🦁 සිංහලෙන් IT 💻 ⌨️ 🖱

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    🦁 සිංහලෙන් IT 💻 ⌨️ 🖱


    HsMAjb4.jpg



    කොහොමද ලංකාවේ කොල්ලන්ගේ වැඩ?
    මේ technologies හොයාගන්නවා වගේ සරල වැඩක් නෙවෙයි ඒවාට මේ වගේ හකු පනින නම් දාන එක.

    ලංකාවේ කොල්ලෝ ලෝකෙන්ම අංක 1 කියල හිතනවානම් සද්දෙට හුරේ පාරක් දාමු.

    🎊 🎉 🍾


     
    • Like
    Reactions: stasia and snm1990

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඕක මචන් al ict වලට හදපු එකක් වෙන්න ඇති al ict syllabus එකේ තියෙන වචන ඕවා තව ඔයවගේ වචන ගොඩක් තියේ උපලැකි(attribute),උපලැකියාන(record),භූතාර්ථ(entity),ඝට්ටන මුද්‍රක(dot matrix printer),සැනෙලි මතක(flash memory)....etc
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    IT කියන විෂය අමු සිංහලෙන් උගන්නන්න යන එක තනිකරම වැඩකට නැති වැඩක්. හරි හමං තේරුමක් සහිත වචන සිංහල භාෂාවේ නැහැ අදාල ඉංග්‍රීසි වදන නිර්වචනය කරන්න. එහෙම සිංහලෙන් කියන්න ඕනෙම නම් වචනය විස්තරාත්මක කරන එක විතරක් කලා නම් ඇති කියල මම හිතනව.

    පැහැදිලිවම මේවට දාන දිව ඇඹරෙන වචන නිසා මේකෙ කියන්න ඕනෙ දේ බාගෙට බාගයක් තේරෙන් නැති බව නම් කියන්න ඕනෙ.

    මම ප්‍රායෝගිකව දන්නව අධ්‍යාපනික ආයතන වල ඉන්න "උගත්තු" පැය ගණන් ඔළුව කස කස වචන හදන හැටි ඉංග්‍රීසි වචනෙට ගැලපෙන නිර්වචනය දෙන්න.අන්තිමට කට්ටිය අමාරුවෙන් ගලපල ගලපල කියාගන්න අමාරු වචන සෙට් එකක් දානව අර ලේසියෙන් කියන ඉංග්‍රීසි වචනෙට සිංහල තේරුම දෙන්න.

    ඊට වඩා ලේසියි ඉංග්‍රීසි වචනයට සිංහල වචනයක් හදන් නැතුව පහසු සිංහලෙන් ඉංග්‍රීසි වචනය පැහැදිලි කරවන එක. එතනදි ඉංග්‍රීසි ගැන දැනුමත් එනව. අමාරුවෙන් දිව අඹරෝගන්න වචනම අපේ අයගෙ ඔලුවලට දාන්න හදන එකෙත් තව තවත් මොලේ අවුල් කරන එක විතරයි වෙන්නෙ නම්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරිසෙන් අහුබුදු හිටියා නම් නියම නම් ටිකක් දායි