"Eagle Nebula' (Messier 16 or M16, හා NGC 6611 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලැබේ) නමින් හදුන්වන විසරණ විමෝචන නිහාරිකාවෙහි (diffuse emission nebula) පවතින දැවැන්ත ප්‍රතිමාවන්ගේ නැතහොත් උස් කඳු ආකාරයක ස්වභාවකින් දිස්වන වායූන් (ප්‍රධාන වශයෙන් හයිඩ්රජන් අණු) හා දූවිලිවලින් සමන්විතව පවතින කුළුණු ආකාරයේ ව්‍යුහයන් බලවත් තාරකාලෝකයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ක්‍රමයෙන් වාෂ්ප වී යාම සිදු වෙමින් පවතී. "Pillars of Creation" ලෙස හදුන්වනු ලබන වායූ හා දූවිලිවලින් යුක්ත වූ දැවැන්ත කුළුණු (The great pillars) ත්‍රිත්වයකින් සමන්විත වූ මෙම "Eagle' නිහාරිකාව (Eagle Nebula) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7000 ක් පමණ ඈතින්, 'Serpens' (serpens cauda) තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ.පහත දැක්වෙන අපූර්ව ඡායාරූපයෙන් නිරූපණය වන්නේ මෙම "Pillars of Creation" නම් වූ මෙම දූවිලි කුළුණු "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂයෙහි වූ "Near Infrared Camera" (NIRCam)
අධෝරක්ත කිරණ කැමරාවට හසුවූ අයුරුයි.
Credits: NASA, ESA, CSA, STScI; Joseph DePasquale (STScI), Anton M. Koekemoer (STScI), Alyssa Pagan (STScI).
මෙම ඡායාරූපයෙහි ඉහළ විභේදනයකින් (Resolution) යුත් සංස්කරණ බාගැනීම සදහා
Pillars of Creation (NIRCam Image)
හබල් දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට
Credits: NASA, ESA, CSA, STScI; Joseph DePasquale (STScI), Anton M. Koekemoer (STScI), Alyssa Pagan (STScI).
NASA’s Webb Takes Star-Filled Portrait of Pillars of Creation

