1දා සිට පෞද්ගලික බස්‌ ගාස්‌තු නගී

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    1දා සිට පෞද්ගලික බස්‌ ගාස්‌තු නගී

    පෞද්ගලික බස්‌ ගාස්‌තු සියයට හතකින් (7%) අප්‍රේල් පළමුවැනිදා සිට වැඩි කිරීමට ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය ඊයේ (12 වැනිදා) තීරණය කළේය.
    රුපියල් නවයේ අවම ගාස්‌තුව හැර සෙසු ගාස්‌තු වැඩි වන බව ද එම සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (12 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

    එසේම මෙම සංශෝධන සිදු වීමට පෙර පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැතිවරයා විසින්
    පොරොන්දු වූ අර්ධ සුඛෝපභෝගී සේවාව අහෝසි කරන ලෙසත් පෙර ගෙවුම් කාඩ්පත ක්‍රියාත්මක කළ යුතු බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    ඉන්ධන ඇතුළු බස්‌ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහනාධාරයක්‌ ලබා දීමට ආණ්‌ඩුව කටයුතු නොකළ බවද, ඒ වෙනුවට බස්‌ ගාස්‌තු වැඩි කිරීමට රජය අවසර ලබා දුන් බව ද ගැමුණු විඡේරත්න මහතා කීවේය.

    බස්‌ ගාස්‌තු වැඩි කොට මඟී ජනතාව මත බර පැටවීමට තම සංගමය අපේක්‍ෂා නොකරන බව ද ආණ්‌ඩුව සහනාධාර ලබා නොදීමේ ප්‍රතිඵල ජනතාවට භුක්‌ති විඳින්නට සිදුවූ බව ද හෙතෙම පැවැසීය.

    ඉල්ලීම් දිනා ගැනීමට වැඩ වර්ජනවලට යා යුතු බව කී සභාපතිවරයා අප්‍රේල් පළමුවැනිදා සිට වැඩිවන බස්‌ ගාස්‌තුව නතර කිරීමට නම් සහනාධාර ලබා දීමට ආණ්‌ඩුවට තවමත් කල් තිබෙන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.


    bus.jpg
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Loke hama dema wadi wenakota 7% wage podi ganakin wadi wenne.

    hmmm ekath aththa.....Loke hama deema wadi wenawane...Ube amma nam 6% ne gana wadi kale......aulak na podi gana ne.....Sunna ponimal ube aththa thatha hoya gaththa da?