15 හැවිරිදි පිරිමි දරුවාට අතවර කර එක්‌දරු ම
කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිව සිටි හා එම ප්‍රදේශයේම ඇඟළුම් කම්හලක සේවය කළ 29 හැවිරිදි විවාහක කාන්තාවක විසින් වයස අවුරුදු 15 ක පාසල් සිසුවකු රවටා මහියංගන ප්‍රදේශයට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්‌කර එම පිරිමි ළමයා අතරමංකර පලාගොස් ඇතැයි කොටදෙණියාව පොලිසිය සඳහන් කරයි.
මහියංගනය ප්‍රදේශයට ගොස් එහි නැවතී 15 හැවිරිදි පිරිමි ළමයා අතරමං කොට පලාගොස් ඇති මෙම කත එක්‌දරු මවකි. අතරමං වූ ළමයා පසුව ලොරියක නැගී කොටදෙණියාව ප්‍රදේශයට පැමිණ තිබේ. මෙකී කතගේ සැමියා හා දරුවාද කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිව සිටිති. අපයෝජනයට ලක්‌ව ඇති පිරිමි ළමයා මාර්තු 15 වැනිදා උසාවියට ඉදිරිපත් කරන ලදී.
මෙම සිද්ධියට අදාළ පිරිමි ළමයාගේ මව විසින් මේ පිළිබඳ කොටදෙණියාව පොලිසිය වෙත පැමිණිල්ලක්‌ද ඉදිරිපත් කරනු ලැබ ඇත.
අදාළ කාන්තාව හැකි ඉක්‌මනින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව කොටදෙණියාව පොලිසිය කියයි.
divaina
15 හැවිරිදි පිරිමි දරුවාට අතවර කර එක්‌දරු මව පැනලා