‘ජනපති ග‍්‍රීක නැවු’ කතාව මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළුවක්.. හල්ඔළුව CID කැදෙවුවා..- පොලිසිය
පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ගරු ජනාධිපතිතුමා සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව, එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව යන අයට 2025.05.07 වන දින උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.
-LCN-