මේ වෙද්දී ජ්‍යෝතිෂ්‍යය මූලික හැඳින්වීමේ ඉඳන් විසි පොරොන්දම් වෙනකම් පාඩම් ලිපි මාලාවක් පළකරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව වෙනත් මාතෘකා කීපයක් ගැනත් වෙනම ලිපි ලියලා තියෙනවා. ඒ ඒ ලිපි වලට අදාළ comments වලිනුත් සැලකිය යුතු දැනුමක් එකතුවෙලා තියෙනවා. මේ ලිපි සහ comments හරියට අධ්‍යනය කළොත් ජ්‍යෝතිෂ්‍යය සම්බන්ධව සෑහෙන දැනීමක් කෙනෙකුට ලබාගන්න පුළුවන් වේවි. ඒ අතර අපේ දැන-උගත් එළකිරි සාමාජික සහෝදරයෝ කීප දෙනෙක් ම ඉතාම වටිනා දැනුම් සම්භාරයක් බෙදාගෙන තියෙනවා. පුද්ගලිකව සඳහන් කරන්න බැරි වුණත් ඒ අයට මගේ හෘදයාංගම ගෞරවයත් ස්තුතියත් හිමිවෙනවා. විශේෂයෙන් මම වැරදියට තේරුම් අරගෙන හිටිය රාහු-කේතු ගැන නිවැරදි දැනුම ලබාදුන්නු @NEMISIS සහෝදරයාටත් නැකැත් ගැන මගේ තිබුණු වැරදි මතය නිවැරදි කළ @vishwadt සහෝදරයාටත් හිස නමා ආචාර කරනවා.
මේ ලිපි මාලාවට ආරම්භක ශක්තිය ලබාදුන් @thulithasajeewa සහෝදරයා සිහිපත් නොකළොත් ලොකු අඩුවක්. @Tz4400 ලබාදුන් දිරිය ට තුති
ලියපු හැම ලිපියකටම Bupm, Likes, Hearts වලින් නිරන්තර සංග්‍රහ කරපු හැම සහෝදරයෙකුටම ස්තුතියි.
ඒ වගේම තමයි ජ්‍යෝතිෂ්‍යය විශ්වාස නොකරන ඊට එරෙහිව නොබියව අදහස් පළකරපු නිදහසේ දරුණු සංවාද වල යෙදුනු පිරිසකුත් හිටියා. ඒ බොහෝ අදහස් මගේ අදහස් වලට පටහැණි වුණත් ඔවුන්ගේ අදහස් දැක්වීමේ අයිතිය පිළිගත යුතුයි. ඒ අතරත් ගතයුතු ගැඹුරු අදහස් තිබුණා. @dilann සහෝදරයා මතක් වෙනවා. අදීන මනුස්සයෙක්
තේරුමක් නැතුව කුණුහරුප කියාගෙන ආතල් ගත්ත පිරිස තමයි වැඩි. උන්ටත් පිං (මට බණිනවා කියලා හිතාගෙන හරි Thread Bump කළාට
)
මෙතුවක් කාලයකට මාව disappointment කරපු එකම කෙනා තමයි @Bekam . අවංකවම කිවුවොත් Marketing කරන්න හිතාගෙන මම කවදාකවත් මේකේ ලිපි ලියලා නෑ. අඩුම ගානේ මම ලියපු එකම ජ්‍යෝතිෂ්‍යය සම්බන්ධ ලිපියකට වත් එකම Bump එකක් වත් දාලා නෑ. It's all over! දැන් සැපට නිදාගනින් පුතා
ඒ වගේම තමයි මගේ කිසිම පුද්ගලික දේශපාලනික හෝ වෙනත් මොනයම් හෝ පුද්ගලික මතවාදයක් හෝ වෙනුවෙන් මම කිසිම වෙලාවක මේ ශාස්ත්‍රය පාවිච්චි කරලා නෑ. ජ්‍යෝතිෂ්‍යය ගැන මගේ පුද්ගලික අදහස සමහර ලිපිවල comments වලදී කියලා ඇති. මම ජ්‍යෝතිෂ්‍යයේ වහළෙක් නෙමෙයි. ජ්‍යෝතිෂ්‍යයේ මම විශ්වාස කරන දේවල් වගේම විශ්වාස නොකරන දේවලුත් තියෙනවා. සර්ව සම්පූර්ණ වුණු කිසිම ශාස්ත්‍රයක් හෝ විද්‍යාවක් හෝ මේ ලෝකේ නෑ. සමහර දේවල් වරදින්න පුළුවන්. එහෙමයි කියලා කිසිම ශාස්ත්‍රයක් මිත්‍යාවක් කියලා අත්හැරිය යුතු නෑ. වෛද්‍යවරයෙක් දෙන බෙහෙතක් වැරදිලා හෝ සැත්කමක් අසාර්ථක වෙලා රෝගියෙක් මියගියාම වෛද්‍ය විද්‍යාව බොරුයි කියලා දොස්තරලාට ගහලා පන්නලා රටේ තියෙන රෝහල් වහලා හරියයි ද? වරදක් වුණානම් ඒ වරදට හේතු හොයලා දැනගෙන ශෝධනය කරලා ශාස්ත්‍රය ඉදිරියට අරගෙන යාමයි කරන්න ඕනේ. මුදල් නිසා, බඩගෝස්තරය වෙනුවෙන් අවභාවිතා වෙන එකම ශාස්ත්‍රය ජ්‍යෝතිෂ්‍යය නෙමෙයි. ඔය කියාපු වෛද්‍ය විද්‍යාත්මක දැනුම භාවිතා කරලා මිනිස් අවයව පවා ජාවාරම් කරන්නේ නැද්ද?
--
අන්තිමට කියන්න ඕනේ මේ තාවකාලික විරාමයක් විතරයි. මගේ ඇස් පෙනීමේ ගැටළුවක් හේතුවෙන් ප්‍රතිකාර ගන්න වෙලා තියෙනවා. ඒ නිසා දිගින් දිගට ලියන්න අමාරුයි. ටික කාලයක් විවේක ගන්න වෙලා තියෙන්නේ. ඇස්වල තත්වය යහපත් අතට හැරුණාම ආයෙත් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. කොහොමත් මම කිරියෙන් යන්නේ නම් නෑ. ඒත් වෙනදා වගේ වැඩි කාලයක් රැඳෙන්න බැරිවෙයි. comments, pm වලට පුළුවන් විදියට reply කරන්නම්.
හැමදෙනාටම ජය පතනවා.
(හැමෝගෙම නම් සඳහන් කරන්න බැරි වීම ගැන සමාව ඉල්ලනවා)
--
දහසක් විවේචන, අපවාද, ගල් මුල් ප්‍රහාර මධ්‍යයේ වුණත් මම උගත් ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් නිර්භයව පෙනී සිටින්න සහ ජීවිතයේ සියළු අභියෝග ජයගෙන මේ තත්වයට තනිව ගොඩනැගෙන්න ශක්තිමත් කශේරුකාවක් සහ බුද්ධියක් ඇතුව මාව බිහිකරලා හදා වැඩූ මගේ සදාදරණීය මාපිය දෙපලට, මට ශිල්ප ශාස්ත්‍ර ගුරුහරුකම් කියාදුන් දෙස් විදෙස් ගුරු ආචාර්ය වරුන්ට වගේම මේ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය මට ඉගැන්නු පූජ්‍ය පණ්ඩිත ගුරු හාමුදුරුවන්ට අනන්ත පිං