03) ඉතිහාසය අපිට නොකී කථා - පැවිදි ප්‍රේමය
පෙර සටහන:
මෙහි මා දමන සියල්ල මාගේ සමාජ සැරිසැරීම්, කියවීම්, සාහිත්‍ය කලා සංවාද හා නොයක් දේවලින් ලබාගත් දේ උපුටාපල කිරීමකි.
ඉතිහාසය පොත අපිට නොකී කථා 03
පැවිදි ප්‍රේමය
කලා වැව කදුළින් බර සංවේගදායක පුවත් තුනකින් සහබද්ධ සිංහල වාපි අරුමයේ විශ්මයකි. මහා පුරුෂ අවුකන පිළිම වහන්සේද, කලා වැව ද, ධාතුසේන රජුද, එකට බැදුණ අභිමානවත් පෞර පුවත් ය. ඒ තුන් ඈදුණු පෞර පුවත සමග සබැදි සංවේගදායක පුවත් තුනක් වෙයි. ධාතුසේන රජ තෙමේ කලා වැව් ඉවුරහි මැටි ගසා මරා දැමීම ප්‍රථම පුවත වන අතර, "කාල" නම් ප්‍රභූ ළමා කුමරු කලා වැව් , වෑකන්ද රකින්නට ගොස් තම ළපටි ළමා දිවි කුසුම පූජා කිරීම දෙවන සිදුවීමය. කාලවාපි වෙහෙර වාසි භික්ෂුවට පෙම් බැදි, කලා වැව් ග්‍රාම යුවතිය දිවි පූජා කිරීම සැළවී එකී භික්ෂුව දිවි තොර කරගෙන අපවත්වීම තුන්වන පුවතය. මෙම පුවත් තුනම ඓතිහාසික ලේඛනවල ලියවී ඇති අතර, එයම කාලවාපිය ඉතිහාස පවත් අතරින් සැගවී ගිය දිගු කතා ගණනාවක ඇතුලාන්තය විවර කරන්නේය. ඒත් ප්‍රථම සහ දෙවන පුවත් ප්රකටය. ඒ, එහි ගිහියන්, කතා නායකයන් වන බැවිණි. ඒත් තෙවන පුවත සැගවී ඇත. ඒ පැවිදි චරිතයක් කතා නායක භුමිකාව හා ඇදී තිබූ නිසා විය හැකිය.
"මනෝරථපූරණිය" සහ "ධම්පිය අටුවා ගැටපදය" මෙන්ම "විශූද්ධි මාර්ග මහ සන්නස" ලක් ඉතිහාස වතට අදාළව පර්යේෂණට ලක් වනු විරලය. ඒ, මෙම කෘතී ආගමික කෘති ලෙස විෂය වී ඇති නිසාය. ඒත් සමහර මූල ඉතිහාස පවත් වඩා දිගුව මෙන්ම අර්ථාන්විතව වටහා ගත හැකි තරමට මෙරට ලියවී ඇති ධර්ම පත - පොත පෝසත් බව කිව යුතුය. මහාවංශය, දිපවංශය, රාජාවලිය, දිව්‍යාදානය හෝ රාජරත්නාකරය, ථුපවංශය වන් ඉතිහාස ග්රන්ථ හදාරා ඉතිහාසය ගැන සපුරා විනිශ්චයක් දීම අපහසුය. මන්ද, බොහෝ ඉතිහාස පුවත් වලට ඈදුණු චරිත වඩා අපූරුවට දිස්වන්නේ මෙරට ධර්ම ශ්‍රාස්ත්‍රීය ග්රන්ථ වල බැවිණි. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා ඉතිහාසයට අදාලව කර ඇති මහත් බලපෑම නිසා උන්වහන්සේලා විෂයෙහි බොහෝ විස්තර රචනාව ඇත්තේ ධර්ම පුස්තකවලය.
මේ අනුව ”කාලවාපි වෙහර” නමින් සුවිශේෂි ආරාමයක් ලක් සසුන් ඉතිහාසයේ කේන්ද්‍රීය භුමියක් ලෙස විස්තර වන්නේ මෙම ග්රන්ථ වලය. ක්‍රි.පූ. 3 වන සියවසේ සිට මෙරට සෙල්ලිපි ඉතිහාස ග්රන්ථ සහ ධර්ම ග්‍රන්ථවල "කාලවාපි මහ වෙහර" ප්රකටය. එය සමහර ග්රන්ථ වල "කාල දීඝවාපි වෙහර" ලෙස ද නම් කර තිබේ. එවිට මතුවන්නේ ගැටළුවකි. එම නිසා සමහර ඉතිහාසවේදීන් නැගෙනහිර ලංකාවේ දිගාමඩුල්ලේ දීඝවාපියම "කාලදිඝවාපිය" ලෙස හදුන්වන්න පටන් ගත්තේය. පරණවිතාන, ගයිගර් මෙන්ම බේල් වන් ඉතිහාසඥයන් ද, නූතන ඉතිහාසවේදියෙකු වූ මහාචාර්ය විමල් විජේරත්නයන් ද, මෙම සංවාදය පෝසත් කළ අග්‍රගණයේ වියත්හූ වෙති. කාල දීඝවාපිය පිළිබද මේ මතු වන විවාදය මැදින් ලක් ඉතිහාස වතෙහි තීරක ශාස්ත්‍රීය ගැටලූවක් නිරාකරණය වන්නේ "පැවිදි පේ‍්‍රමය" නිසාය. පැවිදි පේ‍්‍රමය යන ඓතිහාසික රචනය ථේරවාදී සිංහල සගුන් වහන්සේලාගේ අග්රමතවාදී කෘතිය වූ "විශූද්ධි මාර්ග මහා සන්නස" සමග සබැදිය. එබැවින් නිමිත්ත ඇවිද පිය මැන කාලදිඝවාපි විවාදයට නෙත යොමන කළ "පැවිදි පේ‍්‍රමය" නෙත ගැටුණි. පැවිදි පේ‍්‍රමය විසින්ම කාලදිඝවාපිය, දීඝවාපිය නොව,කාල දීඝවාපිය යනු වෙනම නිදහස් ආරාමයක් යන කුකුස, සැකය විසදුණි.
"කාලදීඝවාපිය" බුදුරාජාණන් වහන්සේ සිරිලක වැඩමකළදා, බෞද්ධ සදාර්ශනිකයන් බවට පත් වූ, ඉසුරුමුණියේ ඉසුරුමතුන් දොළොස් දෙනාගේ ගුරු කුලය වූ, වෙස්සගිරියෙන් ප්රභාවිත වූ බව පසක් විය. එබැවින් මහත් නිරාමිස ප්‍රිතී සුඛයක් විදිමින් විශූද්ධි මාර්ග මහාසන්නස කියවන්නට විමි.
නිමිති වරුසාවක් මැදින් මෙම පූජනීය ධර්ම පුස්තකයන් වහන්සේ කියවන විට, දෙමළ භික්ෂුන් වහන්සේ නමක වූ බුද්ධඝෝෂ මහා සංඝනේත්රෘවරයාණන් වහන්සේ අරභයා තිබූ ගෞරවය බැතිය උතුරා හද පිස ගලන්නට විය. ඉතිහාසය විසින් වසා දමා අප පසෙක තැබූ උත්තර මානුෂික සිරිතක් සිංහල අපට තිබී ඇතැයි යළි සිතුනේය. සිංහල හද පපුවේ දර්ශනය ද්‍රවිඩ ජාතියෙන් ප්රභාවිත මහ තෙරිදුන්ගේ පන්හිදෙන් අර්ථ පුරා ඇතිබව වැටහුණේය. සැබැවින්ම බුද්ධඝෝෂ මහ තෙරුදු විවරණය පිහිට කරගෙන සිංහලයන් බුද්ධ ධර්මය වටහා ගෙන ඇති යැයි හැගී ගියෙමි. එබැවින් ප්රභාවිත මිතුරු හදින් "විශුද්ධි මාර්ග මහා සන්නස" පද අතරින් පැවිදි පේ‍්‍රමයට ලගා විය.
එකල්හි කැළණි මහ වෙහර වැසි ගෝධත්ත ආභිධම්මික මහ තෙරිදු බවුන් වැඩියේ දීඝවාපියේය. එහි වැඩවිසූ උන්වහන්සේතම නිල භුමිය කැළණි මහ වෙහරට වඩින අතුරතුරවස් විසුවේ කාළවාපී ග්‍රාමයේ කාලදිඝවාපි මහ සෙනසුන් විහාරයේය. එහි ආගිය හිරිමල් ගැටවරයෙකු, මේ උපශාන්ත තරුණ මහ තෙරිදු හමුවේ ධර්ම වින්දනයක් ලැබ සහවාස ගතව මහණකම යැදීය. ආභිධම්මික ගෝධත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ ප්‍රඥාවන්ත සුහුඹුල් තරුණ රුව ඉවකර තුන්කල් බලන්නට විය. මතු දිනක ඔහුට වන විපත දුටිමි.
පුත, ගිහිසුව රමණයෙහි කෙලවර මහණ සුව විදිනු මැනව....
ස්වාමීනි, ගිහිසුව කටුකය. මා ශ්‍රමණ සුව පතමි !......
තෙරිදු කී කල්හි තරුණයා එළෙස පවසන්නේය. එවිට තෙරිදු මදක් විවේක ගෙන ශෛල උයන වැද විදසුන් වඩන්නැයි, තරුණයාට අවවාද කළහ. තුන්පෝදා සද ගෙවී ගියේය. භද්‍ර යෞවන තෙමේ දළ රැවුලෙන් වැසී තාපස රුවක් වැනිය. තවත් බලා සිටිය නොහැක. තරුණයා තනිවම සිතන්නට විය. මහා තෙරිදු හිස රැවුල් බා, කසාවත් පොරවා, විසිතුරුව, සෝභමානව, වැඩ වසනු රමණීයය. ඒ රූ වරුණ දුටු තරුණයාට මහණ කමට නොනිත් ආශා උපන්නේය.
"ස්වාමීනි, කමටහන්ම වැඩුවෙමි. ගිහි ආශා හිත තුල වත් නූපන් බව සැබෑය. මහණ සුව දන් දෙනු මැනවි" තරුණයා එලෙස ආයාචනා කරන්නට විය. එවිට තෙරිදු යළිදු තුන්කල් බැළුවේය. අනාගත දිනක මේ තරුණ තෙමේපත්වන විපත දුටිමි.
පුත, කාම සම්භෝග විද අවසන නික්ලේෂී මග උචිතය.....
එලෙස තෙපලූ තෙරිදු ඉල් මහේ සද මෝරා පායා ගෙවෙන අහස දෙස බැළුවේය. වස් පවාරණයකොට කැළණි මහ වෙහෙර බලා වඩින්නට විය. ඒ සදවත බැසයන නිශා යාමයේය. නිශා සද රැසින් නැහැවුණ මහ තෙරිදු පසු පසින් දිව ගොස්, පා මුල වැද වැටී හඩා වැටුණ කාලවාපි තරුණ තෙමේ ශ්‍රමණ සුවය යදින්නට විය.
ආභිධම්මික ගෝධත්ත මහ තෙරිදුට, එක් විටම යසෝධරා ආපදානය සිහිවන්නේය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් භව ආදර බැදුමෙන් පවිත්‍ර යසෝධරාවන් සම්බුදු පා පහස කදුළින් දෝවනය කළ දා ද, ඇය සම්බුදු සසුනේ පැවිදිව මහ රහත්ව පිරිණුවන් පුර වඩින්නට බුදු පා පහස වැද සමුගත් දා ද, සිහිවිය. අතීත කමටහනින් මිදුණු තෙරිදු තෙමේ, කාලවාපි තරුණ රුව බැළුවේය. තරුණ තෙමේ කදුළින් දෙකම්ඹුල් තෙමමින් හඩයි. මහණ පදවියම පතයි. ගෝධත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ යළි තුන්කල් බලා නික්ම වඩින්නට විය.
පසුදා හිමිදිරි උදයේ මහ තෙරිදු කැළණි මහ වෙහෙරට වඩින්නට අඹතලේ තොටමුණෙන් ඔරුවට වඩින කළ, පසුපසට නෙත හෙළිය. පසුපසම විත් කාලවාපි හැඩූ කදුළින්ම මහණ පදවි පතයි. නායක ස්වාමීන්ද්‍රයාණන් ඔරුවට වැඩ වෙහෙර ගෙට පිවිසුණි. කැළණි මහවෙහෙර සඝ ගණයා ගුරුදේව පාද වන්දනා කරන අසිරිසිරි දසුන දුටු කාලවාපි, මහණ පේ‍්‍රමයෙන් තව තවත් ගැබ්බර වන්නේය.
හඩ හඩා වැළපෙන. ප්‍රඥාප්‍රභා තරුණ රුව දුටු කැළණි තරුණ යති පරපුර, ඔහු වෙහෙර ගෙට ගෙන්වා ආහාර පිළිගැන්විය. දියබිදකු ද ප්‍රතික්ෂේප කොට කාලවාපි මහණකම පතන්නට විය. මහණ ආශාවෙන් ආතුර, කාලවාපිට මහණකම යදින්නට කැළණි ශිෂ්‍යය පුත්‍රයාණන් වහන්සේලා සන්නිවේදකයාණන් වන්නේය. සිසු පුත්‍රයන් වහන්සේලා, ගුරු තෙරිදු පා වැද කාලවාපිට මහණකම යදින්නට විය. තෙරිදු භාවපේ්රමි පැවිදි ආලවන්තයා කැදවිය.
පුත, එක් ප්‍රතිඥාවක් දිය යුතුය..... තොප මහණ සිවුරු දැරූ දා පටන්
කිසිදු දිනක උපන් ග්‍රාමය කාලවාපියට නොවැඩිය යුතුය.....
ගුරු හිමියන්ගේ ප්‍රතිඥාව සරළය. හිස් මුදුණින් පිළිගත් කාලවාපි, මහණව, කාලවාපියේ තෙරිදු ලෙස රට බබලවන්නට වන්නේය. තුන් දිනකින් දීඝනිකාය සත් වරක්, මුලසිට අගටත්, අග සිට මුලටත් අර්ථ විවරණය කළේය. එලෙසම විවරණ සන්නසක්ද රචනා කළේය. එබැවින් උන් වහන්සේ "දීඝභානක පදවිය" ලබන්නේ දහඅට වන වියේදීය.
කාලවාපි හිමියන්ට සත්වසක් ගිය කල්හි, තම උපන් බිම සිහිවිය. කලාවැව දෙස නෙත් යොමා බවුන් වඩන්නට සිතුණේය. කලාවැවේ නීල සරුලිත සිහි වී, ගුරු ප්‍රතිඥාව අමතකව කාලවාපියට වැඩමකොට, කාලදීඝවාපි මහ සෙනසුණේ ශෛල ගුහාවට වැඩියහ. එහි වැඩ වසමින් කලාවැව නිමිත්තකොට බවුන් වඩන්නේය. සද බැසයන නිශා යාමයේ වන අරණින් නික්මව පිඩු`සිගා වඩින්නේය.
එවන් දිනක කාලවාපි ගම්බාරයාගේ දු සිගිත්ත තරුණ යතිරුව දැක සරාගයෙන් පිබිද ඔහු පතන්නේය. තමා අතින් ගෙතූ සළු පටක පෙම් ගීයක් පද බැදි ඇය, එය පත් කඩක් සේ කාලවාපි හිමියන්ගේ පාත්‍රයට පූජා කළේය. සෙනසුනට වැඩි කාලවාපි හිමිපාණන් වහන්සේ අළුයම දන් වළදා බවුන් වඩන්නට පත් කඩය ශෛල අසුන මත එලූ කල්හි පෙම් ගීය දුටුවේය. පසුදා පිඩුසිගා වඩින ගමන් එම නිවසේ දඩුවැට උඩ පත්කඩ දමා යළි නික්ම වැඩියේය.
ගම්බාර දුවණිය හිමිපතා උපවාසයක් පටන් ගත්තේය. එවිට ඈ මව්පියන් කාලවාපි වෙහෙරට පැමිණ මගුල් යෝජනා කරන්නට විය. හිමිපාණන් එය ප්‍රතික්ෂේප කොට යළි කැළණි වෙහෙරට වැඩ, කැළණි නදිය නිමිත්ත කොට බවුන් වඩන්නට විය.
කාලවාපි ගම්බාරයාගේ දියණිය පැවිදි පේ‍්‍රමය වෙනුවෙන් උපවාස කොට නිරාහාරව මළ කල්හි ඈ දෙමව්පියෝ දියණිය ගෙතු "පෙම් පත්කඩය" කාලවාපි වෙහෙරෙහි සිටි වයෝවෘධ භික්ෂුවට පූජා කළේය. එකී භික්ෂුව කැළණි වෙහෙර වදින්නට ගොස් පත්කඩය එලා ගෝධත්ත මහ තෙරිදු වන්දනා කරන කළ ඒ අසල සිටි කාලවාපි හිමියන් එය දකින්නේය. එවිට ස්වාමීනි, ඔබවහන්සේට මෙම පත්කඩ කා විසින් පූජා ලද්දේ දැයි විමසුවේය. භික්ෂුව පුවත සැළ කළේය. එතැන් පටන් දීඝභානක කාලවාපි ස්වාමින්ද්‍රයානන් වහන්සේ ආලයෙන් ආතුරව ඔත්පල වූහ. ආහාර පැන් ඉවත ලා පේ‍්‍රම වියෝගයෙන් නිරාහාරව සිට ස්වකීය දිවිය පූජා කළහ. උන්වහන්සේගේ සිරුර දවා අළු පාත්‍රයට ගෙන ගෝධත්ත මහ තෙරිදු කැළණි නදියේ පා කර හැරිසේක.
ලක් සසුන් ඉතිහාසයේ පේ‍්‍රමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්ෂුව උන්වහන්සේය.
-රජස්-59-64p