18+ ප්‍රේතයින්

ප්‍රේතයින්ට හා හොල්මන් යකුන් වැනි අයට බය පුද්ගලයින් මෙම ලිපිය කියවීමෙන් වලකින්න... මොකද කවුරුත් මැරුනෙ නැත් ගෙයක් නැනෙ ඉතින් උබලා බයයිනම් මේක කියවලා අන්තිමට කලුවර වැටුනම එලියට යනකොට මේක මතක් උනොත් කොලයක් වැටුනත් බයවෙනවා ඒ නිසා බයනම් ඕන් කියවන්නෙ එපා.. :no:

සත්‍ය සිදුවීමක්.. :growl:

ගේදොර ඉඩකඩම්වලට වාගේ ම දූදරුවනට ඥාති හිතවතුනට දැඩි සේ ආදරයෙන් සිට මිය යන්නෝ ද මරණයේ දී රූපකාය අතහැර ගියත් නාමකාය ඒ ආදරවන්තයින් සමීපයේ ම පිහිටා ඊළඟ උපත ලබති. එයින් බොහෝ දෙනෙකු උපත ලබන්නේ ප්‍රේත ජීවීන් ලෙසය.
ඔවුන් පවුලේ කෙනෙකුට හෝ වෙනත් කෙනෙකුට ආදරයෙන් සිට මරණයට පත් වුවහොත් ඒ ඥාතියා අසල ම අඬ අඬා රැඳී සිටිති. ඔහු හෝ ඇය සමඟ අදහස් හුවමාරු කැර ගත නොහැකිව අඬ අඬා සිටිති. එසේම ඒ වේදනාවෙන් ම සිත පීඩාවට පත්වන බැවින් බාහිර දෙයක් පිළිබඳ සිතුවිලි ගොඩනඟා ගන්නට නොහැකිය. ඒ හේතුවෙන් පින් අනුමෝදන් විය නොහැකිය.


දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අමරසිංහ මේ වන විට හැට එක් වැනි වියේ පසුවෙයි. ඇඟපත වේදනාවත් හීනෙන් බියවීමත්, නිදාසිටින විට ඇඳෙන් බිමට ඇද දැමීමත් නිසා ඔහු මහත් පීඩාවකට පත්ව සිටියේය. අමරසිංහගේ පියා මියගොස් අවුරුදු දහයක් ගතවීම නිමිත්තෙන් නිවසට භික්ෂූන් වහන්සේ වඩමවා දානයක් දුන්නේ මීට මාස හයකට ඉහත දී ය. කලින් දින රාත්‍රි ධර්ම දේශනයක් පවත්වා පසු දින දහවල් දානය පිරිනමද්දී නිවසේ සිටි සියලු දෙනා ම සිටියේ ගෙයි මැද සාලයේ ය.


ඒ අවස්ථාවේ නිවස තුළ හෝ කුස්සියේ යමෙක් හඬා වැලපෙන හඬක් ඇසෙන්නට විය. ඒ අතර කුස්සියේ ‘දඩ බඩ’ හඩින් යමක් පෙරළෙනු ද අසන්නට ලැබී ඇත. මේ ශබ්දය කුමක්දැයි බලන්නට ඥාතියකු කුස්සියට යද්දී පසුපස හරවාගෙන සිටි පිරිමියෙකු දකිනවාත් සමඟ අතුරුදන් වී ගොස් ඇත. එයින් පසු නිවසේ ඇතිවූ ශබ්ද නිසාත් අරමසිංහව ඇඳෙන් බිමට ඇද දැමීම නිතර සිදුවූ නිසාත් ඇදුරන් ගෙන්වා ශාන්තිකර්ම සිදු කළ ද කරදරවල අඩුවක් නම් නොවීය. තොවිල් හතරක් ම කළේය. ප්‍රතිඵලයක් නොලැබුණි.


අමරසිංහ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ආවේය. එහි දී ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්තිය එල්ල කරන විට අමරසිංහ ප්‍රලය වී අඬන්නට පටන් ගත්තේය. අඬනවා මිසක කතා කැරවන්නට කොතරම් උත්සාහ කළත් අමරසිංහට ආවිශ්ටව සිටි ප්‍රේත ජීවියා කතා කළේම නැත. ගමේ පන්සලට ගොස් දින දහ හතරක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස අමරසිංහට උපදෙස් දුන්නේය.


බෝධි පූජා පවත්වා අවසන් කොට ඔහු නැවතත් පැමිණියේය. එදින ද අමරසිංහගේ ශරීරය තුළින් ප්‍රේත ජීවියා ආවිශ්ටව ආවේය.

aw-1.jpg


”මේ කව්ද? මේ ශරීරයට ඇතුළු වී ඉන්නේ?”

”මම විල්බට්” යැයි කියමින් ප්‍රේත ජීවියා හඬා වැලපෙන්නට විය.


”කව්ද විල්බට් කියන්නේ?”


”මම අමරසිංහගෙ තාත්තා”


”ඇයි මේ අඬන්නේ?”


”මම පුතාට ආදරෙයි”


”ඉතින් ආදරේට අඬල හරියන්නේ නැහැනේ. මොකක්ද මේ අඬන්න හේතුව?”
”මම මගේ පුතාට ආදරෙයි. මම මැරෙන වෙලාවේ මගේ පුතා ළඟ හිටියේ නෑ. ඉස්පිරිතාලෙ ඇඳ උඩ ඉඳගෙන පුතා මා ළඟට එනතුරු මඟ බලාගෙන හිටියා. පුතේ.. පුතේ.. කියලා අඬගැහුවා පුතාව බලන්න ආසාවෙන්. ඒත් පුතා එදා ගමනක් ගිහින් හිටිය නිසා මගේ අන්තිම මොහොතෙ මා ළඟ හිටියෙ නෑ.

මම පුතා නොදැක්ක දුකෙන් තමයි මැරුණෙ. අඬ අඬා මැරුණෙ. ඒ ඇ¼ඩිල්ල තවමත් තියෙනවා.”
”දැන් විල්බට් කොහේද ඉන්නේ?”


”මම කොහේ යන්නද? පුතා ළඟමයි ඉන්නේ. අඬ අඬා ඉන්නවා. දැන් අවුරුදු දහයක් තිස්සේ මේ ගෙදර හැංගිලා ඉන්නවා.”
”ඇයි හැංගිලා ඉන්නේ?”
”හැංගිලා ඉන්නේ මාව පන්නන්න හදන නිසා. දැන් හතර වතාවක් තොවිල් කළා. කට්ටඬි ආවේ මාව පන්නන්න.
බැඳලා දාන්න. මේ ගොල්ලන් තොවිලයට ලෑස්ති වෙනකොට මම පැනලා ගිහින් හැංගෙනවා. ආයෙත් ටික දවසකින් එනවා.”


photo1.jpg



”ඉතින් ගෙදරට ඉඩමට ආරක්ෂාවත් දැම්මාම කොහොමද ආයෙත් ගෙදරට එන්නේ?”
”අනේ මහත්තයා දැන් ඉන්න කට්ටඬින්ගෙ ආරක්ෂාවල් ගැන ද අහන්නේ? හුඟ දෙනෙකුට මන්තර පාඩම් නෑ. මන්තර වරද්ද වරද්දා කියන්නේ.

ඒ ඉස්සර ඇදුරන්ට හොඳට පාඩම් තිබුණෙ. දැන් ඉන්න අයගෙන් ඛ්ුඟ දෙනෙක් කරන්නේ බොරු.

සමහරු පිරිත් සූත්‍රවලින් ආරක්ෂා කරනවා. ඒත් පිරිත හරියට උච්චාරණය කරන්න දන්නේ නෑ.”


”ඉතින් දැන් ගෙදරට වෙලා මොකද කරන්නේ?”


”මම පුතා ළඟට වෙලා ඉන්නවා. පුතා උදේ හවස මට පින් දෙනවා. ඒත් මට පින් ගන්න බැහැ”


”ඇයි පින් ගන්න බැරි?”


”මට පින් පේන්නේ නෑ. පින් දැනෙන්නේ නෑ. පින් ඇහෙන්නේ නෑ.”
”ඇයි පුතා පින් දෙනවා ඇහෙන්නේ නැද්ද?”


”නෑ මගේ ඇඬිල්ල නිසා මට පින් දෙනවා ඇහෙන්නේ නෑ. පුතා ගැනමයි හිත. වෙන දේකට හිත යොමු වෙන්නෙත් නෑ.”


ගවේෂකවරයා අධිමානසික ශක්තිය යොදවා ප්‍රේත ජීවියාට ආශිර්වාද කළේය.
ප්‍රේත ජීවියාට සන්නිවේදන හැකියාව ලැබෙන ලෙස අධිෂ්ඨාන කළේය.


ඒ සමඟම පේත ජීවියාගේ අවුල් වූ සිත එකඟවන්නට පටන් ගත්තේය. යළිත් දින දහහතරක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.


සති දෙකකට පසු අමරසිංහ යළිත් පැමිණියේය. එදින ද ඔහු ප්‍රලය විය.


”කව්ද මේ?”


”මම විල්බට්”


”දැන් කොහොමද?”


”මහත්තයා දැන් නම් ටික ටික හිත එකඟ වෙනවා. බෝධි පූජාවලට පුතා යන කොට මමත් ගියා. බෝධි පූජා කටයුතු කෙරෙන හැටි බලාගෙන ඉන්නකොට මට අතීතය මතක් වුණා. පන්සලේ වැඩ කළ හැටි, දාන මාන දුන් හැටි මතක් වුණා. අඬ අඬා හිටපු මගේ හිතට තරමක සැනසිල්ලක් සුවයක් වගේ දැනුණා. පුතා මල් පහන් පූජා කරන කොට මමත් ඒවාට අතගැහුවා”


”හොඳයි දැන් මම පුතාට කියනවා තාත්තා වෙනුවෙන් දානයක් දී පින් අනුමෝදන් කරන්න කියලා. හාමුදුරුවරු දහ නමකට වඩා ගෙදරට වඩම්මා උසස් අන්දමින් දානයක් දෙන්න කියලා. ඒ දානය දෙනතුරු තමුන් ජීවත්ව සිටියදී කළ යහපත් වැඩ මතක් කරන්න. පුතා දානය දී පින් අනුමෝදන් කරාවි. මේ පින කියන්නේ සතුට. දානයක් හෝ වෙනත් කුසලයක් සිදු කැර එයින් සිතේ මතුවන සතුට ශක්තියක්. ඒ පුණ්‍ය ශක්තිය තමුන්ට අනුමෝදන් කරාවි. තමනුත් ඒ ගැන සතුටු වෙන්න. එතකොට පින අනුමෝදන් වේවි.”


”දැන් තමුන් හොඳට මතක තියාගන්න දැන් තමුන් ඉන්නේ ප්‍රේත ආත්මයක. ගෙදරට සීමා වෙලා දුක්විඳිනවා. පින් අනුමෝදන් වුණාම ඉහළ තලයකට තමුන්ට යන්න පුළුවන්. එතකොට තමුන් විල්බට් නොවෙයි. දෙවි කෙනෙක්.”


මෙසේ උපදෙස් දෙන විට ප්‍රේත ජීවියාගේ අඬන ගති අඩු වී ගියේය. පින් අනුමෝදන් වී නිවස අතහැර ඉහළ තලයකට යන විට ඒ බව දැනගන්නට ලකුණක් තබා යන ලෙස ද ගවේෂකවරයා දැනුම් දුන්නේය.


ඒ උපදෙස් පරිදි අමරසිංහ සාංඝික දානයක් සූදානම් කළේය. තාත්තාගේ ඉඩම්වලින් වී හාල් පොල් කොස් ආදිය ද දානයට යොදා ගත්තේ තාත්තා ඇතුළු පරම්පරාගත මුතුන්මිත්තනට ද මේ දානයේ දායකත්වය ලැබෙන මේ දානය ඔවුන්ගේ දානයක් ලෙස පිළිගනිත්වා යන අදහස ද ඇතුවය.
දානයට වැඩම කළ ගමේ පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ද විල්බට් ජීවත්ව සිටිය දී ගමේත් පන්සලේත් පොදු වැඩවලට දායක වූ හැටි ද දන් පැන් දුන් හැටි ද ප්‍රකාශ කළහ. ඒ අවස්ථාවේ ද විල්බට් ගේ පේ‍්‍රත ජීවී ආත්මයට පෙර පින් මතක් වී සිත ප්‍රසන්න වුවේය. දානය අවසන් වී විල්බට් ගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන විට ඔහු ඉහළ තලයකට ගියේය.


දානය අවසන් වී ස්වාමීන් වහන්සේ නිවසින් බැහැරට වඩින විට ම වාගේ නිවස ඇතුළතින් ‘දඩාං’ යන හඬක් ඇසුණි. කාමරයක් තුළ තිබූ අල්මාරියක දොර ඉබේ ම ඇරී තිබුණි. ඒ අල්මාරිය තුළ අමරසිංහගේ පියා ජීවත්ව සිටිය දී ආහාර ගත් පිඟාන සිහිවටනයක් ලෙස තබා තිබුණි. ඒ පිඟාන බිමට වැටී හඬ නගා කෑලි කෑලිවලට බිඳී තිබුණි.


ඇසිදිසි මානයෙන් ඔබ්බට :eek::eek::eek: මෙම තොරතුරු මා වෙත සැපයූ එම සොයුරාට හා පන්සලේ හාමුදුරුවන්ට විශේශ ස්තූතිය :yes:



මේ ලෝකයේ පෙනෙන දේට වඩා නොපෙනෙන දේවල් වැඩිබව මතකයෙ තබාගන්න.. සැමටම තෙරුවන් සරණයි
 
Last edited:
  • Like
Reactions: DemonAkalanka

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
that's right bro....science can't explain everything.science is the sum of many models...it's sad that some people talk like they know everything when in reality they are just afraid to accept what's out there
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Mama holman awathara tiyanawae kiyala piligannawa. Eth tawama ahata dakala ne. Mage ganaya Manushya.. Ada raata dakida danneth ne. Yaluwekuge weddingmak. Eddi raa wewi. Dakkoth uba tamae.