15 හැවිරිදි දැරියට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට 😠😠😠

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113

    Rape.jpg


    පහළොස් හැවිරිදි පාසල් සිසු දැරියකට අතවරයක් සිදුකිරීම හා බරපතළ අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධව උපකාරක පන්ති ගුරුවරයකු කිරිබත්ගොඩ පොලිසිය මගින් ඉකුත් සෙනසුරාදා (27දා) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙහිදී අතවරයට ලක් පාසල් දැරිය 10 වන වසර පන්තියේ අධ්‍යාපනය ලබන අතර ඇය විෂයයන් කිහිපයක් ඉගෙන ගැනීම සඳහා පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යයි. එහිදී සැකකාර ගුරුවරයා විසින් ඇයගේ ජංගම දුරකථනයට ඇය එපා කියද්දී විවිධ පණිවිඩ එවමින් ඇය මානසික පීඩනයකට ලක් කර ඇතැයි කියති.

    මේ සම්බන්ධව කිරිබත්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කොට එම සැකකාර උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පන්ති ගුරුවරයා එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන කුලසිංහ (10789) හා අලුත්ගේ (100478) යන නිලධාරීහු විසින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    දැන් මේකේ මේ කියන විදියට ෆෝන් එකට මැසේජ් එවපු එකද බං බරපතල අපචාරය..?