18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන බවත් ඇතැම් විට එම පුද්ගලයන්ට පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට පවා සිදුවුනු ඇති බවත් වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපුල් ජයවර්ධන මහතා කියා සිටී.

    එමෙන්ම ලබන වසරේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, ලියාපදිංචිය පැවරීම, ජංගම ගිණුම් විවෘත කිරීම ආදී කාර්යයන් සඳහා ආදායම් බදු අංකයක් ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේකේ නම් හොඳක් තියෙනවා. හැබැයි වැඩ ගොඩක් වෙයි ඕකෙන්. අනික ලංකාවේ දෙයක් කරගන්න ගියාම වෙන පරක්කුව තවත් වැඩි වෙනවා.

    මොනවා වුනත් ජනතාව හොරුන්ට හොරා කන්න බදු ගෙවන්න කැමති නෑ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,863
    113
    Colombo, Sri Lanka
    අපෙන් බදු ගත්තට පාර්ලිමේන්තුවේ ඉන්න අය්යලා ටික සහනාදාර වලින් ජිවත් වෙන විදිහට තමයි ඉන්නේ.ඔය එකෙක්වත් බදු ගෙවන උන් නෙවෙයි
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මේක අහපු අපේ සීයා -

    download (1).jpg