ඉස්සර නම් සිංහල අවුරුද්දට අපේ අම්මලා, අත්තම්මලා එක එක ජාතියේ කෑම ජාති මහ ගොඩක් හදනවා. කොණ්ඩ කැවුම්, අතිරස, කොකිස්, අලුවා, අග්ගලා, මුං කැවුම්, කිරියා, තලප, දොදොල්, සව්දොදොල්, නාරන් ගුලි, ආස්මි, පැණි වළලු, සීනි අටුකොස් වගේ නොයෙකුත් පැණිරස කෑම. තව කිරිබතට අමතරව සිංහල අච්චාරු, සීනි සම්බල්, ඇඹුල් තියල්, කලුපොල් මාලුව වගේ සැර කෑම ජාතිත් වරදින්නේ නැහැ. ගමේ හැම ගෙදරකම වගේ ඔහොම මොනවා හරි කෑම ජාති කීපයක් හදනවා. අපි කොල්ලෝ කුරුට්ටෝ ගම පුරාම සෙල්ලමේ දුවන ගමන් ඒ ගෙවල් වලටත් ගියාම අපිට ඒ කෑම කන්න දෙනවා. පුදුම සුන්දර කාලයක් ඒක! 
--
--
දැන් දැන් ගෙවල් වල ඔය වගේ කෑම ජාති හදනවා අඩුයි. බොහෝවිට කඩෙන් අරගෙන එනවා. ගොඩක් ගෑණු අය ඒ කෑම හදන්න දන්නෙත් නැහැ.
මෙදා අවුරුද්දේ අපේ ගෙදර අවුරුදු කැම ජාති කීපයක්ම හදන්න හිතාගෙන ඉන්නේ. අතිරස, අලුවා, මුං කැවුම්, කොකිස්, සව් දොදොල්, අග්ගලා මේ වගේ කෑම වර්ග ටිකක්.
මේ සැරේ කොහොමද ඔයාලගේ අවුරුදු කෑම?
දන්නා අය ඉන්නවා නම් අවුරුදු කෑම වර්ග සහ ඒවගේ රෙසිපි එහෙමත් දාගෙන යමුද?
--
ps කජු මාළුව miss වුණා