13ට එරෙහිව නඩු පවරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13ට එරෙහිව නඩු පවරයි

    13ට එරෙහිව නඩු පවරයි


    13th.png
    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහතුන් වැනි සංශෝධනය මගින් ස්‌ථාපිත කළ පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස්‌ පෙරමුණ හෙට (12) ශේෂ්ඨාධිකරණයේ නඩු පවරනු ලබයි.
    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව යමින් පළාත් සභා ක්‍රමය මෙරට ස්‌ථාපිත කර ඇති බැවින් ඊට පළාත්සභා එරෙහිව නඩු පවරන බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.
    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධන හරහා රට බෙදීමේ අවදානමක්‌ උද්ගතව ඇති බැවින් එය අහෝසි කළ යුතු බවට ජාතික හෙළ උරුමයද පසුගියදා ජාතික නිදහස්‌ පෙරමුණ සමග ඒකාබද්ධව පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය.
    පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස හෙට ගොනු කරන නඩුව සඳහා අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර, ගෝමින් දයාශ්‍රී, නීතිඥ කපිල ගමගේ යන මහත්වරු පෙනී සිටින බවද දැනගැනීමට ඇත.
     
    • Like
    Reactions: isuru003

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya mona karath un dinenewa ban... apita thamai hemadame bade paraaa...
    මචන් ඉන්දියාවේ බාගයක් කන්ඩ නැතුව මැරෙනව,එත් උන් හදට රොකට් යවනව.එහෙම සාගතයක් අපිට නැනෙ,එක හින්ද හැම එකටම බඩ ඉස්සර කරන්ඩ එපා,අනික මේක රට බෙදීම සම්බන්ද දෙයක්.ලංකාව ඇතුලේ රටවල් 3-4 හැදෙන්ඩ ඔනෙ නෑනේ. :no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13 පරදන්නට විමල් රනිල් හමුවෙන්නත් යයි

    wimal-weerawansa2.jpg

    13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කිරීම පිළිබඳ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිතයින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
    මෙම සාකච්ඡාවේදී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පිරිස 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතුව ඇති බව ප්‍රකාශ කර ඇතත් විපක්ෂ නායකවරයා ඇතුළු එ.ජා.ප. නියෝජිත පිරිසගේ අදහස වී ඇත්තේ අදාළ සංශෝධනය ඉවත් කිරීමට විරුද්ධත්වයක් නැතත් ඒ සඳහා වෙනත් විසඳුමක් තිබිය යුතු බවයි.
    කෙසේ වෙතත් එළඹෙන පක්ෂ මහා සම්මේලනයේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.