🪐 🌙 ග්‍රහයෝ ත් වැඩ පෙන්නති!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ දිනවල අහසේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක එක් රැයක් තුළ දැක බලා ගැනීමට අවස්ථාව උදාවී ඇති බව නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කරයි.

    ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු පියවී ඇසින් දැක ගැනීමට හැකි බවත් යුරේනස්, නෙප්චූන් යන ග්‍රහලෝක දුරේක්‍ෂයකින් නිරීක්‍ෂණය කර දැක බලාගැනීමට හැකි බවත් හෙතෙම සඳහන් කර සිටියි.
    pln.jpg

    සුර්යා බටහිර අහසින් බැස ගිය පසු සවස 6.00 සිට රාත්‍රි 9.00 පමණ වන තෙක් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු දැක ගත හැකි වන අතර යුරේනස් හා නෙප්චූන් ග්‍රහලෝක දුරේක්‍ෂයකින් සවස 6.30 සිට රාත්‍රි 8.00 දක්වා දැක ගැනීමට හැකියාව පවතියි. චන්ද්‍රයා අලුයම 3.00 තෙක් නිරීක්‍ෂණය කිරීමට හැකියාව ලැබෙන බව ආතර්සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.
    link
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ආලෝක දුෂණය.. හැම තැනම ලයිට් දාල තියන නිසා රැට අහසේ තරු පෙන්නේ නැ ලංකවේ වගේ. උපරිම පෙන්නේ තරු හයක් හතක් වගේ.
    ඒකත් සිරාම කේස් එකක් නේහ් මචෝ? දැන් කොහෙද කෙලගෙන ඉන්නේ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒකත් සිරාම කේස් එකක් නේහ් මචෝ? දැන් කොහෙද කෙලගෙන ඉන්නේ?
    මේ කුවේට් වල. කාන්තාර තියන පැත්තට ගියොත් නම් බලන්න පුළුවන්. එත් ඒ පැති පල යන්නේ නැ රැට. මිනිස්සු පාරවල් නැ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Lovtus පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මගේ ආත්මකාරක ග්‍රහයා හොයල දෙන්න පුළුවන්ද?
    මෑතකදී ගත්ත ෆොටෝ එකක් තියෙනවා නම් ඒකත් එක්ක පත්තරේ දැන්වීමක් දාන්න "මගේ ආත්මකාරක ග්‍රහයා ආගිය අතක් නැත. සොයාදෙන්න" කියලා. අමතක නොකර පොලිසියේ පැමිණිල්ලකුත් දාන්න. phone number එක දෙන්න කොහේදී හරි දැක්කොත් call එකක් දෙන්නම්
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේ දවස් වල කේන්දර හදන කොට දැක්කේ නැද්ද ග්‍රහායෝ සෙට් එකම එක කිට්ටුව රාශි ටිකකට කොටුවෙල ඉන්න බව.
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මෑතකදී ගත්ත ෆොටෝ එකක් තියෙනවා නම් ඒකත් එක්ක පත්තරේ දැන්වීමක් දාන්න "මගේ ආත්මකාරක ග්‍රහයා ආගිය අතක් නැත. සොයාදෙන්න" කියලා. අමතක නොකර පොලිසියේ පැමිණිල්ලකුත් දාන්න. phone number එක දෙන්න කොහේදී හරි දැක්කොත් call එකක් දෙන්නම්
    119
     

    Similar threads