15 පුතා 26 කතට බන්දන්න පොලීසියෙන් ඉල්ලයි

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින තම 15 හැවිරිදි පුතා මාලඹේ ප්‍රදේශයේ 26 හැවිරිදි කාන්තාවක සමග පවුල් ජීවිතයක් ගත කරන බැවින් ඒ දෙපළ විවාහ කරදීම සඳහා නීතියෙන් අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින් පිරිමි දරුවාගේ දෙමව්පියන් විසින් පෙරේදා (14) පෙරවරුවේ අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
මෙම කාන්තාව මීට පෙරද නීත්‍යානුකූලව විවාහ වී සැමියා මේ වනවිට ඇය අත්හැර ගොස් සිටින බවත් 15 හැවිරිදි දරුවකු සමග විවාහවීමට ඇයගේ දෙමාපියන් තදින් විරුද්ධ බවත් පොලිස් ප්රරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.
පිරිමි දරුවා තවමත් ගත කරන්නේ ළමා කාලය බැවිනුත් මෙම කාන්තාව වැඩිහිටි අයෙක් බැවිනුත් මෙම විවාහයට අවසර ලබාදුන හොත් අනාගතයේදී ප්‍රශ්න රැසක් මතුවන බැවිනුත් එම විවාහයට අවසර දිය නොහැකි බව පොලීසිය පවසා ඇත. එවැනි ගැටළුවක් ඇතිවීම වැලැක්වීම පොලීසියේ රාජකාරිය බවත් පවසා ඇත.
මෙවැනි පැමිණිල්ලක් තමන්ට ලැබුණු පළමු අවස්ථාව මෙය යැයි පොලිස් නිලධාරීහු පවසති.
source : http://www.lankatruth.com

Ela 