(+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්...

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    1).මානසික රෝග කියන්නේ මොනවද
    හිත ලෙඩ වෙන එකට

    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
    හිත සහ කය කියන්නේ දෙකක් කියල උගන්නල තියෙන නිසා

    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
    පිස්සුවක් කියන වචනය

    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
    විකාරෙන් ( පිස්සුවෙන්) වගේ හැසිරෙන හෝ දොඩවන කෙනෙක්

    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
    ඇත. අනෙක් අයට වැඩ වෙනස් සම්මත නොවූ අධි ක්‍රියාශීලී හැසිරීමක්

    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
    ඔව්

    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
    බෙහෙත් සහ උපදේශනය ලබාගැනීම

    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
    -

    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
    -

    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
    ඔව්

    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
    එහෙම කොහොමද කියන්නේ.අද වෙනකොට ගොඩක් අය මේ ගැන කතා කරනවා.නැත්නම් උපදේශනය කියන සංකල්පය තියෙන්න විදියක් නෑ නේ.
    පන්සලෙත්, පල්ලියේත් ආගමික නායකයින්, ගුරුවරුන් වැඩිහිටියන් මේ හැමදෙනාම මෙය ස්වේච්චාවෙන් කරනවනේ.

    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
    උපදේශනයට යොමු කිරීම.සුභවාදී වටපිටාවක් සකසා දීම.

    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
    ප්‍රශ්නය පැහැදිලි මදි

    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
    මරණය හෝ සදාකාලික දුක. නමුත් මානසික රෝගියාට දුක කියන දේ දැනෙනවාද නොදනී. කෙස්වෙතත් අවසානය ඛේදනීයයි.

    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
    තියෙනවා.

    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
    සුදුසුකම් ලැබූ මනෝ වෛද්‍යවරයෙකුගෙන්

    17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
    මනෝ වෛද්‍යවරයක්

    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
    කතා බැහැ කිරීම තුලින් නතජෝත් භාෂණය තුලින්, අදහස් හුවමාරු කරගැනීම තුලින් මිනිස් හිත යත තත්වයට පත් කිරීම. සංකීර්ණ තත්වයකදී බෙහෙත් භාවිතාකරයි.

    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
    නිසි ආකාරයට සුදුසුකම් ලැබූ අයෙකුගෙන් හෝ මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලැබීමෙන් නිට්ටාවට සුවපත් වීමටද හැකි වේ.අවම වශයෙන් පාලන කරගැනීමට ඔ හැකිවෙයි.

    20).මේ ප්‍රශ්න මාලාව ඔබෙන් ඇසු සහ ත්‍රෙඩ් එක දැමු පුද්ගලයාට මානසික ප්‍රශ්නයක් තිබේද?තිබේ නම් එය කුමක්ද?සුව කල හැකිද?:rolleyes::rofl:
    තිබේ. කොරියන් පිස්සුව. සුව කල නොහැක.මන්ද එය එය ඔහුගේ බොක්කෙන් පැමිණි රෝගයක් නිසා...
    :shocked:
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    restart

    Member
    Dec 25, 2010
    392
    17
    0
    srilanka
    mama hithana widiyata pudgalyekuta muhanadimata siduwana dedi kampanayan pidanayan anapeksitha thathwayan nia ho janamaya laksana hethuwen athiwena mole homona kriyakarithwaye wenaswim matha athiwena roga bada.

    bahulawa dakina puluwan manasika roga 3k me..............

    1.wisadanaya(sankaawa)
    adika nidimatha,kamelikama,samaja asrayata athi akametha,anagatha bala porothu nomethi wima.............

    2.adika sekaya
    an aya anawasya lesa seka kirima,semawita sekayen jiwath wima

    3.adikalesa tharaha yama
    nitharama family aya samaga hithawthun samaga getum ha prasna athi karagenika

    mewath rogada neda.................................

    rajaye siksana rohal walin nomile beheth gana puluwan
     
    • Like
    Reactions: Randike Mendis

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    20).මේ ප්‍රශ්න මාලාව ඔබෙන් ඇසු සහ ත්‍රෙඩ් එක දැමු පුද්ගලයාට මානසික ප්‍රශ්නයක් තිබේද?තිබේ නම් එය කුමක්ද?සුව කල හැකිද?:rolleyes::rofl:
    තිබේ. කොරියන් පිස්සුව. සුව කල නොහැක.මන්ද එය එය ඔහුගේ බොක්කෙන් පැමිණි රෝගයක් නිසා...
    :shocked:

    පසුවට ලියමි..
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Cym4C8h.jpg

    ත්‍රෙඩ් එක සැකසීමට මූලාරම්භයක් ලෙස
    මම පොඩි පැන කිහිපයක් ඔබට යොමු කරනවා.
    ඉස්සෙල්ලම කියන්න ඕන 18+ දැම්මේ අපේ රටේ සමාජගත විය හැකි
    දැනුම් පරිශ්‍රයක් ලැබිය හැකි වයස්කාණ්ඩයේ ආරම්භය 18 න් තමා පටන් ගැනෙන්නේ..
    :)
    සමාජයේ ගැවසෙන නිසා මේ සම්බන්ධයෙන් යම් අගයකට සාර්ථක පිළිතුරකින් මට සහය වීමට ඔබට හැකි වේවි..:dull::dull:
    මට හිතෙන විදියට,
    1).මානසික රෝග කියන්නේ මොනවද
    ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් ගොදුරු විය හැකි රෝග.
    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
    මේවා බෝ නොවන රෝග වේ.
    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
    පැහැදිලි අදහසක් නැත.
    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
    එක විදිහක කෙනෙක් කියල නැ.
    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
    ඔව්. එම පුද්ගලයාගේ හැසිරීමෙන්.
    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
    නොදනී.
    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.
    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?
    ඇත්තටම ඒවගේ රෝගයකින් පෙලෙන කෙනෙක් හරියටම හදුනාගන්න විදිය දැනගන්න කැමති.
    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
    ඔව්.
    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
    හුගක් අය ඒ ගැන නියම විදියට දැනුවත් වෙලා නැති නිසා.
    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
    කෙසේ හෝ අදාල තැනැත්තා නිසි ප්‍රතිකාර සදහා යොමු කිරීමට උත්සහ කිරීම.
    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
    පැහැදිලි අදහසක් නැත. නමුත් ඉන් ජිවිතයට බොහෝ දෑ අහිමි විය හැක.
    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
    පැහැදිලි අදහසක් නැත.
    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
    දන්නතරමින් ඇත.
    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
    අදාල සායන සහිත රජයේ සහ පෞද්ගලික රෝහල් මගින්.
    17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
    අදාල වෛද්‍යවරුන් මගින්.
    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
    පැහැදිලි අදහසක් නැත.
    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
    දන්නතරමින් ඔව්.

    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    20).මේ ප්‍රශ්න මාලාව ඔබෙන් ඇසු සහ ත්‍රෙඩ් එක දැමු පුද්ගලයාට මානසික ප්‍රශ්නයක් තිබේද?තිබේ නම් එය කුමක්ද?සුව කල හැකිද?:rolleyes::rofl:
    තිබේ. කොරියන් පිස්සුව. සුව කල නොහැක.මන්ද එය එය ඔහුගේ බොක්කෙන් පැමිණි රෝගයක් නිසා...
    :shocked:

    පසුවට ලියමි..
    :lol::lol::lol::lol: :lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thanks for your valuble feedback.......

    utthara tika lokuine.. vistharathma uttharada oni.?

    mama hithana widiyata pudgalyekuta muhanadimata siduwana dedi kampanayan pidanayan anapeksitha thathwayan nia ho janamaya laksana hethuwen athiwena mole homona kriyakarithwaye wenaswim matha athiwena roga bada.

    bahulawa dakina puluwan manasika roga 3k me..............

    1.wisadanaya(sankaawa)
    adika nidimatha,kamelikama,samaja asrayata athi akametha,anagatha bala porothu nomethi wima.............

    2.adika sekaya
    an aya anawasya lesa seka kirima,semawita sekayen jiwath wima

    3.adikalesa tharaha yama
    nitharama family aya samaga hithawthun samaga getum ha prasna athi karagenika

    mewath rogada neda.................................

    rajaye siksana rohal walin nomile beheth gana puluwan

    මුලින්ම.බොහොමත්ම ස්තූතියි අදහස් දැකිවීම ගැන..
    ප්‍රශ්නයෙක් අහලා තිබුණ නිසා මම පිළිතුර දෙන්නම්..
    මානසික රෝග ගැන ප්‍රධාන හුය තුළදි කතා වෙන නිසා
    මම ඒ ගැන දැනට මුකුත් නොකියමි.
    :dull::dull::dull:

    ඔබ නිවැරදියි.:):) බහුලව දැකිය හැකි රෝග වලින් එකක් තමා විශාදය (Depression)
    ඔබ කියලා තියෙන රෝග ලක්ෂණ විශාදය සතුයි.
    කාන්සිය (Anxiety) කියන්නේ වෙන රෝගයක්.:)
    වගේම අධික සැකය (Persecutery Delusion) ප්‍රධාන රෝගී ලක්ෂණයක්.:) විශාදයේ එක් අංශයක් කියන්නත් පුලුවන් වගේම
    අධික තරහා යාම (Aggressive) කියන්නෙත් රෝගයක්ම නෙමෙයි ප්‍රධාන රෝග තුළ පවතින ලක්ෂණයක්..:)
    (නිවැරදි කිරීමක් කලේ..)

    වැඩි දුර විස්තර ප්‍රධාන හුය තුළින් දැනුවත් කරන්නම්..
    බොහොම ස්තූතියි.
    11.gif
    11.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::shocked::sorry:

    දැනට මං සරල උත්තරයක් දෙන්නම් මචන්
    මං දන්න තරමින් මනස කියන දේ ගැන මුලින්ම අපිට කියල දෙන්නේ බෞද්ධ දර්ශණයෙන්
    ඒක හින්දා ඔය ප්‍රශ්ණ වලට උත්තරත් එහිම අන්තර්ගත වෙනවා කියල මං හිතනවා
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මට හිතෙන විදියට....:oo:

    1. සමාජ බලපෑමක් ,ජාන බලපෑමක් හරි මානසික තත්ත්වය හරියට යම් අවස්තාවකට්තව නිශ්චිතව අනුවර්තනය වෙන්න බැරි නිසා ඇති වෙන තත්ත්වයක්....:shocked:
      සෑම පුද්ගලයකුටම කුඩා හෝ මානසික සංකූලතාවක් තියෙන්න පුලුවන්.
    2. මානසික රෝග දීර්ග කාලීන යි කායික රෝග කෙටි කාලීනයි
      අනික මානසික රෝගයක් කායික රෝගයකට වඩා දරුණුයි
    3. අංගොඩ මානසික රෝහල සහ උණවටුන මානසික රෝහල
    4. විකාර කියව කියව ඉබ්බාගාතෙ කිසි පිළිවෙළක් නැතුව ඇවිදින පුද්ගලයෙක්:oo:
    5. දැක ඇත. පෙනුමෙන් එකවරම වෙන් කර හඳුනා ගත හැකිය
      අනික හැසිරීමෙන්
      බොහෝ විට හැසිරීම වෙනස් මම දැකල තියන එක්කෙනෙක් නම් පාරෙ දෙපැත්තෙ තියන අහක යන බඩු මල්ලක දාගෙන එකතු කර කර යනව
      අනිත් එකා කියවන එක ඌවත් දන්නෙ නෑ. දේශපාලන විද්‍යාව ගැන PhD එකකට කරුණු ලියන්න පුලුවන් බුවා ගාවට ගියා නම් ( දැකල තියන අපි පොදුවෙ මානසික රෝගීන් කියා පැහැදිලිව පිළිගන්න දෙන්නෙක් ගැන විතරයි )
    6. ඔව් ඒත් මම නෙමේ. මටත් තියනව ද දන්නෙ නෑ:no::P
    7. මානසික වෛද්‍යවරයකුට චැනල් කරනවා:frown:
    8. සතියක් වත් මිනිහගෙ හැසිරීම බලන්න වෙනවා:nerd:
    9. :dull:මම ඔය කිව්වට මම දන්නෙත් නෑ
    10. ඊට වඩා සුලභයි!
    11. සුලභතාව වැඩි නිසා පැහැදිලිව සමාජය මානසික රෝගීන් ලෙස සළකන්නෙ එක පුද්ගල කොට්ඨාසයක් පමණක් නිසා
      අනික සමාජයේ මානසික ප්‍රතිකාර කෙරේ දක්වන ලැජ්ජාව සහ බිය
      අනික නොදැනුවත්කම:baffled:
    12. පුලුවන් තරම් ඔහු මුහුන දී ඇති රෝගයට හේතු සොයා.ඊට ගැලපෙන පරිදි ප්‍රතිකර්මයක් ගොඩ නැගීම
      උදා:- බීමත්කමට ඇබ්බැහි වීම......සමාජශීලීත්වය සමග ( පමණක් අවස්ථාවල පමණි )
    13. අනේ මන් දා?අත්දැකීම් නැත.
      ඉන්න චරිතෙ කනපිට ගැහෙයි ද මන් දා?:no:
    14. මට නම් හිතෙන්නෙ කෙළවරක් නෑ කියල
      මනුස්සයෙක්ට ඔහුවම එපා කරවනව වගේ
      අනිත් හැම දේටම වඩා නීරෝගී මනසක් තිබීම උතුම්
    15. මම බටහිර වෛද්‍ය විද්‍යාවෙ මානසික ප්‍රතිකර්ම ගැන එච්චර පැහැදීමක් නෑ. මොක ද මන්දා?:nerd:
      ඒත් වෙන විකල්පයක් නෑ
      දේශීය වෙදකමේ විසඳුම් තියනවා ලු ! :rolleyes:ඒකත් හරියට දන්නෙ නෑ
      හොඳම ක්‍රමේ එයට හේතුව හොයාගෙන හරි ස්ථාවර පිළියමක් ලබා දීම.මෙය මානසික මට්ටම පහල අයට හරියන්නෙ නෑ මං හිතන්නෙ.
    16. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නම් බොහෝ දුරට ප්‍රධාන චැනල් සෙන්ටර් එකකින්:oo:
    17. මනෝ වෛද්‍යවරයෙක්
      නමුත් හොඳම ක්‍රමේ නම් තමන් මයි:baffled::P
    18. ඖෂධ වර්ග සහ මානසික හැඩගැස්වීමක්
    19. නැත. නිට්ටාවටම කියා කිව නොහැක:dull:

      මේ මගේ මතය පමණි.සත්‍ය අසත්‍යතාව පිළිබඳ මම වගකීමක් නොදරමි:nerd:
      මේක කිව්වට පඬිය කියල බනින්නෙපා:growl:.මාත් හරි ආස සබ්ජෙක්ට් එකක් මේක:P
     
    • Like
    Reactions: Randike Mendis

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    1).මානසික රෝග කියන්නේ මොනවද
    මානසික රෝගයක් අනිත් රෝග වගේ ලේසියෙන් අදුරගන්න අමාරුයි. මොකද සාමාන්‍ය අයට වඩා වෙනස් විදිහට හැසිරෙන අයත් මානසික රෝගීන් විදිහට සමහර අයට පේනවා. :baffled: .
    මනසේ ඇතිවෙන අසාමාන්‍ය වෙනසක් , සාමාන්‍ය තත්වයට වද වෙනස් වූ අවස්ථාවක් තමා බොහෝ වෙලාවට මානසික රෝග විදිහට පෙන්නේ. සමහර විට එක ලේදක්ම නෙමේ.

    2).කායික රෝග වලින් වෙනස් වෙන්නේ ඇයි ?
    සමහර වෙලාවට කායික රෝග වලට හේතුව මානසික රෝග වෙන අවස්ථාත් තියනවා.

    3).මානසික රෝග කියුවම ඉස්සෙල්ලම මොනවද ඔබට හිතට එන්නේ ?
    පිස්සන් කොටුව :shocked: .

    4).මානසික රෝගියෙක් කියුවම ඔබට හිතේ මැවෙන්නේ මොන වගේ කෙනෙක් ද?
    පිස්සෙක් :P

    5).ඔබ අවට පරිසරයේ මෙවැන්නන් දැක ඇති ද (ඔව් /නැත), හඳුනා ගත්තේ කෙසේද ?
    ඔව් අනිවාර්යෙන්ම

    6).ඔබ හෝ ඔබේ හිතවතෙකු මානසික රෝග නිසා පීඩා විඳ ඇති ද? (ඔව් / නැත / නොදනී) පිළිතුර ප්‍රමාණවත්..
    බරපතල නොවන මානසික අසහන වලින් පෙලෙන අය නම් දැකල තියනවා.

    7).ඔව්! නම්, ඒ වෙනුවෙන් මොනවද ගත්ත පියවර.
    කතා කරලා කරුණු වැටහ දීමෙන සාර්ථක ප්‍රතිපල ගන්න පුළුවන් මුල් අවස්ථාවේදීම අදුරගත්තොත්. හැබැයි වේදේ දුර ගියොත් සොරිම තමා.

    8).නැත! නම්, කොහොමද තහවුරු කර ගත්තේ.

    9).නොදනී! ඔබ වෙනුවෙන් තමා මේ හුය..ඔබ මින් අපේක්ෂා කරන්නේ කුමන දෙයක් දැන ගැනුමට ද?

    10).මේ රෝග සමාජයේ කායික රෝග තරම්ම සුළභ යි කියා ඔබ විස්වාස කරනවද?
    ඔව් කායික රෝග වලටත් වැඩ අද බහුල මානසික රෝග. හැබැයි ගොඩක් ඒවා රෝගයක් කියල කාටවත්ම බැලු බැල්මට පෙනෙන නෑ. එක තම බරපතලම කරණය. සමාජයේ අවුල් ගොඩකට මුල මේ නොපෙනෙන මානසික රෝග.

    11).සමාජයේ මේ ගැන කායික රෝග තරම් කතාවට ලක් නොවෙන්නේ ඇයි ?
    මේවා රෝග ලෙස අදුරගන්න අපහසු නිසා. සමහර විට මේ කතා කරන මටත් තියෙන්න පුළුවන් :baffled:

    12). ඔබට හෝ හිතවතෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට වූ විට කුමක් ද ගන්න ක්‍රියා මාර්ග
    හොදම දේ මුලුන්ම හේතුව හොයාගන සකච කරන්න පුළුවන් ද බලන එක.

    13).මානසික රෝග වලින් මොන වගේ දේවල් ටිකක් අපිට වෙයි ද?
    අදහසක් නැත. :P

    14).මානසික රෝග වල අවසානය ගැන මොකද්ද හිතෙන්නේ ?
    උච්චතම අවස්ථාව සිය දිවි හානි කිරීම හෝ වෙන කෙනෙකු මරන්න හිතෙන එක.

    15).මේ මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවද ?
    අනිවා තියනව. ආගමික නැබුරුව තියන හොදම ප්‍රතමධාරයක්.

    16).කොහෙන්ද ප්‍රතිකාර ලබා ගත හැක්කේ ?
    ගෙදරින් පන්සලෙන් පල්ලියෙන් උනත් පුළුවන්. නැත්නම් ඕනේ තරං දන රෝහල වල ඕකට වෙනම අංශයක් පවා තියනව මම දන්නා විදිහට. හරිද මන්ද

    17).කවුද ප්‍රතිකාර කරන්නේ ?
    සමහර ලෙඩ වලව අනිවා doctor කෙනක් ඕනේ වෙනවා.

    18).මොනවයින්ද ප්‍රතිකාර කරන්නේ ?
    බෙහෙත් හැම විටම මානසික රෝග වලට ප්‍රතිකාරය නොවේ.

    19).සාර්ථකත්ත්වයක් ලැබේවිද? ගැන මොකද හිතන්නේ ?
    අනිවා නිසි ක්‍රියා මාර්ග ගැනීමෙන නිට්ටාවට සුව කල හැක.
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    20).මේ ප්‍රශ්න මාලාව ඔබෙන් ඇසු සහ ත්‍රෙඩ් එක දැමු පුද්ගලයාට මානසික ප්‍රශ්නයක් තිබේද?තිබේ නම් එය කුමක්ද?සුව කල හැකිද?:rolleyes::rofl:
    තිබේ. කොරියන් පිස්සුව. සුව කල නොහැක.මන්ද එය එය ඔහුගේ බොක්කෙන් පැමිණි රෝගයක් නිසා...
    :shocked:
    සමාජ රෝග

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    1. ඕනෑම වෙලාවක කෙනෙක්ගේ සිතුවිලි වගේ දේවල් වල වෙනස්වීම නිසා වගේම දැඩිව මනසට බලපාන යම් හේතුවක් නිසා ඇතිවෙන විවිධාකාර රෝග.

    2. කායික රෝග වලට වඩා මානසික රෝග වලින් දැනෙන පීඩාව වැඩියි.

    3. අංගොඩ

    4. එලෝ විකාරෙන් ඒවා මේවා කියව කියව ඉන්න කෙනෙක්.

    5. ඔව්..දැකල තියෙනවා.. පෙනුමෙන් සහ හැසිරෙන විදිහෙන්

    6. නොදනී

    7. නොදනිමි.

    8.නොදනී

    9. ඒ වගේ රෝග වලට තියෙන විසදුම්..සිතේ ඇතිවෙන යම් යම් ව්‍යාකුල තත්වයන් ඇත්තටම මානසික රෝග ද කියල දැනගන්න එක.

    10. ඊට වඩා වැඩියි

    11. දැනුවත්කමක් නැතිකම නිසා.

    12. නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීම

    13. ජීවිතයට ගොඩාක් දේවල් අහිමි කරන්න පුළුවන් මානසික රෝග නිසා

    14.නොදනී

    15. ඔව්.

    16. සායන වලින් සහ රෝහල වලින්

    17. අදාළ විශේෂඥ වෛද්‍යවරු, උපදේශකවරු

    18. ඇතැම් විට බෙහෙත් නමුත් වැඩි ප්‍රමාණයක් සිතුවිලි වෙනස්කිරීම් මගින්.

    19. ඔව්.