-1 කොටස - හිනා අමතකව ගිය මට - හීනයක්ද තාමත් ඔබ

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    හීනයක්ද ?

    ====තියා අතීතය මා ලඟ - පියාඹා ගියාවද උඹ පුරවි කිරිල්ලී ===
    ====හිනා අමතකව ගිය මට - හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී ===
    .1 කොටස
    .
    මට එක් වරම ඇයව හදුනාගැනීමටත් අපහසු විය..
    ඉස්සරට වඩා තරමක් කලුය.. ඈදී ගොසිනි.. වෙනදා නොතිබුන දුකක් සාංකාවක් ඇගේ මුහුනේ කැටයම්ව පෙනුනි..
    " පලවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය මහනුවර බලා පිටත් වෙයි......... සිට සෑම දුම්රිය ස්ථානයකම එය නවත්වනවා ඇත.."
    ඒ කොටුව දුම්රිය ස්ථානයයි.. නිරන්ත‍රයෙන් දුම්රියෙ ගමන් නොකලත් ඉඳහිට හෝ ගමේ යන දවසක එහි ගමන් කිරීමට මා කැමැත්තෙමි...
    ඒ පාඩි වී පැය ගනන් හිත හිතා යෑමට පුලුවන් නිසාවෙනි නැතහොත් පොල්ගහවෙලින් ‍එයට ගොඩවන කුරුට්ටෙකුගෙන් පරණ වුන තම්බපු කඩල ගොට්ටක ආස්වාදය විදීමටය,එද නැතිනම් එයට ගොඩවෙන පිටවෙන විවිධාකාරයේ මිනිසුන් මුණ ගැසීමටය.. කඳු බෑවුම් අසලින් යද්දී පා පුවරුවේ ඉඳගෙන තනියම කවියක් ගෙතීමටය.. කෙසේ වෙතත් මා මේවාට ඇලුම් කරමි...
    දුම්රියේ ගමනින් නුඹලාට වැඩක් නැත... ඇය ගැන නම් කිව යුතුය..
    ඇයගේ නම නොකියමි..
    ඇයත් මාත් පෙම්වතුන් වූහ ඒ බොහෝ කලකට ඉහතදීය.. සැබැවින්ම මා ඇයට පණ දෙවැනි කොට ආදරය කලෙමි..
    ඇය සුන්දරය සුදුය මුදුය පැහැපැත්ය ලගන්නීය.. කිසිදු කලබලයක් නැත. ජීවිතය තේරුම් බේරුම් කර ගතහැකි තැනැත්තියකි..වැඩි විලාසිතාත් නැත.. නෝන්ජලුත් නැත.. චාම්ය.. සතුටද දුකද නිහතමානීව විදදරා ගන්නීය.. මා උදෙසාම බිහිවුවා වැනිය....
    එහෙත් ඇයගේ දෙමාපියන්ගේ මැදිහත් වීමේන ඇය මා හැර ගියාය..
    ඇය දෙමාපියන්ගේ පැත්තටම හිටි නිසා ඉන් එහාට කිසිත් නොකියමි....
    දුම්රියපොලේදී ඇයව දුටුත් හදුනාගත්තමුත් ඇය හා දොඩමලුවීමට පසුබට වුනෙමි.. ඒ පරණ මතක අවදි වී නැවත සිත තලා ගැනීම මටවත් ඇයටවත් නුසුදුසු නිසාවෙනි..!
    හීන් සීරුවෙ ළගම තිබුන දුම්රිය පෙට්ටියට නැග අසුන් ගතිමි...
    මේ...කුරුළු..අයිය නේද.... !
    තිගැස්සුනෙමි.. සුපුරුදු කටහඩය.. හැරීබැලුවෙමි..
    ආ ........නංගි ඔවු ඔවු අනේ මම දැක්කෙත් නෑ ලගට එනකම්...
    අයියට කමක් නැතිනම්.. මම මෙතැනින් වාඩි වෙන්නද....
    හා කම්ක් නෑ වාඩි වෙන්න.... ඕක මොකක්ද..... වෙවුලන හඩින් පැවසූවෙමි...
    අප අතර විනාඩි කිහිපයක නිශ්ෂබ්දතාවයකි...
    ඇයට මටත් - මට ඇයටත් කීමට දෙයක් නොතබුනි ..!
    ඇය සතුව විශාල ප්‍රමාණයේ මලු දෙකක් තිබුනෙන් මම එතැනින් කතාව ඇරඹීමට සිතුවෙමි...
    නංගි මොකෝ මේ ගම රට දාල යනව වගේ..
    හ්ම්.. ඔවු අයියෙ මම නුවර යනව... ආයෙ කොළඹ එන්නෙ නෑ..
    ඒ මොකෝ.. ආයෙ එන්නෙ නැත්තෙ.. රස්සාව?
    රස්සාවෙන් මම අයින් වුනා අයියෙ... (මෝනාලීසා වගේය අඩනවාද සිනාසෙනවාද සිතාගත නොහැකිය)
    අපරාදෙනෙ ඇයි ඒ...
    මම ඒක අයියට කියන්නම් පස්සෙ.....
    ඉතින් අයියට කොහොමද දැන්.....
    වැරද්දක් නෑ... මම හොදන් ඉන්නව නංගි මගේ වැඩ කරගෙන...
    අයිය තාමත් කවි එහෙම ලියනවද...?
    (ලියන කවි බොහොමයක ඇයද තාමත් සිටින බව පැවසීමට මට සිතුනත් මගේ වචන ඒ තරම් හයිය නැත)
    ඔවු සමහර වෙලාවට ලියනව....
    අයිය මම ඔයාව ස්ටේසමේදි දැක්ක .. ඒ නිසයි මම අයියව බලන්න මේ පෙට්ටියටම නැග්ගෙ.. අයිය ගාවින් වාඩි වෙලායන්න ආස හිතුන... අයිය එක්ක කතා කරන්න ආස හිතුන... ඉස්සර නම් අයිය මගේ මම අහන්නෙ නෑ මොකවත් .. ඒත් දැන් එහෙම බෑනෙ.... මට අයියව ආයෙ හම්බෙන එකක් නෑ .. මේ හම්බුනෙත් අවුරුදු කීයකට පස්සෙද... ආයෙ හම්බුනත් මට කතා කරන්න වෙන්නෙ නෑ.. ආයෙ ලගින් ඉදගන්න වෙන්නෙ නෑ.. මේ අන්තිම පාර...
    මොකක්... අන්තිම පාර.. ඔයාට පිස්සුද ?
    ( ඇයත් මාත් අතර පෙර තිබු ප්‍රේම සබඳ තාව දැන් නැතියි මට අමතක විය )
    සමාවෙන්න මට නංගි ඇයි එහෙම කිවුවෙ...
    හ්ම්.... ඒක අයිය දැනගනිවි..... අයිය තරහ නැතිනම් මම දෙයක් ඇහන්නද ?
    (ඇය තවම ඇගේ ප්‍රස්නපත්තර කතා විලාසය ඇත් කරගෙන නැත)
    හා..
    අයියට දැන ්කෙල්ලෙක් ඉන්නව... මම ඇහුවෙ යාලුවෙලා..
    (දිග හුස්මක් පිට කලෙමි )
    නෑ නංගි.. මට දැන් ඉස්සර වගේ ආදරේ ගැන විස්වාසයක් නෑ....
    කුරුලු අයිය.. ප්ලිස් එහෙනම් ‍මේ නංගි එක ටිකක් දුර උරහිසට ඔලුව තියාගෙන යන්නද ඉස්සර වගේ.....
    (කරකියාගත නොහැකි වූ තැන බිම බලා ගතිමි.. මා නොදැනුවත්වම මගේ දෑස් මටම චපල වී ඇත... මේ වැඩිහිට සමාජය අපිට අප අහිමි කර ඇත..... )
    හ්ම්..... - එපමණක් කීමි...
    පෙර පුරුදු පරිදි කිසත් නොකියාම මාගේ උරහිසට ඔලුව හේත්තු කර ගත් ඈ.. මාගේ අතක් ඇගේ අත් දෙකින්ම අල්ලා ගත්තාය....
    දුම්රිය තවම ගමනේය...................................................

    " පෙරම් පුරාගෙන ආ සංසාරෙ - පැතුමද සුනුවිසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ - දුම්රිය මොහොතක් නතර වුනේ ,

    2.කොටස
    .
    මඳ වේලාවක් නිස්සදව සිටි ඈ තම කටහඩ අවදි කලාය..
    අයිය.. ඔයා හිතනවාද ඇත්තටම ඔයාව මම අමතක කලා කියල ..
    නෑ.. මම කවදාකවත් එහෙම හිතුවෙ නෑ නංගි..
    ඒ ඇති අයිය මට.. ඔයා මට එක දවසක් හරි ආදරේ කලාද කියන්න..
    ඒක ඔයා අහන්න ඔන් ප්‍රස්නයක් නෙවේනෙ නංගි...
    ( අද දිනයේදී ගමන් මාධ්‍ය සදහා දුම්රිය තොරා ගැනීම ගැන මම මටම දොස් නගමි.. ඒ පරණ තුවාල පෑරෙන නිසාවෙනි.. අපට බෙහෙත් කල නොහැකි නම් අඩු තරමේ තුවාල පාරානොගත යුතුය)
    ඇත්තටම අයියෙ මම එහෙම කලේ අ‍පේ අම්මල නිසා.. අයිය නොදන්නව ඇති අපේ අප්පච්චිට ලෙඩක් තිබුන.. ඒක නිසා ඒකට සල්ලි ඕන වුනා බෙහෙත් කරන්න.. අප්පච්චිට සල්ලි නෑනෙ අයිය.. ඒ අයට තිබුන බලාපොරොත්තුව මම.. අයියට තේරෙනවද ??
    (මොකෝ මට නො‍තේරේනේ මම බබෙක්යැ.. අම්මල සල්ලි කාරයෙකුට ඔයාව විකිනුව.. මගේ ආදරෙත් එක්කම... යැයි කියන්න ආවත් ඉවසා සිටියෙමි.. ඇත්තය ඒ දවසවල මම හිගන්නෙකුටත් අන්තය අතේ සතේ නැත.. සන්තකේටම තිබුනේ ඇයගේ ආදරය පමණි... ජීවත්වෙන්න අනාගතයක් ගැන සිතීමට පවා බිය වීමි...
    "තමන්ගෙ වියදමවත් හොයගන්න බැරි එවුන් කොහෙද පවුල් කන්නෙ පවුලට කන්න දෙන්නෙ.." ඇගේ මවගේ ඒ වචන ටික මෙවේලේත් මගේ කන් ගුල් තුල දොංකාර දෙයි.. ඒ දවස්වල ඇය වෙනුවෙන් මා හට හඩක් නැගීමට නොහැකි විය.... )
    ඔවු නංගි මට තේරෙනව...
    එක්වරම ඇය නැගිට මගේ මුහුන දිහා කෙලින් බැලුවාය...
    අයිය කියන්න මේ සුදු නංගීට සමාව දෙනව නේද ඔයාව දාල ගියාට.. කියන්න.. මා එක්ක තරහ නෑ නේද....
    (දුම්රියේ සෙනගක් නැත්තේ හොද වෙලාවටය නැතිනම් මෙය ඉතා දුෂ්රකර වනු ඇත මට)
    නෑ නංගි මම එදත් තරහ නෑ අදත් තරහා නෑ ඔයා එක්ක...
    අයිය දන්නවද එයා මාව බැන්දෙ නෑ අයියෙ... !
    මොකක්... ඒ මොකෝ..
    අනේ මන්ද එයා බඳින්න කලින් රට ගියා මගුල්ගෙදර ඔක්කොම ලෑස්ති කරල... ඒත් ආයෙ ආවෙ නෑ පස්සෙ ආරංචි වුනා පිට රටදි කාවද බැඳල කියල...
    (ඇය කියාගනෙ කියාගනෙ ගියාය...මා ටිකෙන් ටික රත්වෙනවා සේ දැනුනි.. එහෙත් එක් වරම මාගේ කමීසයේ උරහිස තෙත් වෙනු දැනුන නිසා නිවුනෙමි.. පවු කෙල්ල අඩනවා විය යුතුය... )
    හ්ම්.. එහෙම තමයි නංගි සමහරුන්ට ජීවතේ තෙරරෙන්නෙ නෑ.......
    ඉතින් ඊට පස්සෙ මොකෝ වුනේ.....
    මගේ අප්පච්චි මැරුණ අයිය... (ඈ මගේ අත තද කර උරහිසට මූණ තද කර ගත්තාය)
    අප්පච්චිට ඒක දරා ගන්න බැරි වුනා .. එයා නැති වුනා.....
    අයියෝ නංගි..... ( එවේලේනම් මට ඇඩුනේය..මගේ ආදරේ හොරකම් කර ගත්තා වුනත් අප්පච්චි වෙනුවෙන් නම් මම හඩමි ඒ ඔහු මනුස්සයෙක් බව දන්නා නිසාවෙනි......)
    මිනිසුන්ගේ ජීවිත මොන තරම් කටුකදැයි මම මෙතරම් නොසිතුවෙමි... මා දන්නා අයගේ මෙසේ නම් නොදන්නවුනේගේ කෙසේ විය හැකිද.... !
    නුවරට දුම්රිය ලගා වීමට තව පැයක් හමාරක් තිබේ....
    එහෙත් ඇය කිසිත් නොදොඩා හඩමින් පසුවන්නීය...
    ඇයව සැනසීමට දැන ්මට නොහැකිය.. හැඩීම නැවැත්වීමටද නොහැකිය... ඇය සමග එක් වී හැඩීමටද නොහැකිය....
    කලයුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකිව.. දුරින් පෙනෙන අහස සිඹින කදුද - කඳු සිඹින කලු වලාකුලු දෙසද බලා සිටියෙමි....

    ************ කාතවෙ ඉතරු ටික ලියන්නම් දෙවන කොටස ඉවරයි ********

    ---කුරුලු---

    හොඳ නම් කියන්න.. ඉතිරි ඒවත් දාන්නම්. :)
    rep එකක් ඒම දැම්මට තරහක් නෑ.. :lol:
    මේක ලියන්නේ මම නම් නෙවේ.. :no:කුරුළු අයියා.. ලස්සන නිසයි දැම්මේ මේකේ..
     
    Last edited: