බටහිර රටවල අංක 13 සම්බන්ධයෙන් දැඩි භීතියක් දක්වනවා.එම නිසාම ඇතැම් ගොඩනැගිලි වල 12 සහ14 වශයෙන් තට්ටු තිබුනත් 13ලෙස නම් කරපු තට්ටුවක් සොයාගැනීමටවත් නැත.බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වූ ජනප්‍රියතම අගමැති වරයා වූ වින්ස්ටන් වර්චිල් මහතාත් සිනමා ශාලා වල 13 වන් පේලියේ අසුන් ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.එ වගේම AIRFRANCE වැනි ගුවන් යානා සමාගම් වලට අයත් ඇතැම් ගුවන් යානා වල 13 වැනි අසුන් පෙලක් නැහැ.මුහුද බටහිර රටවල් වල අංක 13 කිටන් වචනයට බීතියක් දක්වනවා.නමුත් අංක 13 පිලිබඳ ජනතාව තුල බීතියක් ඇති වුනේ කෙසේද.මම ඒ ගැන කියා දෙන්නම්.අංක 12 යනු ඉතාමත්ම වැදගත් අංකයක්.මොකද අද භාවිතා කරන අංක පද්ධතිය නිර්මාණය වී ඇත්තේ.අංක 12 මූලික කරගෙනයි.උදාහරණයක් විදිහට අවුරුද්දට මාස 12ක් ද'දවසක් දෙකට බෙදෙන විට පැය 12ක් ද ලැබෙනවා.ඉතිං අංක 12යනු සම්පූර්ණයෙන් සෑම අතකින්ම බෙදෙන සංඛ්‍යාවකි.නමුත් අංක 13 ශාපලත් අංකයක් බවට සලකන්නේ ඇයි.ඉතිහාසඥයන් විසින් මෙයට හේතු රාශියක් පවසයි.එනම් අවසාන භෝජනයට 13න් දෙනෙක් සහභාගි වීම.13වන අසුන ජේසු තුමා වෙනුවෙන් වෙන්කර තිබීමයි.ඒ වගේම 13වන අසුනේ අසුන් ගත්තේ ජේසූ තුමන් පාවාදුන් ජුදාස් බවටද මතයක් පවතිනවා.ඒ නිසා 13වන අසුනේ හිදගන්නා අයෙකුට අවාසනාවන්ත ඉරණමකට මුහුනදීමට සිදුවන බව බටහිර මිනිසුන් විශ්වාස කරනවා.ක්‍රිස්තියානි මූලාශ්‍ර වලට අනුව කුරුසයේ තබා ඇන ගැසූ දවසට පසු දවසේ ජුදාස් සියදිවි නසාගත් බවට පැවසෙනවා.ඒ වගේම අවසාන භෝජනය 13වන දිනයේ පැවැත්වුනු අතර කුරුසයේ තබා ඇන ගසනු ලැබුවේද 13වන සිකුරාදා දවසකයි.එකල යම් කිසි අපරාදයකට මරණ දඩුවම ලැබුනොත් 13 කියන අංකය කොතරම් අවාසනාවන්ත අංකයක්ද කියා වැටහේවි.මොකද එල්ලුම් ගසට පිවිසීමට තිබුණ පඩිපෙලේ පඩි 13ක් තිබීමය.ඒවගෙම මයාකාරියන් සිටියේ 13කින් යුතු කණ්ඩායම් වශයෙනි.අංක 13 ශාපලත් අංකයක් බව අභ්‍යාවකාශයටත් වලංගු බව ඇති කරමින් සඳ මතට මිනිසුන් රැගෙන යාමට සූදානමින් සිටි ඇපලෝ 13 මෙහෙයුමේදී හදිසියේම ඔක්සිජන් ටැංකියක් පුපුරායාම නිසා සඳමත ගොඩබැසීම අවලංගු කරනු ලැබූ අතර වාසනාවකට දින 6කින් ගගනගාමීන් නැවත පෘථිවියට පැමීනීමට හැකි වුනා.අංක 13 වගේම සිකුරාදා දවසත් අවාසනාවන්ත දවසක් සේ සැලකෙනවා.බටහිර ඉතිහාසයට අනුව ජේසු තුමන් කුරුසයට තබා ඇන ගැසුවේද බයිබලයේ කියවෙන මහා ගංවතුර ඇතිවුනේද සිකුරාදා දිනයකමයි.රෝමය තුල සිරකරුවන්ට මරණය ලබා දුන්නේද සිකුරාදා දිනයකයි. මෙන්න මේක තමයි කතාව.



