🛰️💖 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Pillars of Creation" හි අසිරිය 💖🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,994
    113
    W7vkBTY.jpg

    "Eagle Nebula' (Messier 16 or M16, හා NGC 6611 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලැබේ) නමින් හදුන්වන විසරණ විමෝචන නිහාරිකාවෙහි (diffuse emission nebula) පවතින දැවැන්ත ප්‍රතිමාවන්ගේ නැතහොත් උස් කඳු ආකාරයක ස්වභාවකින් දිස්වන වායූන් (ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් අණු) හා දූවිලිවලින් සමන්විතව පවතින කුළුණු ආකාරයේ ව්‍යුහයන් බලවත් තාරකාලෝකයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ක්‍රමයෙන් වාෂ්ප වී යාම සිදු වෙමින් පවතී. "Pillars of Creation" ලෙස හදුන්වනු ලබන වායූ හා දූවිලිවලින් යුක්ත වූ දැවැන්ත කුළුණු (The great pillars) ත්‍රිත්වයකින් සමන්විත වූ මෙම "Eagle' නිහාරිකාව (Eagle Nebula) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7000 ක් පමණ ඈතින්, 'Serpens' (serpens cauda) තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ.පහත දැක්වෙන අපූර්ව ඡායාරූපයෙන් නිරූපණය වන්නේ මෙම "Pillars of Creation" නම් වූ මෙම දූවිලි කුළුණු "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near Infrared Camera" (NIRCam)
    අධෝරක්ත කිරණ කැමරාවට හසුවූ අයුරුයි.

    Credits: NASA, ESA, CSA, STScI; Joseph DePasquale (STScI), Anton M. Koekemoer (STScI), Alyssa Pagan (STScI).​

    stsci-01gfnn3pwjmy4rqxkz585bc4qh.png

    මෙම ඡායාරූපයෙහි ඉහළ විභේදනයකින් (Resolution) යුත් සංස්කරණ බාගැනීම සදහා

    Pillars of Creation (NIRCam Image)

    හබල් දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට

    Credits:
    NASA, ESA, CSA, STScI; Joseph DePasquale (STScI), Anton M. Koekemoer (STScI), Alyssa Pagan (STScI).

    stsci-01gfnr1kzzp67ffgv8y26kr0vw.png

    NASA’s Webb Takes Star-Filled Portrait of Pillars of Creation

    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    අබ්‍යවකාශ හුබස් BUMP
    මෙව එකට කැටි වෙල තියෙන්නෙ ඇයි, විසිරිල යන්නෙ ණැතුව
    we live a very short period of time compared to what happens in the universe and simply don't live long enough to see changes on the cosmic scale
    tfs btw @Stimulus mind
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Spritzer telescope එකෙන් 1997 ගත්ත එකක් මේ.
    Scientist ලා කියනවා මේ වම් පැත්තේ උඩින් තරුවක් පුපුරලා ඒකෙ supernova එක තියෙන්නේ කියලා. මේ supernova එක හින්දා ඕක over 6000 years ago destroy වෙලා තියෙන්නේ කියලා කියනවා ඉතින්.

    උඩ photo eka over 7000 years ago.
    ඒක අපිට තාම ඔහොම පේන්නේ, Eagle Nebula එකේ එළිය මෙහෙට එන්න අවුරුදු 7000k යන හින්දා, ඉතිං තව අවුරුදු 1000 ක් වත් යනකන් ඕකේ වෙනසක් අපිට බලාගන්න බැරි වෙයි කියලා කියන්නේ..
    spitzer-eagle-nebula-1068x1335.jpg

    මේවා aliens ලාගේ graphic design ද දන්නේ නැ, අපිට render වෙන්න කල් යනවා.. :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,169
    1
    61,515
    113
    Mother Earth

    ඔය nebula එක ගාවට ගිහින් අපිට පෘතුවිය දිහා බලන්න පුළුවන් වුණොත් මරු නේද? අවුරුදු 7000කට කලින් පෘතුවිය පෙනෙයි. ඔය Nebula එකට අපිට ලොකු mirror(දර්පණයක්) යවා ගන්න පුළුවන් වුණොත් අපිට පෘතුවිය මීට වසර 14000කට පෙර තිබුන විදිහ බලා ගන්න පුළුවන් නේද ?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඔය nebula එක ගාවට ගිහින් අපිට පෘතුවිය දිහා බලන්න පුළුවන් වුණොත් මරු නේද? අවුරුදු 7000කට කලින් පෘතුවිය පෙනෙයි. ඔය Nebula එකට අපිට ලොකු mirror(දර්පණයක්) යවා ගන්න පුළුවන් වුණොත් අපිට පෘතුවිය මීට වසර 14000කට පෙර තිබුන විදිහ බලා ගන්න පුළුවන් නේද ?
    e wunata eka thenta yawanna aloke wegen gyat 7000k yanwane. etakota penne dan tiana widiha, lol

    oya wage hitanna gattama tama hitenne simulation theory eka harida kyalat lol.. mkt hariyata hoyaganna bari wenna boundaries dala tienne.
     
    Similar threads