිකානු නාවික නිරීක්ශනාගාරයෙහි සේවය කළ ඇමරිකානු තාරකා විද්‍යාඥයන් දෙපළක් වන "James Christy" සහ "Robert Harrington" විසින් 1978 වසරේ ජූනි මාසයේදී, 'Charon' චන්ද්‍රයා ප්‍රථමවරට නිරීක්ෂණය කිරීමට සමත් විය.


    Image Credit: NASA, Johns Hopkins Univ./APL, Southwest Research Institute, U.S. Naval Observatory

    Charon-Neutral-Bright-Release.jpg




    Overview | Pluto – NASA Solar System Exploration

    Pluto (Planet)

    In Depth | Charon

    Charon (moon)

    New Horizons (Mission)













     

    Similar threads