🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජෝතිෂ්‍යය බොරුවක්, මිත්‍යාවක් කියලා පොළොවේ හැපෙන බුද්ධිමතුන් පිරිසක් ඉන්නවානේ. විශේෂයෙන් අර 'දවල් නිරාගමික කල්ලිය'. මේ එළකිරියෙත් එහෙම සෙට් එකක් ඉන්නවා. අන්ධ භක්තියෙන් තොරව විචාර බුද්ධියෙන් මේ ගැන සංවාදයක් ආරම්භ කරන්න හිතුවා. උගතුන්ට, බුද්ධිමතුන්ට, දාර්ශනිකයන්ට වගේම විෂයය ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙකුට එකතුවෙන්න පුළුවන්. 🙏🙏
    මම දකින විදිහට ජෝතිෂ්‍යය යනු අවශ්‍යයෙන්ම විද්‍යාවක්. මෙයට ඉතා ගැඹුරු ශාස්ත්‍රිය පදනමක් තියෙනවා. එහි එන ග්‍රහ චලිත වගේ දේවල් බොහොමයක් නූතන තාරකා විද්‍යාවෙන් සනාථ වෙනවා. එහෙත් එහිම ඇති පාරභෞතික කරුණු නූතන විද්‍යාත්මක ක්‍රමවේදයෙන් ඔප්පුකර පෙන්වීමට නොහැකි තත්වයක් තියෙන්නේ. බටහිර විද්‍යාවේ ම එන අසත්‍යකරණ මුලධර්මයන් යෙදීමෙන් ජෝතිෂ්‍යය අසත්‍යක් හෝ මිත්‍යාවක් ලෙස නිශ්චය කරලත් නෑ. සරළව, ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ යම් කොටසක් (50%ක් කියමු) නූතන විද්‍යාවෙන් ඔප්පුකර ඇති බවට ත් අනෙක් 50% එසේ ඔප්පුකර පෙන්වා නැති බවට ත් පිළිගන්නේ නම් තත්වය කෙබඳු වේද? ඔප්පුකර පෙන්වා නැති කොටස එසේ ඔප්පුකර පෙන්වා නැත්තේ ජෝතිෂ්‍යයේ වරදක් හෝ අඩුපාඩුවක් හෝ නිසාද, නැතිනම් විද්‍යාවේ අඩුපාඩුවක් හෝ නොහැකියාවක් නිසාද කියා සිතිය යුතුයි. භාගයක් ඔප්පුකර සත්‍ය බවට පිළිගත්තායින් පසුව ඔප්පුකර ගත නොහැකිව ඉතුරුවන භාගය අසත්‍යයක් යයි නිගමනයකට එළඹීම කොයිතරම් දුරට විද්‍යාත්මක ද? සත්‍ය බවට ඔප්පුවෙලා තියෙන කරුණු කීපයක් පමණක් සැලකිල්ලට ගනිමු. (මේ කරුණු ජෝතිෂ්‍යයේ සාකච්චා කරලා තියෙන්නේ දළ වශයෙන් දැනට අවුරුදු 3000කට විතර පෙරාතුව දැනට අපි දන්නා කිසිදු නුතන තාක්‍ෂණයක් වත් තාක්‍ෂණික මෙවලමක් වත් නොතිබූ, බටහිර ඇසින් ඉතාම ප්‍රාථමික නොදියුණු යුගයක කියන දේ අමතක කරන්න එපා.)

    1. සුර්යයා ද ඇතුළුව ග්‍රහයන් 9 දෙනෙකුගේ පැවැත්ම නම් වශයෙන් නිශ්චිතව දැන සිටීම.
    2. ග්‍රහයන්ගේ චලිතය අනුවර්තියව සිදුවන බව හා ඒවාට ගතවන කාලය පිළිබඳ නිශ්චිත දැනුම.
    3. චන්ද්‍රයා පෘථිවිය වටේත්, පෘථිවිය චන්ද්‍රයාද සමඟ සුර්යයා වටේත් ගමන් කරන බව දැනසිටීම (රාහු සහ කේතු නමින් චින්තනමාත්‍රික ග්‍රහයන් දෙදෙනෙකූ පිළිබඳ දක්වා ඇති කරුණු වලින් මෙය ඉතා හොඳින් සනාථ වෙනවා).
    4. නැකත් පිළිබඳ දැනුම (නැකත් 28ක් ගැන සඳහන් වෙනවා. මේ නැකත් කියන්නේ අඟහරු සහ බ්‍රහස්පති කක්‍ෂ අතර ඇති ග්‍රහක කොටස් 28 කි. - in the asteroid belt)

    ඒ සා ඈත යුගයක පෙරදිග පඬිවරු (ඍෂිවරු) කිසිදු තාක්ෂණික මෙවළමක් භාවිතා නොකොට මෙවැනි දැනුමක් ලබාගත්තේ කෙසේද කොහොමද? පියවි ඇසින් අහස නිරීක්ෂණය කර තාර්කික බුද්ධිය මෙහෙයවා ලබාගත් දැනුමක් ද? Asteroid belt එකේ ග්‍රහක 28ක් පියවි ඇසින් බලලා හඳුනාගත්තා ද? පෘථිවි කක්‍ෂය සහ චන්ද්‍ර කක්‍ෂය එකිනෙක ජේදනය වන ලක්ෂ්‍ය දෙක පියවි ඇසින් බලලා හඳුනාගත්තා? WHAT?? :o
    එහෙනම් මේ දැනුම ඔවුනට ලැබුණේ කොහොමද? භාවනා කරලා මනස දියුණු කරලා අධ්‍යාත්මික ශක්තියෙන් මේවා දැනගත්තා ද? නැතිනම් වෙනත් ලෝකයක සිට පැමිණි යම් ජීවින් (දෙවියන් / පිටසක්වළ ජීවින්) කොටසක ගෙන් මේ දැනුම ඔවුනට ලැබුණාද? (සංවාදයට විවෘත යි). මොකක් හරි අපි නොදන්නා අසාමාන්‍ය ක්‍රමයකින් ඔවුන් ඒ නිවැරදි දැනුම ලබාගෙන තිබෙනවා. ඒ අසාමාන්‍ය දැනුම ලබාගන්නා ක්‍රමයෙන් ම තමයි නූතන විද්‍යාවට ඔප්පුකරගන්නට බැරිවෙලා තියෙන ඉතිරි 50% (පාරභෞතික කොටස) ඉදිරිපත් කරලා තියෙන්නේ. 50% ක් ඇත්ත කියලා 50% බොරු කියන්නේ මොකටද? නොබෙල් තෑග්ග දිනාගන්න ද? :P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මං කිව්වේ කොරියා යන්න බැරිව බෙල්ලේ වැල දා ගත්ත කියල නිකන් බොරුවට දුක් වෙන්න එපා
    මුන් තමා ඡන්දේ දෙන යක්ක පුත්තු
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    1. Barnum Effect

    2. Confirmation Bias

    ලංකාවෙ මෝඩ යක්කුන්ට කෙල වෙලා තියෙන්නෙ අනවශ්‍ය විදියට ඕව ඔලුවෙ උඩ තියාගෙන දගලන නිසා.

    සුද්දෙක් කිවුවනම් ඉතිං ආයේ තව මොනවද? :rofl:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ මන්ද බං! මගේ පොඩි දැනුම අනුව එක දෙයක් කියන්න පුළුවන්! ග්‍රහයො කියන සංකල්පය ඇත අතීතයේ තිබුනට ඒක පාවිච්චි කළේ ප්ලැනට් කියන අරුතින් නෙමෙයි. දිව්‍යමය ස්වභාවයක් එක්ක! පස්සෙ තාරකා විද්‍යාවේදීත් අපි ප්ලැනට් කියන එකට ග්‍රහලෝක කියන වචනෙ පාවිච්චි කළා. ඒකෙ ජ්‍යෝතිෂමය අරුත නැහැ!
     
    :no:
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔය තරු රටා කියන ඒවා පෘතුවියට පැතලියට පෙනුනට ඇත්තටම ඕවා එකිනෙකට ආලෝකවර්ශ බිලියන ගානක් ඈතින් තියෙන ග්රහලෝක සමූහයක්නෙ. එහෙම එකක් ලග්නයක් විදියට ගන්නෙ ඇයි?
     
    • Like
    Reactions: weer 11 and Lovtus

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹ පුදුම වුනාට, බුද්ධිමතුන් කියන කොටස අදින් අවුරුදු දහ දාහකට එහා සමාජයෙත් හිටියා. ඒ අයට තේරෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් කරන්න බැරි ලොකු education gap එකක් තිබුනා ඉස්සර. දැනට වුනත් කොච්චර අමාරුද බහුතරේකට යම් සරල විද්‍යාත්මක තියරියක් තේරුම් කරලා දෙන එක?
    උඹ ප්‍රශ්ණෙ අහලා තියන විදියෙන් තේරෙනවා උඹට යම් තාර්කික හැකියාවක් තියනවා කියලා. ඒ නිසයි මම මේකට උත්තර දෙන්නෙ.
    ලංකාවට ජ්‍යෝතිශ්‍යය ආවෙ ඉන්දියාවෙන්. එතකොට ඉන්දියාවේ තිබුන පැරණි ශිෂ්ඨාචාර ඇතුලෙත් එක එක පුනරුද තිබුනනෙ. ආගමික පුනරුද සමයේ බුදු දහම වගේ දර්ශණ බිහි වුනා වගේ. ඊට සෑහෙන කලින් යම් පුනරුදයක් තිබුනා තාරකා විද්‍යාව සහ එහි පැවැත්ම මේ ලෝකෙට අදාල වෙන්නෙ කොහොමද කියන එක ගැන පර්‍යේෂන සහ විද්වත් විවාද පැවතුන. ඒ පුනරුදයේ අග්‍ර ඵල්‍යක් විදියට තමා "ජ්‍යෝතිෂ වේද" කියන වේද ග්‍රන්තය ලියවෙන්නෙ. වේදික යුගයේ මේ පොත පළවුන එකෙන් අදහස් වෙන්නෙ නැහැ මේ ගැන පුනරුදයක් ඇති වුන පලමු අවස්තාව ඒක කියලා. මිනිස්සු ඊට කලින් පොත් ලියන්න හුරු වෙලා හිටියෙ නැහැ. ඊට කලිනුත් මේ ගැන ඇසින් සහ දුරේක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කල අය, තේරුම් ගත්ත අය හිටියා වෙන්න පුළුවන්. වලගම්බා සමයේ බුදු දහම ග්‍රන්ථාරූඪ වුනා වගේ, වේදික යුගයේ ඒ දැණුම ග්‍රන්ථාරූඪ වුනා කියන්න පුළුවන්. එතනින් පස්සෙත් විවිධ පෙරදිග තාරකා විද්‍යා විශාරදයන්ගේ දැනුමෙන් ජ්‍යෝතිෂය ඔප මට්ටම් වුනා. කලින් කලට අප්ඩේට් වෙවී ආව ජ්‍යෝතිෂය තමා අද අපිට දකින්න ලබෙන්නෙ.
    අවිශ්වාසයේ බර වෙන දේකට පටවන්න කැමති තාර්කික බුද්ධියෙන් අඩු මිනිස්සු රවට්ටන්න මොලේ තියන මිනිස්සු පාවිච්චි කරපු දේවල් අතර වැදගත් තැනක් ජ්‍යෝතිෂයට ලැබෙන්නෙ ආන්න ඒ නිසයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නම් ජ්‍යෝතිෂය, නැකැත්, කේන්දර කියන දේවල් ජීවිතයට සම්බන්ධ කරගන්නෑ. පලාපල අහන්නෙත් නෑ, කියවන්නෙත් නෑ.

    මම ඉස්සර අහලා තියෙනවා උපන් දිනය, වේලාව, ස්ථානය අනුව දුවෙක්ද, පුතෙක්ද කියලා හරියටම කියන්න පුලුවන් කියලා. ජ්‍යෝතිෂය ඇත්තක්ද, බොරුවක්ද කියලා දැනගන්න ඕනෙ නම් ඔය කරුණ try කළා නම් හරියයි. (මට නම් ඕවා try කරන්න අවශ්‍යතාවයක් දැනිලා නෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කරලා බලන්න.)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔය තරු රටා කියන ඒවා පෘතුවියට පැතලියට පෙනුනට ඇත්තටම ඕවා එකිනෙකට ආලෝකවර්ශ බිලියන ගානක් ඈතින් තියෙන ග්රහලෝක සමූහයක්නෙ. එහෙම එකක් ලග්නයක් විදියට ගන්නෙ ඇයි?
    ඒ තරු රටා මැවෙන විදියට, බෝ ගහක ඇඹරිලා තියන මුලක් පෙන්නලා කියන්න පුළුවන් මේ තියෙන්නෙ සමීකරණයක් කියලා.
    මම නම් ජ්‍යෝතිෂය, නැකැත්, කේන්දර කියන දේවල් ජීවිතයට සම්බන්ධ කරගන්නෑ. පලාපල අහන්නෙත් නෑ, කියවන්නෙත් නෑ.

    මම ඉස්සර අහලා තියෙනවා උපන් දිනය, වේලාව, ස්ථානය අනුව දුවෙක්ද, පුතෙක්ද කියලා හරියටම කියන්න පුලුවන් කියලා. ජ්‍යෝතිෂය ඇත්තක්ද, බොරුවක්ද කියලා දැනගන්න ඕනෙ නම් ඔය කරුණ try කළා නම් හරියයි. (මට නම් ඕවා try කරන්න අවශ්‍යතාවයක් දැනිලා නෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කරලා බලන්න.)
    ඒ වුනාට ආගම නම් නලලෙ තියාගෙන ඉන්නෙ නේ? 😁
    මෙතන ඔයාගෙ ජ්‍යෝතිෂය ගැන තියන මතය තමා අර නිරාගමිකයන්ට ආගම ගැන තියෙන්නෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය තරු රටා කියන ඒවා පෘතුවියට පැතලියට පෙනුනට ඇත්තටම ඕවා එකිනෙකට ආලෝකවර්ශ බිලියන ගානක් ඈතින් තියෙන ග්රහලෝක සමූහයක්නෙ. එහෙම එකක් ලග්නයක් විදියට ගන්නෙ ඇයි?
    ඔන්න ඕක තමයි අපිට වෙලා තියෙන අවුල. බටහිර ක්‍රමයට හිතන්නේ. හරි කමක් නෑ. අපි බටහිර විද්‍යාවෙන්ම මේක ලිහාගන්න බලමු. යමෙකුගේ නිරීක්‍ෂණය ඔහු රැඳී සිටින සමුදේශ රාමුවට සාපේක්ෂයි. ගහක් කොලක් නැති විශාල එළිමහන් තැනිතලා ප්‍රදේශයකට ගිහින් බැලුවොත් පෙනෙයි, පොළොව තැටියක්. අහස කෝම්පිට්ටුවක් වගේ අපිව මැදිකරලා මුනින් නමලා තියෙන්නේ. ඇත්තටම අපිට සංජානනය වෙන විදිහට තමයි ජීවිතේ ගෙවෙන්නේ. පොළොව බෝලයක් කියලා කියන අයත් , තැටියක් වගේ කියන අයත් පොළොවෙන් එකවගේ වැඩගන්නවා. පොළොව ඉර වටේ යනවා කියන අයත් ඉර පොළොව වටේ යනවා කියන අයත් ඉරෙන් එකවගේ වැඩගන්නවා. ඉතිං මොකක්ද අර්බුදය?
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඊට සෑහෙන කලින් යම් පුනරුදයක් තිබුනා තාරකා විද්‍යාව සහ එහි පැවැත්ම මේ ලෝකෙට අදාල වෙන්නෙ කොහොමද කියන එක ගැන පර්‍යේෂන සහ විද්වත් විවාද පැවතුන.
    ඒ පුනරුදය ගැන පොඩ්ඩක් විස්තර කරපන්, මන් අහල නෑ ඒ ගැන
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔන්න ඕක තමයි අපිට වෙලා තියෙන අවුල. බටහිර ක්‍රමයට හිතන්නේ. හරි කමක් නෑ. අපි බටහිර විද්‍යාවෙන්ම මේක ලිහාගන්න බලමු. යමෙකුගේ නිරීක්‍ෂණය ඔහු රැඳී සිටින සමුදේශ රාමුවට සාපේක්ෂයි. ගහක් කොලක් නැති විශාල එළිමහන් තැනිතලා ප්‍රදේශයකට ගිහින් බැලුවොත් පෙනෙයි, පොළොව තැටියක්. අහස කෝම්පිට්ටුවක් වගේ අපිව මැදිකරලා මුනින් නමලා තියෙන්නේ. ඇත්තටම අපිට සංජානනය වෙන විදිහට තමයි ජීවිතේ ගෙවෙන්නේ. පොළොව බෝලයක් කියලා කියන අයත් , තැටියක් වගේ කියන අයත් පොළොවෙන් එකවගේ වැඩගන්නවා. පොළොව ඉර වටේ යනවා කියන අයත් ඉර පොළොව වටේ යනවා කියන අයත් ඉරෙන් එකවගේ වැඩගන්නවා. ඉතිං මොකක්ද අර්බුදය?
    ලිඳේ ඉන්න ගෙම්බා ගැන ප්‍රසිද්ධ උපහරණයක් තියෙන්නෙ මේ වගේ තැනකට පාවිච්චි කරන්න. ඌට පේන්නෙ අහස රවුමක්, පොළව පිරමීඩයක්, වතුර කෝප්පයක් වගේ. තර්ක කරලා වැඩක් නෑ. ඌත් වතුර බොනවා, අපිත් වතුර බොනවා.
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    මගේ කේන්දරේ බලපු වදුරු ඒසිගේ පුතාල හැම එකාම කිව්වේ ඉගෙනගන්නේ නෑ ඕලෙවල් වෙනකල්වත් කියලා.
    මම බයෝ කරලා පලවෙනි පාරින් කොළඹ කැම්පස් එකට ගියා. ඒ අතරේ ඩිප්ලෝමා එහෙකුයි ඕපන් එකේ තව උපාධියකුත් කරා.
    කේන්දරේ බලපු අනාත නාකි තාම පඩංගු බැනියං කෑලි ඇඳගෙන විටකකා පාර අයිනේ අගුපිල් වලට වෙලා වේලෙනවා
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උඹ පුදුම වුනාට, බුද්ධිමතුන් කියන කොටස අදින් අවුරුදු දහ දාහකට එහා සමාජයෙත් හිටියා. ඒ අයට තේරෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් කරන්න බැරි ලොකු education gap එකක් තිබුනා ඉස්සර. දැනට වුනත් කොච්චර අමාරුද බහුතරේකට යම් සරල විද්‍යාත්මක තියරියක් තේරුම් කරලා දෙන එක?
    උඹ ප්‍රශ්ණෙ අහලා තියන විදියෙන් තේරෙනවා උඹට යම් තාර්කික හැකියාවක් තියනවා කියලා. ඒ නිසයි මම මේකට උත්තර දෙන්නෙ.
    ලංකාවට ජ්‍යෝතිශ්‍යය ආවෙ ඉන්දියාවෙන්. එතකොට ඉන්දියාවේ තිබුන පැරණි ශිෂ්ඨාචාර ඇතුලෙත් එක එක පුනරුද තිබුනනෙ. ආගමික පුනරුද සමයේ බුදු දහම වගේ දර්ශණ බිහි වුනා වගේ. ඊට සෑහෙන කලින් යම් පුනරුදයක් තිබුනා තාරකා විද්‍යාව සහ එහි පැවැත්ම මේ ලෝකෙට අදාල වෙන්නෙ කොහොමද කියන එක ගැන පර්‍යේෂන සහ විද්වත් විවාද පැවතුන. ඒ පුනරුදයේ අග්‍ර ඵල්‍යක් විදියට තමා "ජ්‍යෝතිෂ වේද" කියන වේද ග්‍රන්තය ලියවෙන්නෙ. වේදික යුගයේ මේ පොත පළවුන එකෙන් අදහස් වෙන්නෙ නැහැ මේ ගැන පුනරුදයක් ඇති වුන පලමු අවස්තාව ඒක කියලා. මිනිස්සු ඊට කලින් පොත් ලියන්න හුරු වෙලා හිටියෙ නැහැ. ඊට කලිනුත් මේ ගැන ඇසින් සහ දුරේක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කල අය, තේරුම් ගත්ත අය හිටියා වෙන්න පුළුවන්. වලගම්බා සමයේ බුදු දහම ග්‍රන්ථාරූඪ වුනා වගේ, වේදික යුගයේ ඒ දැණුම ග්‍රන්ථාරූඪ වුනා කියන්න පුළුවන්. එතනින් පස්සෙත් විවිධ පෙරදිග තාරකා විද්‍යා විශාරදයන්ගේ දැනුමෙන් ජ්‍යෝතිෂය ඔප මට්ටම් වුනා. කලින් කලට අප්ඩේට් වෙවී ආව ජ්‍යෝතිෂය තමා අද අපිට දකින්න ලබෙන්නෙ.
    අවිශ්වාසයේ බර වෙන දේකට පටවන්න කැමති තාර්කික බුද්ධියෙන් අඩු මිනිස්සු රවට්ටන්න මොලේ තියන මිනිස්සු පාවිච්චි කරපු දේවල් අතර වැදගත් තැනක් ජ්‍යෝතිෂයට ලැබෙන්නෙ ආන්න ඒ නිසයි.
    .ජෝතිශ්ය හරිද වැරදිද නෙවෙයි , මන් හිතාගෙන හිටියෙ උබ ගෑනියක් කියලා. නමටම හරියන චීත්ත පොන්න චරිතයක් උබ. තෝ හිතුවෙ ඩිස්ලයික් දැම්මාම මට රිදෙයි කියලද හුත්තියේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    :lol:
    රාජ්‍ය දෛවඥයා .... ඒ කියන්නේ රටේ ඉන්න ලොකුම එකාට රටෙන් හොයාගන්න පුලුවන් වෙච්ච හොදම ජෝතිෂ්‍ය කාරයා.
    ආයිත් මොන කතාද.

    උඹලා වලිගෙ පාගගන්නවා නේ බං. ජෝතිෂ්‍යය වේශ්‍යා වෘතියේ යොදවලා මිනිස්සුන්ව අන්දවන බර set එකක් ඉන්න බව සහතික ඇත්ත. උන් උන්ගේ පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි කරලා මේ වටිනා ශාස්ත්‍රයේ ගෞරවය කෙළෙසනවා. ඒක මේ සක්කිලින්ගේ වරදක් මිසක් ජෝතිෂ්‍යයේ වරදක් නෙමෙයි. නවීන විද්‍යාව වුණත් වැරදි අරමුණු වලට පාවිච්චි කරන්න පුළුවන්. විනාශකාරී විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මිනිස්සුන්ව රවටන්න අන්දන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක විද්‍යාවේ වරදක් ද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒ පුනරුදය ගැන පොඩ්ඩක් විස්තර කරපන්, මන් අහල නෑ ඒ ගැන
    උඹ අහලා නැති එකට මට කරන්න දෙයක් නෑ. ඉස්කෝලෙ ඉතිහාසය පොතේ නැති ගොඩක් දේවල් තියනවා පුස්තකාලෙකට ගිහිං කියෙව්වොත් දැනගන්න. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ තාරකා විද්‍යාව ගැන පොඩ්ඩක් බලපං.