🛰️🌟💥 "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Cassiopeia A" නම් වූ සුපර්නෝවා අවශේෂය (Supernova remnant) 💥🌟🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    9JKh5NK.jpg



    "supernova remnant" එකක් යනු, තාරකාවක ආයුකාලය අවසන්වීමත් සමග සිදුවන සුපර්නෝවා පිපිරීමකට පසුව ඉතිරි වන දැවැන්ත අවශේෂයන් ව්‍යුහය ලෙස හැදින්විය හැකියි. ඇමරිකාවේ නාසා ආයතනයට හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට (European Space Agency - ESA) අයත් "ජේම්ස් වෙබ්" අභ්‍යාකාශ දුරේක්ෂයෙහි (James Webb Space Telescope) පවතින අධෝරක්ත කිරණ මාධ්‍ය උපකරණයක් වන "Mid-Infrared Instrument (MIRI)" නම් කැමරාව මගින් ලබාගත් දත්තයන් ඇසුරෙන් සකස් කළ පහත දැක්වෙන අධෝරක්ත කිරණ ඡායාරූපය (Infrared image) මගින් ද නිරූපණය කෙරෙනුයේ මෙවැනි සුපර්නෝවා අවශේෂයකි. "Cassiopeia A" (Cas A) ලෙස හදුන්වන, "type IIb supernova" ගණයට අයත් මෙම "සුපර්නෝවා අවශේෂය" (supernova remnant) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 11000 ක් පමණ ඈතින්, 'Cassiopeia' නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇති අතර මෙම සුපර්නෝවා අවශේෂයට අයත් ප්‍රදේශයෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 10 ක පමණ අගයක් ගනී.

    මෙම සුපර්නෝවා අවශේෂයට අයත් බාහිර ව්‍යුහයෙහි ඉහළ හා වම්පසින් වූ ප්‍රදේශවල දිස්වන තැඹිලි හා රතු පැහැය, සුපර්නෝවා අවශේෂයෙහි පවතින උණුසුම් දූවිලි මගින් සිදුවන විමෝචනය හේතුවෙන් හටගෙන ඇත. මෙමගින් මෙම සුපර්නෝවා අවශේෂය නිර්මාණය වීමට හේතු වූ දැවැන්ත තාරකාවෙහි හටගත් සුපර්නෝවා පිපිරීමෙන් නිකුත් වූ ද්‍රව්‍යයන්, ඒ වටා වූ පරිස්ථිතික ද්‍රව්‍යයන් (circumstellar material) ආකාරයෙන් එක්‍ රැස් වී ඇති අයුරු පිළිබිඹු කරයි. මෙම "Cassiopeia A" හි බාහිර ව්‍යුහයේ සිට අභ්‍යන්තරය තෙක් පැතිර පවතින දීප්තිමත් රෝස පැහැයක් ගත් පැල්ලම් ආකාරයේ දූවිලි හා වායු සූත්‍රිකාවන් රාශියක් ද මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර ඒවා පොකුරු ආකාරයෙන් තැනින් තැන විසිරී පවතී.

    මෙම සූතිකාවන් මගින්, තාරකාවෙහි සිදු වූ සුපර්නෝවා පිපිරීමත් සමග නිකුත් වූ ද්‍රව්‍යයන් නියෝජනය කරන අතර ඒවායේ පවතින දිදුළන ස්වභාවය සදහා ඒවායේ අඩංගු වී පවතින බර මූලද්‍රව්‍යයන්ගේ සිදුවන සම්මිශ්‍රනයන් හා දූවිලි වල ඇතිවන විමෝචන ක්‍රියාවලියත් හේතු වී ඇති බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මීට අමතරව සුපර්නෝවා පිපිරීමත් සමග නිකුත් වූ තාරකාමය ද්‍රව්‍යයයන් (stellar material), "Cassiopeia A" හි වූ මධ්‍ය කුහරය/කවචය (Central cavity) අසලින් වන්නටව ඇති ප්‍රභාහීන (fainter) අයුරෙන් දිස්වන කුඩා ප්‍රදේශයන් මගින් නිරූපණය කරයි. මේ අතර කොළ වර්ණයෙන් නිරූපණය වන ලූපයක් (Loop) "Cassiopeia A" (Cas A)'හි මධ්‍ය කුහරයේ දකුණු පැත්ත හරහා විහිදී ගොස් ඇති අයුරු නිරීක්ශනය කළ හැකි අතර එහි හැඩය හා සංකීර්ණත්වය පිළිබදව වූ කරුණු තාරකා විද්‍යාඥයන් අතර මතභේදයට තුඩු දී ඇත.



    Credits: NASA, ESA, CSA, D. D. Milisavljevic (Purdue), T. Temim (Princeton), I. De Looze (Ghent University). Image Processing: J. DePasquale (STScI).

    FtHetJUXgAQi38A


    weic2311a.jpg



    Webb Reveals Never-Before-Seen Details in Cassiopeia A

    Cassiopeia A (Cas A)














     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    TNTCr38.jpg



    දිනය: 2023 ජූනි 01

    චන්ද්‍රා අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබා ගත් X-කිරණ දත්තයන් සහ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය දෘ‍ෂ්‍ය ආලෝක දත්තයන් යොදාගනිමින් සකස් කළ "Cassiopeia A" නම් වූ සුපර්නෝවා අවශේෂය (Supernova remnant) නිරූපණය කෙරෙන අපූරු ඡායාරූපය


    Image Credit: X-ray - NASA, CXC, SAO; Optical - NASA,STScI

    Chandrafirstlight_0.jpg

     
    • Like
    Reactions: batwise

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් "Cassiopeia A" (Cas A) සුපර්නෝවා අවශේෂයෙහි නවතම ඡායාරූපය


    Credits: NASA, ESA, CSA, STScI, D. Milisavljevic (Purdue University), T. Temim (Princeton University), I. De Looze (University of Gent)

    GBDIHzXXMAACzmJ
     
    • Wow
    Reactions: batwise

    Similar threads