18+ අරක ගැන වැරදි මත

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    18+ අරක ගැන වැරදි මත

    උපත් පාලන ක්‍රම දැන් දැන් ඉතා බහුලව යොදා ගන්නා අතරම බොහෝ දෙනා අතර පවතින අවිධිමත් මත සහ දැනුවත් කම නිසා අදාළ ප්‍රතිපල මග හැරෙන අවස්ථාද බහුලයි.
    මෙයට හේතුව ලිංගික දැනුම සම්බන්ධව පවතින ගැටළුයි.
    කෙසේ වෙතත් මෙවැනි වැරදි මත හේතුවෙන් ඔබට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවේවි.
    අනවශ්‍ය දරු උපතක් කියන්නේ විශාල ගැටළුවක්. මේ නිසා උපත් පාලනය හා සම්බන්ධ වැරදි මත මොනවාදැයි හඳුනා ගැනීම වැදගත්.
    .
    මව් කිරි දෙන කාල සීමාවේදී දරුවෙක් පිළිසිඳ ගන්නේ නැද්ද?
    මව් කිරි දෙන කාල සිමාවේ දරුවන් පිළිසිඳ ගැනීම් සිදු නොවන බවට මතයක් පවතියි.
    මෙම කාලසීමාවේදී ඔසප් වීම පරක්කු වීමට ඉඩ ඇති නමුත් එම කාලයේදී පවා ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම සිදු වේ.
    එම නිසා මව් කිරි දෙන කාන්තාවන්ද උපත් පාලන ක්‍රම අනුගමනය කිරීම වැදගත් වේ.
    නමුත් මේ කාලයේදී භාවිතා කරන ක්‍රම ගැන වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
    .
    කාන්තාවක් සුරතාන්තයට(orgasm) ට පත් නොවේනම් දරුවෙකු පිළිසිඳ ගන්නේ නැද්ද?
    මෙය ඉතා වැරදි මතයකි. පිරිමියෙකුගේ ශුක්‍රානු හා ගැහැණියකගේ ඩිම්බ එකතු වූ විට ගැබ් ගැනීමක් සිදු වේ.
    කාන්තාවක් සුරතාන්තයට පත්වීම හෝ නොවීම ඒ සඳහා අදාළ නොවේ.
    .
    සංසර්ගයෙන් පසු ගලා යන ජලයෙන් සේදීමෙන් ගැබ් ගැනීම වැළක්විය හැකිද?
    සේදීම උපත් පාලනය සඳහා විසඳුමක් නොවේ. ශුක්‍රාණු පිටවීමකින් පසු එය කාන්තාවකගේ ගැබ්ගෙලට ඇතුළු වී අවසාන බැවින් මෙය නිවැරදි මතයක් නොවේ.
    .
    ස්ත්‍රියකගේ සරු කාල සීමාව මසකට එක් වතාවක් පමණක් පැමිණෙන නිසා ආරක්‍ෂිත කාල සිමාවේ ලිංගිකව එක වීමෙන් දරු උපතක් සිදු නොවීම අනිවාර්යිද?
    මෙවැනි වැරදි මතයක් ඇති වීමට හේතුව වන්නේ ඔසප් චක්‍රය ඇතිවීම හා සම්බන්ධ වැරදි මතයි.
    සාමාන්‍ය කාන්තාවකගේ ඩිම්බ සංසේචනයක් සිදු වී නොමැති නම් ඔසප් වීමක් සිදු වේ. වයස, බර, විවිධ බෙහෙත් වර්ග හා ආතතිය වැනි හේතු නිසා හෝමෝන තත්ත්වයේ අඩු වැඩි වීම් හරහා ඔසප් චක්‍රයේ යම් යම් වෙනස් කම් සිදු වීමට ඉඩ ඇත.
    එම නිසා ආරක්‍ෂිත කාල සිමාව පිලිබඳ අනාවැකි පළකිරීම නිෂ්ඵල දෙයකි.
    .
    සිටගෙන සිටින ඉරියව්වෙන් ලිංගිකව එක වීමෙන් දරුවකු පිලිසින්දගන්නේ නැද්ද?
    සමහර පිරිස් අතර ලිංගිකව එක්වීමේදී නිශ්චිත ඉරියව්වක් තිබිය යුතු බවට මතයක් පවතී.
    සිටගෙන සිටින ඉරියව්වෙන් ලිංගිකව එක්වීමෙන් ශුක්‍රානු පිටතට යමක් සිදු වේ යයි සිතීම මෙයට හේතුවයි.
    නමුත් සංසර්ගයේදී ඉරියව්ව වැදගත් නොවේ. ශුක්‍රාණු පිටවීමකින් අනතුරුව ඒවා ක්ෂණිකව ගර්භාෂ නාලය හරහා ගමන් කිරීම ස්වාභාවිකවම සිදු වේ. එම නිසා මෙම මතය ඉතා වැරදි මතයකි.
    .
    කොන්ඩමයක් වෙනුවට වෙනත් විකල්ප ආවරණයක් යොදාගැනීම සුදුසුද?
    මෙවැනි ක්‍රම අත්හද බැලීම අනවශ්‍ය ගැටළු රැසකට මග පාදයි. ආරක්‍ෂිත ලිංගික එක වීමක් සඳහා වැඩි සාර්ථක හා පිළිගත් ක්‍රමය කොන්ඩම් භාවිතයයි.
    .
    ශුක්‍රාණූ පිට වීමට ප්‍රථම සංසර්ගය නැවැත්වීමෙන් ගැබ් ගැනීමක් සිදු වන්නේ නැද්ද?
    සමහර අවස්ථා වලදී පිරිමියෙක් සුරතාන්තයට පත්වීමට ප්‍රථම ශුක්‍රාණු පිටවීමක් සිදු වීමට ඉඩ ඇත.

    .
    එම නිසා අනවශ්‍ය අවදානමක් ගැනීමට වඩා ලිංගිකව එක් වීමදී ආරක්‍ෂිත ක්‍රම භාවිතය හොඳ පිළියමකි.
    ප්‍රථම වරට ලිංගිකව එක වීමේදී දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදු නොවේ
    කාන්තාවක් අනාරක්ෂිත ලිංගිකව එක්වීමකින් පසු ගැබ්ගැනීමක් සිදු වීම සාමාන්‍ය සිදු වීමකි. එය පළමු අවස්ථාවේ කියා විශේෂත්වයක් නැත.
    .
    සංසර්ගයෙන් අනතුරුව නෑමෙන් හෝ මුත්‍ර පිට කිරීමෙන් පිළිසිඳ ගැනීමක් සිදු වන්නේ නැද්ද?
    ඒ වන විටත් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වී ඇති බවින් නෑමෙන් හෝ මුත්‍ර පිට කිරීමෙන් පිළිසිඳ ගැනීමක් වලක්වා ගත නොහැක.
    .
    පෙති භාවිතා කිරීමෙන් පමණක් සාර්ථක හා ඉක්මන් ප්‍රතිපල ලබා ගත හැකිද?
    සමහර කාන්තාවන්ට ඔසප් චක්‍රය නිසියාකාරව ක්‍රියාත්මක වීම සඳහා පෙති හෝ හෝමෝන ලබාගැනීම අවශ්‍ය වේ.
    මේ නිසා සමහර වෛද්‍යවරුන් පෙති ලබාගන්න පළමු මාසය තුල අමතර ආරක්‍ෂිත ක්‍රම වේදයක් නියම කරනු ලබයි.
    ඉතින් මේ සියල්ල සලකා බලමින් ඔබ යොදා ගන්නා උපත් පාලන ක්‍රමය සහ එහි නිවැරදි භාවිතය ගැන වෛද්‍ය වරයෙකුගෙන් අසා දැනුවත් වීම ඇඟට ගුණයි.


    http://www.tharunaya.us/news/sinhalanews-sex-1426778698.html
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    pregnant da kiyala gedara idan check kaaranne kohomada ban? danna ekek kiyapan balanna.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සිටගෙන සිටින ඉරියව්වෙන්......

    1655944.gif
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මචන් උබලට ඔවා අදාල නෑ පුතේ ඔයාලට දීලා තියනවනේ පොතක්ම අල්ලා කොහොමද හරියට කරන්නේ කියලා පුතේ ඒක නිසා මේවා උවමනා නෑ පොතේ හැටියට කරපන් මයි පුතා අල්ලාහුවක් බර්!:P:P:P