🥧🍩🍯 අවුරුදු කෑම 🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉස්සර නම් සිංහල අවුරුද්දට අපේ අම්මලා, අත්තම්මලා එක එක ජාතියේ කෑම ජාති මහ ගොඩක් හදනවා. කොණ්ඩ කැවුම්, අතිරස, කොකිස්, අලුවා, අග්ගලා, මුං කැවුම්, කිරියා, තලප, දොදොල්, සව්දොදොල්, නාරන් ගුලි, ආස්මි, පැණි වළලු, සීනි අටුකොස් වගේ නොයෙකුත් පැණිරස කෑම. තව කිරිබතට අමතරව සිංහල අච්චාරු, සීනි සම්බල්, ඇඹුල් තියල්, කලුපොල් මාලුව වගේ සැර කෑම ජාතිත් වරදින්නේ නැහැ. ගමේ හැම ගෙදරකම වගේ ඔහොම මොනවා හරි කෑම ජාති කීපයක් හදනවා. අපි කොල්ලෝ කුරුට්ටෝ ගම පුරාම සෙල්ලමේ දුවන ගමන් ඒ ගෙවල් වලටත් ගියාම අපිට ඒ කෑම කන්න දෙනවා. පුදුම සුන්දර කාලයක් ඒක! 😍
    --
    jrwxdESl.jpg

    --
    දැන් දැන් ගෙවල් වල ඔය වගේ කෑම ජාති හදනවා අඩුයි. බොහෝවිට කඩෙන් අරගෙන එනවා. ගොඩක් ගෑණු අය ඒ කෑම හදන්න දන්නෙත් නැහැ.
    මෙදා අවුරුද්දේ අපේ ගෙදර අවුරුදු කැම ජාති කීපයක්ම හදන්න හිතාගෙන ඉන්නේ. අතිරස, අලුවා, මුං කැවුම්, කොකිස්, සව් දොදොල්, අග්ගලා මේ වගේ කෑම වර්ග ටිකක්.
    මේ සැරේ කොහොමද ඔයාලගේ අවුරුදු කෑම?
    දන්නා අය ඉන්නවා නම් අවුරුදු කෑම වර්ග සහ ඒවගේ රෙසිපි එහෙමත් දාගෙන යමුද?
    --
    ps කජු මාළුව miss වුණා 😇
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කඩවල තියන එව්වා නම් මෙලෝ රහක් නැහැ. අමාරුවෙන් හරි ගෙදර හදා ගත්තොත් තමයි රස..... :love2: :love2:

    අපි මෙදා පාර අර උදේ තියන නැකත් වෙලාවල් තමයි කරන්න ඉන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කඩවල තියන එව්වා නම් මෙලෝ රහක් නැහැ. අමාරුවෙන් හරි ගෙදර හදා ගත්තොත් තමයි රස..... :love2: :love2:

    අපි මෙදා පාර අර උදේ තියන නැකත් වෙලාවල් තමයි කරන්න ඉන්නේ
    කෑම හැදුවම photos share කරමු :D
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    ඉස්සර නම් සිංහල අවුරුද්දට අපේ අම්මලා, අත්තම්මලා එක එක ජාතියේ කෑම ජාති මහ ගොඩක් හදනවා. කොණ්ඩ කැවුම්, අතිරස, කොකිස්, අලුවා, අග්ගලා, මුං කැවුම්, කිරියා, තලප, දොදොල්, සව්දොදොල්, නාරන් ගුලි, ආස්මි, පැණි වළලු, සීනි අටුකොස් වගේ නොයෙකුත් පැණිරස කෑම. තව කිරිබතට අමතරව සිංහල අච්චාරු, සීනි සම්බල්, ඇඹුල් තියල්, කලුපොල් මාලුව වගේ සැර කෑම ජාතිත් වරදින්නේ නැහැ. ගමේ හැම ගෙදරකම වගේ ඔහොම මොනවා හරි කෑම ජාති කීපයක් හදනවා. අපි කොල්ලෝ කුරුට්ටෝ ගම පුරාම සෙල්ලමේ දුවන ගමන් ඒ ගෙවල් වලටත් ගියාම අපිට ඒ කෑම කන්න දෙනවා. පුදුම සුන්දර කාලයක් ඒක! 😍
    --
    jrwxdESl.jpg

    --
    දැන් දැන් ගෙවල් වල ඔය වගේ කෑම ජාති හදනවා අඩුයි. බොහෝවිට කඩෙන් අරගෙන එනවා. ගොඩක් ගෑණු අය ඒ කෑම හදන්න දන්නෙත් නැහැ.
    මෙදා අවුරුද්දේ අපේ ගෙදර අවුරුදු කැම ජාති කීපයක්ම හදන්න හිතාගෙන ඉන්නේ. අතිරස, අලුවා, මුං කැවුම්, කොකිස්, සව් දොදොල්, අග්ගලා මේ වගේ කෑම වර්ග ටිකක්.
    මේ සැරේ කොහොමද ඔයාලගේ අවුරුදු කෑම?
    දන්නා අය ඉන්නවා නම් අවුරුදු කෑම වර්ග සහ ඒවගේ රෙසිපි එහෙමත් දාගෙන යමුද?
    --
    ps කජු මාළුව miss වුණා 😇
    hoda mixed fired rice ekk gahanna oone
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    hoda mixed fired rice ekk gahanna oone
    මෙදා පාර අවුරුද්දට අඟුරු කන්ට වෙන්ටෑ :baffled:

    අනිවා .... :love2:👌
    ගුරුන්නාන්සේ උදේ තියන නැකත් පාවිච්චි කෙරුවට කමක් නැතෙයි 🙏
    එපා. හාමු අමනාප වෙයි :no:
    ------ Post added on Apr 2, 2024 at 9:17 PM
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අඩේ ... අපේ ගෙදරත් දැන් ලොකුවට අවුරුද්ද සමරන්නේ නැහැ. අම්මලට කිවුවට වැඩක් නැහැ. ඉස්සර නම් සුපිරි. අත්තම්ම කැවිලි වර්ග ගොඩක් හදනව. පට්ටම සතුටු කාලයක් අවුරුදු කාලෙ ඉස්සර. හිතේ සතුටනේ බන් වටින්නේ. වැරදි දේකුත් නෙමෙයිනේ.:(
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අඩේ ... අපේ ගෙදරත් දැන් ලොකුවට අවුරුද්ද සමරන්නේ නැහැ. අම්මලට කිවුවට වැඩක් නැහැ. ඉස්සර නම් සුපිරි. අත්තම්ම කැවිලි වර්ග ගොඩක් හදනව. පට්ටම සතුටු කාලයක් අවුරුදු කාලෙ ඉස්සර.
    මේ තියෙන ආර්ථිකේ එක්ක අවුරුදු කෑමත් ලේසි නෑ. ඒත් පුළුවන් විදියට සමරන්න ඕන. විශේෂයෙන් පොඩි ළමයි ඉන්න ගෙවල් වල
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    කියපන් කොයි නැකතටද කන්නේ? රෑ දොළහට නම් බැහැ. නිදි මතයි.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මුශ්ලිම් ශහෝදරයින්ට පින් සිද්ද වෙන්න එදාට කඩ ඇරලා නිසා එදාට රයිස් එකක් ගෙනල්ලා කනව.
    අඩෝ ළඟක හිටියානම් කෑම බෙදාගන්න තිබ්බා :(
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කියපන් කොයි නැකතටද කන්නේ? රෑ දොළහට නම් බැහැ. නිදි මතයි.
    මම නම් මහ එකාගේ නැකතට කනවා :baffled:
     
    • Wow
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අහල පහල ගෙවල් වලින් හම්බෙයි. කොහොමත් මහ රෑකටනෙ කන්න තියෙන්නෙ. පහුවදා උදේට හම්බෙයි.
    පොඩි නැවුම් මැටි මුට්ටියක් ගෙනත් ලබන අවුරුද්දේ අලුත් මනමාලි උයන කිරිබත් කන්න ලැබේවා කියලා හිතාගෙන නැකතට ගෙදර කිරි උතුරවපන්