18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...

polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    වලිගෙ පෑගිලාද?



    සිංහ ලේ කීව හම සම හරක් ට ලෙල්ලට තද වෙනවනේ?

    තද වෙන්න දෙයක් නැහැ පොඩ්ඩක් මේක හිතන්න
    හැම ජාතියකටම හැම ආගම් වාදියෙකුටම තමන්ගේ ජාතිය ආගම වෙනුවෙන් අයිතිවාසිකමක් තියෙනවා. එහෙම වෙනකොට සිංහල ජාතියටත් එහෙම අයිතියක් තියෙන්නේ ඕනේ. දැන් මේ සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඒ වෙනුවෙන් හඩ නගන්නේ ඔය තද වෙලා කෑ ගහන අය ද? එහෙම කියල කිසිකෙනෙක් නැහැ.

    ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම අය බීරි අලි වගේ - සඟ නායකයන් වහන්සේලා නිදි - හෙළ උරුමය වෙනුවෙන් ඉදිරිපත් වුන පක්ෂය දියාරුවෙලා දියවෙලා ගිහිල්ල. මුලදී කීදෙනෙක් හිටියද? දැන් කී දෙනාද ඉතිරි? දැන් එයාල පෞද්ගලික මට්ටමේ දේශපාලනයට යොමුවෙලා.

    ඔය තදවෙලා කෑ ගහන අය දන්නේ හැම දේම වැරදියි කියන මතය ලෝකයට කියන්න විතරයි.

    ලංකාවේ යුද්දේ ට පෙර කාල සීමාවට පොඩ්ඩක් මතක අවදි කරන්න. සිංහලයාගේ දෙමලාගේ සන්හිදියාව ගැන සිංහල අපි ගීත කීවා - ටෙලි නාට්‍ය පෙන්නුවා - චිත්‍රපට හැදුවා - සත්‍යග්‍රහ - පාද යාත්‍රා පැවැත්වුවා නමුත් කොටි අපිට දිගට හරහට ගැහුවා. අනුකම්පාවක් දැක්වුයේ නැහැ.

    සිංහල අපේ නිජබිම් ගම්මාන (කුරගල එක උදාහරණයක් ) මුස්ලිම් ජනයා අත්පත් කරගෙන - පොදු වනාන්තර උන්ගේ කරගෙන - මාර්ග වල නම් පවා මුස්ලිම් නම් බවට වෙනස් කරගන. සිංහල අපි ඒ ගැන කතාකලහම ජාතිවාදය කියන ලේබලය ගහනවා. ඒ ගැන කතාකරනවාට විරුද්ධව නීති පවා පනවන තත්වයට දැන් ලංකාව පත් වෙලා. මම මේ සදහන් කරලා තියෙන්නේ උදාහරණ 1-2 විතරයි. හලාල් කරණය - ශරියා නීතිය වැනි අපිට අදාළ නැති නීති පවා අප රටේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගන .

    දෙමල අයට යන්න ඉන්දියාව - මුස්ලිම් යට යන්න මැදපෙරදිග රටවල් වත් තියෙනවා. සිංහල අපිට යන්න තැනක් කොහෙද තියෙන්නේ? බ්රූනායි රාජ්‍යයේ මුස්ලිම් ජනගහනය වැඩි වීමත් සමග ක්‍රිස්තියානි පල්ලි තහනම් වෙලා - නත්තල් පුජා තහනම් - ක්‍රිස්තියානි ජනතාව පාරට වැටිලා
    (http://www.aljazeera.com/news/2015/12/somalia-bans-christmas-year-celebrations-151223180327602.html)

    සිංහලයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන සන්විදානයකට සහය දීම හැර වෙන විකල්පයක් නැහැ. දැනටත් අපි ප්‍රමාදයි . සිංහ ලේ එපා කියන කට්ටිය අපි සිංහල ජනතාව වෙනුවෙන් කලයුත්තේ කුමක්ද කියා නොකියන්නේ අයි? පුලුවන් නම් කියපියව් !
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සිංහ ලේ

    මේ දිනවල භහුලවම කතා වෙන මාතෘකාව. ඇතැමෙක් එය හොද ලෙසත් තවකෙක් එය නරකක් ලෙසත් දකී. සමහරැ සෑම දේම රැල්ලට ගනී.

    රෙන්බෝ කොඩියක් දැමූ වෙලේ සැවොම එය දාගත්තෝය. තමන් නොදැනීම තමන් සමලිංගිකයෙකු විය. ප්‍රංශෙට බොම්බ දාපු වෙලේ හැමෝම ප්‍රංශ කොඩියක් දාගත්ත. ගොඩක් උන් ලෝක සිතියමේ ප්‍රංශෙ කෙහෙද තියෙන්නෙ කියල වත් දන්නෙ නෑ. දැන් සිංහ ලේ කොඩියක් දා ගන්නව.

    ඇත්තටම තමන් නියම ආකාරයේ දැනුමකින් සිංහ ලේ කොඩිය දාගන්නව නම් මමනම් ඒක අනුමත කරනව. නොදැන රැල්ලට දැම්මත් කමක් නෑ තමන් නියම සිංහලයෙක් නම්.
    මාගේ ප්‍රධාන මාතෘකාව මෙය නොවේ.

    බොහෝ දෙනා දැන් පෝස්ට් දානව මගෙනම් සිංහ ලේ නෙවේ මිනිස් ලේ කියා. ඔවුන් පවසන්නෙ ඔවුන්ගේ අම්මා සිංහයෙකු සොයා වන ගත නොවුනු බවත් පියා නොමැති අවසුථාවේ සිංහයා ගෙය තුලට නොපැමිණි බවත් ය. එය සැබෑවකි. සිංහ ශුක්‍රණුවක් ගැහැනියකගේ යොනියකට ගියාට මනුස්ස ජීවියෙක් ඇති වන්නේ නැත.
    තවකෙක් පවසන්නේ මස් බුදින සිංහයා වැනි සතෙක් සිංහල ජාතිය වෙනුවෙන් ආදේශ කරන්නට මොන තරම් පිළිකුලක් ඇතිද කියා.
    ඒ සියල්ලටම කරැණු පහදන්නම්.

    ඇත්ත සිංහය කියන්නෙ මස් කන සතෙක්. එහෙනම් ඇයි බෞද්ධ කතා වල බුදුරජාණන් වහන්සේව සිංහයාට උපමා කරල තියෙන්නෙ. සිංහයා කියන්නෙ කිසිවිකුටත් භිය නැති කිසිවෙකුටත් යටත් නැති ඉතා තේජවන්ත සතෙක්. අන්න ඒක හින්ද තමා උගෙ රෑපයක් අපේ ජාතික කොඩියට යොදල තියෙන්නෙ. අනික කියමනක් තියනව වයසට ගියත් සිංහයා තණකොල නුබුදී කියල. ඒ කියන්නෙ සිංහයාගේ ප්‍රතිපත්තිය කිසිවිටෙකත් නොවෙනස් කියන එක. එවැනි සිංහ ලේ නැති මනුස්ස ලේ තියන උදවිය තමා ඔය රට පාවා දෙන්න උත්සහ කරන්නෙ.

    දැන් උඹල හිතනව ඇති මම අන්තවාදියෙක් කියල.
    නෑ මම අන්ත වාදියෙක් නෙවේ. ජාතිවාදියෙක් සිංහල වෙනුවෙන්. අගම් වාදියෙක් බෞද්ධ දර්ශනය වෙනුවෙන්.

    රිදෙන අයට ගොඩක් රිදෙයි. ඇත්ත. ඇත්ත තිත්තයි. ලෝකය හමුවේ මම සිංහලයෙක් කියන්න ගොඩක් අය ලැජ්ජයි. ඉංගිරීසි කෑල්ලක් දෙකක් නොදා කතා කරන්න ලැජ්ජයි. අන්න එතනයි මිනිස්සුන්ට වැරදුනේ.

    තවද සදහන් කල යුතු යමක් ඇත. සිංහ ලේ යනු සිංහලේ යන අරැතයි. එම වචනය දෙකට වෙන් කොට ලේ යන්න රතු පාටින් අර්ථ දැක්වූ විට එයින් අර්ත දෙකක් නිරෑපනය වේ. එය තේරැ ගත නොහැකි අමුතු ජීවීන් කොට්ටාසයක් මගෙනම් තියෙන්නෙ සිංහ ලේ නොව මනුස්ස ලේ යැයි කියා විවිධ කරැණු ඉදිරිපත් කරයි.

    මෙම පෝස්ට් එක කියවා මා සමග විරසක නොවී යතාර්ථය තේරැම් ගන්නවනම් ලොකු දෙයක්.
    දෙමළා උගෙ ආගම ජාතියට පණ වගේ ආදරෙයි. ඕක ගැන මාර ආඩම්බරෙන් කතා කරන්නෙ.
    මුස්ලිම් මනුස්සයත් එහෙමයි.
    සුද්දත් එහෙමයි. උන් කවදාවත් උන්ගෙ ජාතිය බාල්දු වෙනවට කැමති නෑ.
    ඒත් සිංහල අපි සිංහ ලේ කියල ආඩම්බර වෙන්න කරැණු තියනකොට ඒකත් සමච්චලේට අරගෙන විකාර නටන සමාජයක් මේක.

    මුස්ලිම් උන්ට උන්ගේ ජාතිය අගනේය, දෙමල උන්ටත් එසේමය.එහෙත් කරුමෙකට වාගේ අපේ සිංහලේ කොටසකට තම ජාතිය වහ කදුරු වාගේය.තමන්ගේ ජාතිය සිංහලේ කියන්නට ලැජ්ජා වන මානව පරිණාමවාදය විශ්වාස කරන උන් හට කියන්නට ඇත්තේ තොපි වදුරන්ගෙන් පැවත එන බැවින් තොපේ ජාතිය වදුරු ලේ බවය.

    (බුකියෙන් උස්සන ලදී)
     

    Dileepa_J

    Active member

  • සිංහ ලේ එපා කියන කට්ටිය අපි සිංහල ජනතාව වෙනුවෙන් කලයුත්තේ කුමක්ද කියා නොකියන්නේ අයි? පුලුවන් නම් කියපියව් ![/SIZE]

    අැයි උඹ ඔය ප්‍රශ්නෙ යුද්ධෙ කාලෙ අැහුවෙ නැත්තෙ? යුද්‍ධෙ කාලෙ උඹ අඩු ගානේ කෑම්ප් ඒකකටවත් ගිහින් තියෙනවද? ඒ කාලෙ උඹේ අැඟේ තිබ්බෙ මොන ල් ද? නැත්නම් උඹ ඒ කාලෙ සිංහල නෙමේද?