සමහරවිට එහෙමත් හිතෙයි බන්. ඒ කලේ නම් ඉතින් කියල වැඩක් නැහැ. ඔය game එකක් අහු උනාම මුළු දවසම අයේ එක තමයි
ඒක තමයි..

මට මේ ඒ කාලේ ඉදන්ම ගේම් ගහල තමයි කෙල උනේ


සමහරවිට එහෙමත් හිතෙයි බන්. ඒ කලේ නම් ඉතින් කියල වැඩක් නැහැ. ඔය game එකක් අහු උනාම මුළු දවසම අයේ එක තමයි



මං ගාවත් එකක් තිබුණා.. අපේ තාත්තට යාලුවෙක් දීලා..
ඔයින් කැමරාවයි මෙන්න මේ TV ගේම් එකකුයි, Game Boy සෙට් එකකුයි හම්බවුනා..
![]()
![]()
ඒ කාලෙ කොම්පියුටර් එකක් තිබුණෙ නෑ මට.. තාත්තට කොම්පියුටර් එකක් අරන් දෙන්න තරම් වත්කමක් තිබුණෙ නෑ.. ඕවා තමා මං ප්ලේ කලේ ඒ කාලේ.. මතකද TV ගේම් වල තිබුණා කුරුල්ලන්ට වෙඩි තියන සීන් එකක්.. ඒකට තුවක්කුවකුත් ලැබුණා.. විකාරෙන් දාගෙන තියෙනවා ඉස්සර..Contra ගේම් එක තමා මරු..
මං මුල්ම කොම්පියුටර් එක ගත්තෙ 1998 දී..
350 Mhz ද කොහෙද ප්රොසසර් ස්පීඩ් එක 32 MB රැම් එකක් තිබුණෙ.. 8MB ද කොහෙද VGA..
කොම්පියුටර් එක ගත්තට පස්සෙ ගැහුවා විකාරෙන් දාගෙන Wrestling ගේම් එකක්.. Tarzan ගේම් එකත් ප්ලේ කලා.. Comandos කියලා උඩින් පේන ගේම් එකකුත් ගැහුවා..
මතකද උඹලට මේක..? ප්ලේ කරපු උන් ඉන්නවද..? යුද්ධ ටැංකි ගේම් එකයි, කොටු පුරවන ගේම් එකයි මරු..
![]()
. ඉස්කෝලේ කොල්ලෙක්ට නොවඳින වැඳුම් වැඳලා තම GTA 2 වල "gauranga" කියන චීට් එක අහගත්තෙ. ඇන්ඩෙනව. තව හවුස් ඔෆ් ද ඩෙඩ් එකත් ගැහුවා. හොඳම සින් එක තමා ඒ කාලේ බ්රවුසර් හෝම් පේජ් එක යාහු. ඉන්ටනෙට් යන්නේ තෝරන් බැඳලා මගුල්බෙර ගහල. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වල වෙබ් සයිට් එකේ ඇඩ්රස් එක ගහල බලන් ඉන්නවා. එතකොට අර යටින් ස්ටැට්ස් වැටෙන තැන "website found waiting for reply" කියල වැටුනම පට්ට හැපී
.ඒ කාලේ අපිට Contra කියන්නේ දැන් කාලෙ COD වගේ නේද බන්.
TV game එකේ තව නින්ජා game එකක් තිබුන එකත් මරු. ආයේ Super Mario තමයි. Computer එකේ නම් Duke තමා ආරම්බය. ඔය කාලේ මතක් කරන්ඩ එපා යකෝ පිස්සු හැදෙනවා
අන්න හරි මචං.. මට නම මතක නැතුව තිබුණෙ.. ඔය TV Game එකත් එක්ක හම්බවෙන Cartridges එකේමයි තිබුණෙ.. තව ඒකෙ ඔලිම්පික් ගේම්ස් වගයකුත් තිබුණා.. දුර පනින්න, දුවන්න, උස පනින්න වගේ..
ඔව් මාත් ඒවා ප්ලේ කලා මචං.. ඒ කාලෙ නම් මොන ග්රැෆික්ස් ද.. ඒත් අපි කියනවා බලපං ඇත්ත කාර් වගේ කියලා..Comandos නම් පට්ටම අමාරුයි බං.. ඒක ඉවර කරගන්න මාර ගේමක් දුන්නෙ..
උඹට මතකද V-Cop ගේම් එක..?






