13 හරියට ඕනෑ : මෝදි මහින්දට කියයි

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    13 හරියට ඕනෑ : මෝදි මහින්දට කියයි

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 2010 වසරේ දී පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන පළාත්වලට පුළුල් බලතල දෙන ලෙස ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනපතිට අවධාරණය කළ බව හින්දු පුවත්පත කියයි.
    ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිං හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් සමඟ 2010 මාර්තු මාසයේ පැවැති සාකච්ඡාවක දී බලය බෙදීම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු විය.
    ඉන්දියා අගමැතිවරයා උපුටා දක්වමින් එරට විදේශ ලේකම්වරිය සඳහන් කළේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හා ඊට වඩා එහා ගිය විසඳුමක් මඟින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගත හැකි බවයි.




    2014 මැයි මස 28 12:23:59 | . , තුෂාර සිල්වා ලංකාදීප
     
    • Like
    Reactions: 119elakiri

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    10420208_894829677201196_6650616664423247792_n.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    හුඟක් අය මං දැක්ක බුකියෙ නරේන්ද්‍ර මොදිට හුරේ දාල තියෙනව මුස්ලිම් විරෝධියෙක් ලැබු ජයග්‍රහණයක් විදියට නමුත් ඔවුන්ට මෝදිගෙ දේශපාලනයේ බලන්නට අමතක වූ පැත්ත තමයි මේක. මෝදි උතුර සම්බන්ද ප්‍රශ්නවලදී ලංකාවට එරෙහිවනවා නිසැකයි(ලංකාවෙ දෙමළු බහුතරය හින්දු නිසා හා මෝදි හින්දු අන්තවාදියෙක් නිසා).
     
    • Like
    Reactions: Al Baik

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,914
    113
    කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ :lol: